1
දේශනාකරු 8:15
සිංහල කාලීන පරිවර්තනය
SCV
එබැවින් මම ප්‍රීතිය විඳීම අගේ කරමි. මන්ද කා, බී සැනැහී ප්‍රීතිවීමට වඩා වැඩි සෙතක් හිරු යට මිනිසාට නැත. එවිට දෙවියන්වහන්සේ හිරු යට ඔහුට දුන් ඔහුගේ ජීවිතයේ සියලු දවස්වල ඔහුගේ වැඩ කටයුතු සමඟ ප්‍රීතිය ද වන්නේ ය.
සසඳන්න
දේශනාකරු 8:15 ගවේෂණය කරන්න
2
දේශනාකරු 8:12
දුෂ්ටයකු අපරාධ සියයක් සිදුකර ඉන්පසුවත්, දිගු කලක් ජීවත් වුව ද, දෙවියන්වහන්සේ ඉදිරියේ ගරු බුහුමනට පාත්‍ර වූ, දෙවියන්වහන්සේට භය පක්ෂපාතී වූවනට සෙත සැලසෙන වග මම දනිමි.
දේශනාකරු 8:12 ගවේෂණය කරන්න
3
දේශනාකරු 8:6
මනුෂ්‍යයාගේ දුක්ඛිතභාවය ඔහු පිට අධික බරක් වූවත් හැම දේකට ම නිසි කාලයක් හා පිළිවෙලක් ඇත.
දේශනාකරු 8:6 ගවේෂණය කරන්න
4
දේශනාකරු 8:8
ජීවන හුස්ම නවතා ගැනීමේ බලය කිසිවකුටත් නැත; එබැවින් තම මැරෙන දවස ගැන බලයක් කවරකුටවත් නැත. සංග්‍රාමයකදී යුද්ධ-සේවයෙන් කිසිවකු නිදහස් නො කෙරෙන්නා සේ ම දුෂ්ටකම, දුෂ්ටකම් කරන්නා එයින් නිදහස් කරන්නේ නැත.
දේශනාකරු 8:8 ගවේෂණය කරන්න
5
දේශනාකරු 8:11
අපරාධයකට දෙන දඬුවම ඉක්මනින් ක්‍රියාත්මක නො වන කල, මිනිස් හදවත් නපුර කරන්නට උත්සුක වෙයි.
දේශනාකරු 8:11 ගවේෂණය කරන්න
6
දේශනාකරු 8:14
මිහි පිට සිදුවන තවත් නිරර්ථක දෙයක් ඇත; ඒ ධර්මිෂ්ඨයින් දුෂ්ටයින්ගේ විපාකය ලැබීමත්, දුෂ්ටයින් දමිටුන්ගේ විපාකය ලැබීමත් ය. මා කියන්නේ මේකත් නිරර්ථකයක් ම වගයි.
දේශනාකරු 8:14 ගවේෂණය කරන්න
7
දේශනාකරු 8:7
කිසි කෙනකු අනාගතය නො දන්නා බැවින්, සිදු වන්නේ කුමක් දැයි කෙනකුට කිව හැක්කේ කවරකුට ද?
දේශනාකරු 8:7 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ