1
ධර්මදේශකයා 8:15
Sinhala New Revised Version 2018
SNRV
දෙවිඳාණන් මිහි පිට මිනිසෙකුට දෙන ලුහුඬු ජීවිතයේ දී, කා බී විනෝද වීමට වැඩි අන් කිසි සැපතක් ඔහුගේ ජීවන සටනේ දී ඔහුට ඇද් ද? දෙවියන් වහන්සේ ඔහුට මිහි පිට දෙන ජීවිත කාලයේ දී ඔහුගේ ශ්රමයෙන් ඔහුට ඉතිරි වන්නේ මෙපමණ ය.
සසඳන්න
ධර්මදේශකයා 8:15 ගවේෂණය කරන්න
2
ධර්මදේශකයා 8:12
පව්කාරයෙකු සිය වරක් නපුර කර බොහෝ කල් ජීවත් වුවත්, දෙවියන් වහන්සේට ගරුබිය පාන අයට එනම්, උන් වහන්සේ ඉදිරියෙහි ගරුබිය පාන අයට යහපත සිදුවන බව මම සැබැවින් ම දනිමි.
ධර්මදේශකයා 8:12 ගවේෂණය කරන්න
3
ධර්මදේශකයා 8:6
මන්ද, හැම කාරණයට ම වේලාවක් හා පිළිවෙළක් ඇත. එහෙත්, අපේ දැනුම ඉතා ස්වල්ප ය.
ධර්මදේශකයා 8:6 ගවේෂණය කරන්න
4
ධර්මදේශකයා 8:8
මරණයෙන් වැළකීමට වත්, මරණය කල් දැමීමට වත් කෙනෙකුට නොහැකි ය. සටනෙන් මිදීමකුත් නැත; දුෂ්ටයාට, දුෂ්ටකම නිසා නිදහස්වීමක් නැත.
ධර්මදේශකයා 8:8 ගවේෂණය කරන්න
5
ධර්මදේශකයා 8:11
නපුරු ක්රියාවකට විරුද්ධ ව නඩු තීන්දුව ඉක්මනින් ඉටු නොවන නිසා මිනිසුන්ගේ සිත් නපුර කිරීමට ඇදී යන්නේ ය.
ධර්මදේශකයා 8:11 ගවේෂණය කරන්න
6
ධර්මදේශකයා 8:14
මිහි මත දක්නට ඇති නිසරු දෙයක් වේ. එනම්, පවිටුන්ට සිදු විය යුතු දෙය දමිටුන්ට ද දමිටුන්ට සිදු විය යුතු දෙය පවිටුන්ට ද සිදු වීම ය. මෙය ද නිසරු දෙයකි.
ධර්මදේශකයා 8:14 ගවේෂණය කරන්න
7
ධර්මදේශකයා 8:7
මතු දවස කුමක් සිදු වනු ඇද්දැ යි අපි නොදනිමු. එය අපට දැන්වීමට හැකි කෙනෙක් ද නැත.
ධර්මදේශකයා 8:7 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ