නික්මයාම හැඳින්වීම
හැඳින්වීම
මේ පොත ලියා ඇත්තේ ඉශ්රායෙල් වංශ කථාවේ ඇති විශිෂ්ට කේන්ද්‍රීය සිද්ධිය ඇසුරුකොටගෙන ය. ඒ සිද්ධිය නම්, මිසර දේශයෙහි වහල්කමට පාත්‍ර වී සිටි ඉශ්රායෙල් ජනතාව දෙවියන් වහන්සේගේ මැදහත් වීමෙන් නිදහස ලබාගත් පසු ඔවුන් එම දේශයෙන් පොරොන්දු දේශය බලා නික්මයාම ය. මේ පොත කොටස් තුනකට බෙදිය හැකි ය.
මෙහි අඩංගු කරුණු:
පරිච්ඡේද 1–18 ඉශ්රායෙල් ජනතාව වහල්කමින් මිදී සීනයි කන්ද බලා නික්මයාම.
පරිච්ඡේද 19–24 සීනයි කන්ද මත දෙවියන් වහන්සේ සමඟ කළ ගිවිසුම.
පරිච්ඡේද 25–40 දේව නමස්කාරය සඳහා ශුද්ධස්ථානයක් ගොඩනැඟීම සහ පූජකවරුන් ද, දේව නමස්කාරය ද පිළිබඳ නීති රීති.
ඉශ්රායෙල් ජනතාව වහල්කමින් මුදාගෙන ඔවුන්ට විමුක්තිය ලබා දුන් වීර පුරුෂයා මෝසෙස් තුමා ය. ඔහුගේ සේවයත්, ගිවිසුම ලබාගැනීම සඳහා ඔහුගේ මැදහත් වීමත්, මුළු ඉශ්රායෙල් වංශ කථාව කෙරෙහි ඔහු දැක්වූ සර්ව කාලීන බලපෑමත් පිළිබඳ ව මේ ග්‍රන්ථය මැනවින් සාක්ෂි දරයි. පසුව පැමිණි ඉශ්රායෙල් පරපුරට ගොඩනැඟීමට හැකි වනු පිණිස ඉශ්රායෙල්වරුන්ගේ ඇදහිල්ලේ ආධ්‍යාත්මික අත්තිවාරම් ලූ පතාක යෝධයා මෝසෙස් තුමා බව පිළිගත යුතු ය. මෙහි ඉතා හොඳින් කවුරුත් දන්නා කොටස වනාහි 20 වන පරිච්ඡේදයෙහි අඩංගු දස පනත වේ.
Šiuo metu pasirinkta:
නික්මයාම හැඳින්වීම: SNRV
Paryškinti
Kopijuoti
Palyginti
Dalintis
Norite, kad paryškinimai būtų įrašyti visuose jūsų įrenginiuose? Prisijunkite arba registruokitės