හොෂෙයා 4

4
පැමිණිලි චෝදනා
1එම්බා ඉශ්‍රායෙල් ජනයිනි, ස්වාමින්වහන්සේගේ වචනය අසනු;
මන්ද දේශයේ වෙසෙන්නන්ට
ස්වාමින්වහන්සේ වෙතින් දෝෂාරෝපණයක් තියේ.
ඒ, මේ දේශය තුළ විශ්වසනීයත්වයක්, ස්ථිර ප්‍රේමයක් හෝ
දෙවියන්වහන්සේ පිළිබඳ දැනීමක් නැති බැවිනි.
2ඇත්තේ, ශාප-දිවුරුම, මුසාව, මිනී මැරීම,
සොරකම හා පරදාර-කර්මය ය.
ඒවා සියලු කඩඉම් බිඳ-හෙළමින්,
ලේ වැගිරුම් පිට, ලේ වැගිරුම් සිදු කෙරේ.
3ඒ හේතුවෙන් දේශය වැලපෙයි;
එතුළ වෙසෙන සැවොම නාස්ති වී යති.
වනයේ මෘගයින් ද අහස් පක්ෂීන් ද
මුහුදේ මසුන් ද වැනසේ.
4“එහෙත් කිසිවකු චෝදනා නො කරත්වා!
කිසිවකු පැමිණිලි නො කරත්වා!
මන්ද ඔබේ ජනයා, පූජකයකුට එරෙහිව
පැමිණිලිකරන්නකු වැනි ය.
5ඔබ දහවලේ පැකිළේ.
දිවැසිවරු ද ඔබ සමඟ රැයේ පැකිළෙති.
එබැවින්, මම ඔබේ මව විනාශ කරමි.
6දැනගැන්ම නැතිකමින්, මගේ ජනයා විනාශ වී යති.
“මන්ද නුඹ දැනගැන්ම ප්‍රතික්ෂේප කළ බැවින්,
මමත්, මගේ පූජකත්වයෙන් නුඹ ප්‍රතික්ෂේප කරමි.
නුඹේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව නුඹ නො සලකා හැරිය බැවින්,
මමත්, නුඹේ දරු පරපුර නො සලකා හරිමි.
7ඔවුන් වැඩි වන්නට, වැඩි වන්නට,
මට එරෙහි ඔවුන්ගේ පව්-කිරීමත් වැඩි විය.
මම ඔවුන්ගේ මහිමය නින්දාවකට හුවමාරු කරන්නෙමි.
8මගේ ජනයාගේ පාපවලින් ඔවුහු පෝෂණය ලබති;
ඔවුන්ගේ දුෂ්ටකම්වලින් ආශ්වාදය ලබති.
9ජනයා යම් සේ ද පූජකයින් ද එසේ ම ය.
මම ඔවුන්ට ඔවුන්ගේ මාර්ගවලට දඬුවම් කරමි;
ඔවුන් කළ දෑට පල දෙවන්නෙමි.
10“ඔවුන් ආහාර භුක්ති විඳින නමුත්, සෑහීමට පත් වන්නේ නැත.
ඔවුන් වේශ්‍යාකමෙහි ගැලෙන නමුත්, දරුඵල ලබන්නේ නැත.
මන්ද ඔවුන් ස්වාමින්වහන්සේ අත්හැර දැමුවේ
11පරදාර සේවනයටත්,
අලුත් මෙන් ම පරණ මිදි යුෂවලටත් තමන් ම බැඳෙනු පිණිස ය.
ඔවුන්ගේ දැනගැන්ම පහ කරන ලද්දේ එමඟිනි.
12මගේ ජනයා ලී-පිළිමයකින් උපදෙස් පතති;
ලී සැරයටියකින් පිළිතුරු ලබති.
පරදාර කර්මයේ මානසිකත්වය ඔවුන් මංමුළා කොට ඇත.
මන්ද ඔවුහු වේශ්‍යාකම් කිරීමට තමන්ගේ දෙවියන්වහන්සේ අත්හැර දැමුවාහු ය.
13ඔවුහු කඳු මුඳුන්වල යාග ඔප්පු කරති.
හෙල් මත ආලෝන්, ලිබ්නේ හා ඒලා යන
ගස්වල මනරම් සෙවණේ
පුද පූජා දවති.
එබැවින් ඔබගේ දූවරු වේශ්‍යා කර්මයට ද
ඔබේ ලේලීහු පරදාර කර්මයට ද හැරෙති.
14“ඔබගේ දූවරුන්
වේශ්‍යාකමට හැරුණු කල,
ඔබේ ලේලීන් පරදාර කර්මයට හැරුණු කල,
මම ඔවුන්ට දඬුවම් නො කරමි.
මන්ද පිරිමි ද වේශ්‍යාවන් හා යා වෙති.
දේවාල ගණිකාවන් සමඟ යාග කරති.
වැටහීමෙන් තොර ජනතාවක් මෙසේ වැනසී යන හැටි!
15“එම්බා ඉශ්‍රායෙල්වරුනි, නුඹලා වේශ්‍යාකමෙහි ගැලුන ද,
යූදා වරදට පත් නො වෙත්වා!
“ගිල්ගාල් වෙත නො යන්න;
බෙත්-ආවෙන් වෙත ළඟා නො වන්න.
ස්වාමින්වහන්සේ ජීවත් වන්නා සේ ම’ යනුවෙන් නො දිවුරන්න.
16මුරණ්ඩු ගව-නෑම්බියක සේ,
ඉශ්‍රායෙල්වරුන් මුරණ්ඩු ය.
තණ පිටියක බැටළු පැටවුන් කවන්නා සේ
ස්වාමින්වහන්සේ ඔවුන් පෝෂණ කරන්නේ කෙසේ ද?
17එප්‍රායිම්, පිළිම රූප සමඟ එකතු විය.
ඔහු එසේ සිටියාවේ!
18ඔවුහු රහමෙර බී වෙරි වූ කල්හි,
වේශ්‍යාකමෙහි දිගට ම යෙදෙති.
ඔවුන්ගේ පාලකයින් නිර්ලජ්ජිත මාර්ගවලට අතිශය ආලය වෙති.
19සුළි සුළඟක් තම තටුවලින් ඔවුන් ඔතාගනු ඇත.
ඔවුන්ගේ යාග පූජා ගැන ඔවුන් ම නින්දාවට පත් වනු ඇත.

선택된 구절:

හොෂෙයා 4: SCV

하이라이트

공유

비교

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요