ගීතාවලිය 56

56
අනතුරේ දී දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය
පිලිස්තිවරුන් ගාත් නම් ස්ථානයේ දී දාවිත් අල්ලාගත් පසු ඔහු ලියූ සෙල් ලිපියකි.
1 # 1 සාමු 21:13-15 දෙවිඳුනි, මට දයා වුව මැනව.
මිනිස්සු මා ලුහුබැඳ එන්නෝ ය;
දවස පුරා ඔව්හු මට පීඩා කරන්නෝ ය.
2සතුරෝ දවස පුරා මා ලුහුබැඳ එන්නෝ ය.
මට එරෙහි ව කොපමණ අය සටන් කරන්නෝ ද?
3අතිඋතුම් දෙවිඳුනි, යම් දිනෙක මම බිය වන්නෙම් ද?
එදින මම ඔබ තුළ විශ්වාසය තබන්නෙමි.
4මම දෙවිඳුන්ගේ වචනය පසසන්නෙමි;
මම නොබිය ව, එතුමාණෝ තුළ විශ්වාසය තබන්නෙමි.
සතුරන් විසින් මට කරනු ලැබිය හැකි දෙයක් ඇද් ද?
5ඔව්හු දවස පුරා මට ගරහන්නෝ ය;
ඔවුන්ගේ එක ම අදහස මට නපුරක් කිරීම වන්නේ ය.
6ඔව්හු කුමන්ත්‍රණය කරමින් සැඟවී සිට, මා යන එන විට බලා සිටින්නෝ ය;
මා වැනසීමට නිරතුරු බලා සිටින්නෝ ය.
7ඔවුන්ගේ අපරාධයට විපාක දුන මැනව;
අහෝ දෙවිඳුනි!
උදහස් වී ඔබ ඒ ජනයා පරාජය කළ මැනව.
8මාගේ කන්නලව්ව ඔබ ම සටහන් කළ මැනව;
ඔබේ බඳුනෙහි මාගේ කඳුළු එකතු කළ මැනව;
ඒවා ඔබේ පොතේ සටහන් වී නැද් ද?
9මා ඔබ අයැදින දවසෙහි මාගේ සතුරෝ පසු බැස යන්නෝ ය.
දෙවිඳුන් මට පක්ෂ බව එවිට මම දැනගන්නෙමි.
10මම දෙවිඳුන්ගේ වචනය පසසන්නෙමි;
දෙවිඳුන්ගේ වචනය ගැන උදන් අනන්නෙමි.
11දෙවිඳුන් කෙරෙහි නොබිය ව මාගේ විශ්වාසය තබන්නෙමි;
මිනිසා මට කුමන අනතුරක් කිරීමට සමත් වන්නේ ද?
12දෙවිඳුනි, ඔබට පොරොන්දු වූ බාරහාර මම ඉටු කරන්නෙමි;
ඔබට තුති පූජා පුදන්නෙමි.
13මන්ද, ඔබ, මා මරණින් මිදූ සේක.
මාගේ පාද පැකිළීමෙන් වැළැක්වූ සේක.
එසේ කෙළේ, ජීවනාලෝකයෙහි දෙවිඳුන් අබියස මා හැසිරෙන පිණිස ය.

දැනට තෝරාගෙන ඇත:

ගීතාවලිය 56: SNRV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න