උත්පත්ති 9
9
නෝවා සමඟ දෙවියන් වහන්සේගේ ගිවිසුම
1 #
උත් 1:28 දෙවියන් වහන්සේ නෝවාටත්, ඔහුගේ පුත්‍රයන්ටත් ආශීර්වාද කරමින් මෙසේ වදාළ සේක: “නුඹලා දරුසම්පත් ලබා, වැඩි වර්ධනය වී, පොළොව පුරා පැතිර යන්න. 2පොළොවේ සියලු වන සතුන් තුළ ද, අහසේ සියලු පක්ෂීන් තුළ ද, උරගයන් තුළ ද, මුහුදේ සියලු මසුන් තුළ ද නුඹලා කෙරෙහි බිය හා තැතිගැන්ම ඇති වන්නේ ය. මම උන් කෙරෙහි බලය නුඹලාට පවරමි. 3මා නිල්වන් පැලෑටි නුඹලාට දුන් ලෙස සියලු සතුන් ද, නුඹලාට ආහාර පිණිස දෙමි. 4#ලෙවී 7:26-27; 17:10-14; 19:26; ද්වි.නී. 12:16,23; 15:23එහෙත්, ජීව ධාතුව වන ලෙය සමඟ මස් නුඹලා නොකෑ යුතු ය. 5යමෙකු නුඹ මැරුවොත් මම ඔහුට මරණීය දඬුවම දෙමි. සතෙකු හෝ මිනිසෙකු හෝ නුඹ මැරුවොත් මම ඌ හෝ ඔහු හෝ වනසා දමමි. මිනිසා මිනිසෙකු මැරුවොත් මම ඔහු ද වනසාලමි.
6මිනිසා, මිනිසෙකුගේ ලේ වගුරුවයි ද ඔහුගේ ලේ ද මිනිසෙකු විසින් ම වගුරුවනු ලැබේ.
#
උත් 1:26; නික්ම 20:13 ඒ මන්ද, මිනිසා, දෙවියන් වහන්සේගේ ස්වරූපය අනුව මවනු ලැබූ බැවිනි.
7 #
උත් 1:28 “නුඹලා දරුසම්පත් ලබා, වැඩි වර්ධනය වී, ලොව පුරා පැතිර එය යටත් කරගන්න.”
8දෙවියන් වහන්සේ නෝවාට ද ඔහුගේ පුත්‍රයන්ට ද කතා කොට, 9“මෙන්න, මම නුඹලා සමඟ ද නුඹලාගේ පෙළපත සමඟ ද 10නුඹලා සමඟ නැවෙන් නික්මුණු සියලු ජීවමාන සතුන් වන, පක්ෂීන්, ගවමහිෂයන් හා මෘගයන් සමඟ ද ගිවිසුමක් පිහිටුවමි. 11නුඹලා සමඟ පිහිටුවන ලද ගිවිසුම වනාහි මින්පසු කවදා වත් ජලගැල්මකින් සියලු ජීවමාන සතුන් විනාශ කරනු නොලබන බවත්, මින්පසු කවදා වත් ජලගැල්මකින් මහ පොළොව වනසනු නොලබන බවත් ය”යි වදාළ සේක.
12තවද, දෙවියන් වහන්සේ කතා කොට, “මා හා නුඹලා ද, නුඹලා සමඟ සිටින සියලු ජීවමාන සතුන් ද අතර, මතු සියලු පරම්පරාවන් සඳහා මා පිහිටුවන ගිවිසුම් ලකුණ නම් මෙය යි. 13වලාකුළුවල මම මාගේ දේදුන්න තබමි; මා හා ලෝකයා අතර පිහිටුවන ලද ගිවිසුම් ලකුණ එය වන්නේ ය. 14පොළොවට ඉහළින් වලාකුළු පැමිණ වලාකුළු අතර දේදුන්න දිස්වන කල, 15මා හා නුඹලා ද, සියලු ජීවමාන සතුන් ද අතර මින් මතු කවදා වත් ජලගැල්මකින් සියලු ජීවමාන සතුන් විනාශ නොකිරීමට පිහිටුවාගත් ගිවිසුම සිහි කරන්නෙමි. 16වලාකුළු අතර දේදුන්න පෙනෙන විට, මම එය දෙස බලන්නෙමි. එය දැක, මා හා මිහි පිට සියලු ජීවමාන සතුන් අතර පිහිටෙවු සදාතන ගිවිසුම සිහි කරන්නෙමි”යි වදාළ සේක.
17දෙවියන් වහන්සේ නෝවාට කතා කොට, “මා හා මිහි පිට සියලු ජීවමාන සතුන් අතර පිහිටුවන ලද ගිවිසුම් ලකුණ මේ ය”යි වදාළ සේක.
නෝවා සහ ඔහුගේ පුත්‍රයෝ
18නැවෙන් පිටතට පැමිණි නෝවාගේ පුත්‍රයෝ නම් ෂෙම්, හාම් සහ ජපෙත් ය. හාම් කානාන්ගේ පියා ය. 19පොළොව පුරා මුළු ජනගහණය ඇති වූයේ නෝවාගේ මේ පුතුන් තිදෙනාගෙන් ය.
20ගොවියෙකු වූ නෝවා මිදි වත්තක් වැවූ පළමු මිනිසා විය. 21ඔහු මිදියුස පානය කොට, වෙරිමත් ව, සිය කූඩාරමෙහි නග්න ව වැතිර සිටියේ ය. 22කානාන්ගේ පියා වන හාම් සිය පියාගේ නග්න භාවය දුටු විට, ඔහු ගොස් පිටත සිටි තමාගේ සොහොයුරන් දෙදෙනාට එපවත් කී ය. 23එවිට ෂෙම් හා ජපෙත් සළුවක් ගෙන, උරහිස් මත තබා ගෙන, පස්සෙන් පස්සට ගොස්, සිය පියාගේ නග්න භාවය වසා දැමූ හ; ඔව්හු තම පියාගේ නග්න භාවය නොදකින ලෙස තමන්ගේ මුහුණු අහකට හරවා ගෙන සිටිය හ.
24නෝවා ද, වෙරි මත සිඳුණු පසු පිබිද, තම බාල පුත්‍රයා තමාට කළ දේ දැන ගත් විට,
25“කානාන් සාප ලද්දෙක් වේ වා!
ඔහු තම සහෝදරයන්ගේ දාසයන්ට දාසයෙක් වේ වා!”යි කී ය.
26ඔහු තවදුරටත් කතා කරමින්, “ෂෙම්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා!
කානාන් ෂෙම්ගේ වහලෙක් වේ වා!”යි ද,
27“දෙවියෝ ජපෙත් වර්ධනය වන්නට සලසත් වා!
ඔහුගේ පෙළපත ෂෙම්ගේ ජනයා සමඟ වාසය කරත් වා!
කානාන් ජපෙත්ගේ ද වහලෙක් වේ වා”යි ද කී ය.
28මහා ජලගැල්මෙන් පසු නෝවා අවුරුදු තුන්සිය පණහක් ජීවත් විය. 29ඔහු අවුරුදු නවසිය පණහක් ආයු වළඳා මියගියේය.
Šiuo metu pasirinkta:
උත්පත්ති 9: SNRV
Paryškinti
Kopijuoti
Palyginti
Dalintis
Norite, kad paryškinimai būtų įrašyti visuose jūsų įrenginiuose? Prisijunkite arba registruokitės