1
ශුද්ධවර මතෙව් 5:15-16
Sinhala New Revised Version
NRSV
මිනිස්සු පහනක් දල්වා එය බඳුනක් යට නොව පහන් රුකක් මත තබති; එවිට එය ගෙදර වැසි සියල්ලන්ට එළිය දෙයි. එමෙන්ම මිනිසුන් ඔබේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි වැඩ වසන ඔබේ පියාණන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස, ඔබේ ආලෝකය ඔවුන් ඉදිරියෙහි බබළවන්න.”
Сравнить
Изучить ශුද්ධවර මතෙව් 5:15-16
2
ශුද්ධවර මතෙව් 5:14
“ඔබ ලෝකයේ ආලෝකය ය. කන්දක් මත පිහිටි නුවරක් සැඟවිය නොහැකි ය.
Изучить ශුද්ධවර මතෙව් 5:14
3
ශුද්ධවර මතෙව් 5:8
නිර්මල සිත් ඇත්තෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු දෙවියන් වහන්සේ දකින්නෝ ය.
Изучить ශුද්ධවර මතෙව් 5:8
4
ශුද්ධවර මතෙව් 5:6
යුක්තියට සාපිපාසා ඇත්තෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු තෘප්තිමත් වන්නෝ ය
Изучить ශුද්ධවර මතෙව් 5:6
5
ශුද්ධවර මතෙව් 5:44
එහෙත් මම ඔබට කියමි, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න; ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න.
Изучить ශුද්ධවර මතෙව් 5:44
6
ශුද්ධවර මතෙව් 5:3
“බැගෑ සිතින් දෙවි සරණ පතන්නෝ භාග්‍යවන්තයෝ ය; ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය.
Изучить ශුද්ධවර මතෙව් 5:3
7
ශුද්ධවර මතෙව් 5:9
සාමය ඇති කරන්නෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය යි කියනු ලබන්නෝ ය.
Изучить ශුද්ධවර මතෙව් 5:9
8
ශුද්ධවර මතෙව් 5:4
ශෝක වන්නෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු සැනසීම ලබන්නෝ ය.
Изучить ශුද්ධවර මතෙව් 5:4
9
ශුද්ධවර මතෙව් 5:10
යුක්තිය උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝ ය; ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය
Изучить ශුද්ධවර මතෙව් 5:10
10
ශුද්ධවර මතෙව් 5:7
දයාවන්තයෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු දයාව ලබන්නෝ ය.
Изучить ශුද්ධවර මතෙව් 5:7
11
ශුද්ධවර මතෙව් 5:11-12
මිනිසුන් මා නිසා ඔබට නින්දා පීඩා කොට, නානා විධ අසත්‍ය චෝදනා නඟන කල ඔබ භාග්‍යවන්තයෝ ය; ප්‍රීති ප්‍රමෝද වන්න; මන්ද, ස්වර්ගයෙහි ඔබේ පලවිපාකය ඉමහත් ය. ඔබට පෙර සිටි දිවැසිවරයන්ටත් ඔව්හු එලෙස ම පීඩා කළහ.”
Изучить ශුද්ධවර මතෙව් 5:11-12
12
ශුද්ධවර මතෙව් 5:5
නිහතමානී ගුණ ඇත්තෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු දේශය උරුම කර ගන්නෝ ය.
Изучить ශුද්ධවර මතෙව් 5:5
13
ශුද්ධවර මතෙව් 5:13
“ඔබ පොළොවේ ලුණු ය. ලුණෙහි ලුණු ගතිය නැති වුවහොත්, එයට ලුණු රස කවන්නේ කුමකින් ද? ඉන්පසු ඒවා ඉවත දමනු ලබන්නට ද, මිනිසුන්ගේ පයින් පාගනු ලබන්නට ද මිස, අන් කිසිවකට සුදුසු නැත.
Изучить ශුද්ධවර මතෙව් 5:13
14
ශුද්ධවර මතෙව් 5:48
එබැවින් ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ සර්ව සම්පූර්ණ ව සිටින්නාක් මෙන් ඔබ ද සර්ව සම්පූර්ණ වන්න.”
Изучить ශුද්ධවර මතෙව් 5:48
15
ශුද්ධවර මතෙව් 5:37
ඔබේ අදහස ‘එසේ ය’ කීම නම්, ‘එසේ ය’ කියා ද, ‘නැත’ කීම නම්, ‘නැත’ කියා ද වේ වා. ඊට වැඩිමනත් යමක් ඇද්ද, එය එන්නේ නපුරාගෙන් ය.”
Изучить ශුද්ධවර මතෙව් 5:37
16
ශුද්ධවර මතෙව් 5:38-39
“ ‘ඇසට ඇස ය, දතට දත ය’ යන කීම ඔබ අසා ඇත. එහෙත්, මම ඔබට කියමි, එදිරිකාරයාට විරුද්ධ ව එකට එක නොකරන්න. යමෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත්, ඔහුට අනික් කම්මුල ද හරවන්න.
Изучить ශුද්ධවර මතෙව් 5:38-39
17
ශුද්ධවර මතෙව් 5:29-30
වරදට වැටීමට හේතුව ඔබේ දකුණැස නම්, එය උගුලා ඉවත ලන්න; මුළු ශරීරය නිරයෙහි හෙළනු ලැබීමට වඩා ඔබේ අවයවවලින් එකක් නැති වීම ඔබට යහපත. වරදට වැටීමට හේතුව ඔබේ දකුණත නම්, එය කපා දමන්න; මුළු ශරීරය නිරාගත වීමට වඩා ඔබේ අවයවවලින් එකක් නැති වීම ඔබට යහපත.
Изучить ශුද්ධවර මතෙව් 5:29-30