හොෂෙයා 3

3
බිරිඳ මුදා ගැනීම
1 ස්වාමින්වහන්සේ මා ඇමතූ සේක්, “නැවත ගොසින්, පරදාරිකාවක් වූ අන් පුරුෂයකුගේ ආදරයට ලක් වූ ස්ත්‍රියකට ආදරය කරන්න. ඔවුන් අන්‍ය දෙවිවරුන් වෙත හැරී, වියළි මිදි කැටිවලට ප්‍රේම කළා වුව ද ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් ජනයාට ප්‍රේම කළා සේ එසේ කරන්නැ” යි පැවසූ සේක.
2එබැවින් මම රිදී ෂෙකෙල් පහළොවක්#3:2 එනම් ග්‍රෑම් 170ක් පමණ. හා යව හෝමෙරයකුත් ලෙතෙකයකට#3:2 එනම් කිලෝග්‍රෑම් 195ක් පමණ. ඇය මිලයට ගෙන, 3පසුව ඇයට මෙසේ කීවෙමි: “නුඹ බොහෝ දවසක් මගේ වී, පැවත සිටිය යුතුයි. නුඹ වේශ්‍යාකම් නො කළ යුතුයි. නුඹ කිසි පිරිමියකුට නො බැඳිය යුතුයි. එවිට මමත් නුඹට එසේ වන්නෙමි” යි පැවසීමි.
4මන්ද ඉශ්‍රායෙල්වරුන් බොහෝ දවසක් රජකු හෝ අධිපතියකු හෝ නැතිව, පුද පූජා හෝ පූජනීය ගල් කුළුණු හෝ නැතිව, ඒපොද් සැට්ටයක් හෝ පිළිම රූප හෝ නැතිව වාසය කරනු ඇත. 5එයින් පසුව ඉශ්‍රායෙල් ජනයා ආපසු අවුත්, ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ හා ඔවුන්ගේ රජු වූ දාවිත් සොයනු ඇත. ස්වාමින්වහන්සේ වෙත හා අවසන් දවස්හි උන්වහන්සේගේ ආශිර්වාද වෙත ඔවුහු භය පක්ෂපාතී ව එන්නෝ ය.

선택된 구절:

හොෂෙයා 3: SCV

하이라이트

공유

비교

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요