යෙසායා 4
4
1ඒ දවසේ කාන්තාවන් හත් දෙනෙක්,
එක් පිරිමියකු අල්ලාගෙන,
“අපගේ ආහාර හා
අපගේ ඇඳුම් අප ම සපයා ගන්නම්.
ඔබේ නාමය දරන්නට පමණක් අපට ඉඩ දෙන්න.
නින්දාව අප වෙතින් පහ කරන්නැ” යි
කියනු ඇත.
ස්වාමින්වහන්සේගේ ශාඛාව
2ඒ දවසේ ස්වාමින්වහන්සේගේ ශාඛාව ශෝභමාන වනු ඇත; තේජමාන වනු ඇත. දේශයේ පලය, ඉශ්‍රායෙල්හි ජීවත් ව ඉතිරි ව සිටින්නන්ගේ ආඩම්බරය ද තේජස ද වනු ඇත. 3සියොනෙහි ඉතිරි ව සිටින්නන් ද නො නැසී යෙරුසලමෙහි පැවත සිටින්නන් ද වන යෙරුසලමෙහි ජීවතුන් අතර ලියවුණු සියල්ලෝ ශුද්ධ යයි අමතනු ලබන්නෝ ය. 4සියොන් දූවරුන්ගේ අපවිත්‍රතාව ස්වාමින්වහන්සේ සෝදා හරින සේක; උන්වහන්සේ විනිශ්චයේ ආත්මයක් හා අග්නි ආත්මයක් මගින් යෙරුසලම වෙතින් ලේ පැල්ලම් ඉවත් කරන සේක. 5එවිට ස්වාමින්වහන්සේ මුළු සියොන් කඳු බිමට ඉහළින් හා එතැනට එක් රැස් වන්නන්ට ඉහළින් දහවලේදී දුම් වලාවක් ද රැයේදී ඇවිළෙන ගින්නක දීප්තියක් ද මවාලන සේක. මුළු තේජසට ඉහළින් උඩු වියනක් වන්නේ ය. 6එය, දහවලේ තාපයට සෙවණක් හා මුවාවක් ද කුණාටුව හා වැස්සට සුරැකුම් පොළක් හා සැඟවුම් හලක් ද වනු ඇත.
දැනට තෝරාගෙන ඇත:
යෙසායා 4: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.