හොෂෙයා 2

2
1“ඔබගේ සහෝදරයින්ට, ‘මගේ ජනයා#2:1 මගේ ජනයා හෙබ්‍රෙව් අම්මී’ කියා ද ඔබගේ සහෝදරියනට, ‘අනුකම්පා ලද්දී#2:1 අනුකම්පා ලද්දී හෙබ්‍රෙව් රුහාමා’ කියා ද කියන්න.
ඉශ්‍රායෙලයට දඬුවම් කිරීම හා නැවත පිහිටුවීම
2“ඔබගේ මවට චෝදනා නගන්න; ඇයට චෝදනා නගන්න.
ඇය මගේ බිරිඳ නො වේ;
මා ඇයගේ සැමියා ද නො වේ.
ඇය ඇගේ මුහුණෙන් වෙසඟන පෙනුම ද
ඇගේ පියයුරු අතරින් වේශ්‍යාකම ද අහක් කර ගනීවා.
3එසේ නො කළහොත්, ඇය උපන් දා සිටියාක් මෙන්
මම ඇය නග්න කරන්නෙමි.
මම ඇය කරවූ, වියළි බිමක් කර,
ඇය කාන්තාරයක් බවට හරවා,
පිපාසයෙන් ඇය මරන්නෙමි.
4ඇගේ දරුවන්ට මගේ අනුකම්පාවක් නැත,
මන්ද ඔවුහු වේශ්‍යාකමේ දරුවෝ ය;
5ඔවුන්ගේ මව වේශ්‍යාකමේ හැසිරී,
ඇය ඔවුන් ගැබ්ගත්තේ නින්දිත ව ය.
ඇය කියා සිටියේ, ‘මගේ රොටි හා මගේ ජලය ද
මගේ ලොම් හා මගේ හණ ඇඳුම් ද මගේ තෙල් හා මගේ බීම ද දෙන
මගේ පෙම්වතුන් පස්සේ යමි’ කියා ය.
6එබැවින් මම, ඇගේ මාර්ගය කටු පඳුරින් අවුරන්නෙමි.
ඇගේ පාර, ඇයට සොයාගත නො හැකි වන සේ මම තාප්පයක් බඳින්නෙමි.
7ඇය ඇගේ පෙම්වතුන් පස්සේ හඹා යන නමුදු, ඔවුන් අල්ලා ගන්නේ නැත.
ඇය ඔවුන් සොයන නමුදු, ඇයට ඔවුන් හමුවන්නේ නැත.
එවිට ඇය,
‘මම ගොසින්, මගේ පළමු සැමියා වෙත ආපසු යන්නෙමි.
මන්ද එකල දැනට වඩා මට හොඳ ව තිබුණේ’ යැයි කියනු ඇත.
8ඇගේ ධාන්‍ය, අලුත් මිදි යුෂ හා තෙල් ද
බාල් දේවතාවාට පිදීමට ඔවුන් භාවිත කළ
අප්‍රමාණ වූ රිදී හා රන් ද
ඇයට දුන්නේ මා වග ඇය දන්නේ නැත.
9“එබැවින් නිසි කාලයේදී මගේ ධාන්‍ය ද
නිසි කාලයේදී මගේ අලුත් මිදි යුෂ ද
ඇගේ නිරුවත වසා ගන්නට ගැනෙන
මගේ ලොම්-පිළි හා හණ පිළි ද මම ආපසු ගනිමි.
10ඇගේ ආදරවන්තයින්ගේ ඇස් හමුවේ,
දැන් මම ඇගේ සල්ලාලකම හෙළි කරන්නෙමි.
මගේ අතින් ඇය මුදා ගන්නා කෙනෙක් නැත.
11ඇගේ සියලු ප්‍රමෝදයන් වන
ඇගේ වාර්ෂික උත්සව, ඇගේ සබත්, ඇගේ නව සඳ දවස්,
ඇගේ සියලු සම්මත සැමරුම් උත්සව මම නිමාවට පත් කරන්නෙමි.
12තම ආදරවතුන්ගෙන් ලද මගේ ගාස්තු මේයැයි ඇය කී,
ඇගේ මිදි වතු හා අත්තික්කා ගස් මම විනාශ කරන්නෙමි.
මම ඒවා කැලෑ බවට පත් කරන්නෙමි:
වන සීපාවුන් ඒවා කා දමනු ඇත.
13බාල් දෙවියාට ඇය සුවඳ දුම් දැවූ සමය ගැන,
මම ඇයට දඬුවම් කරමි.
මුදු හා කන කර අබරණ පැලඳ,
ඇගේ ආදරවන්තයින් පසු පස ගිය ඈ
මා අමතක කළා යැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
14“එබැවින් මෙන්න! මම ඇය පොලඹවා ගෙන,
පාළුකරයට කැඳවාගෙන ගොස්,
මුදු වදනින් ඇයට කතා කරන්නෙමි.
15එහිදී මම ඇගේ මිදි වතු ආපසු ඇයට දී,
ආකොර්#2:15 ආකොර් එනම් විපත්තිය මිටියාවත, බලාපොරොත්තුවේ දොරක් කරන්නෙමි.
එහිදී ඇය ඇගේ යෞවනයේ දවස්හි දී මෙන්
ඇය ඊජිප්තු දේශයෙන් පැමිණි දවස්හි දී මෙන් මට ප්‍රතිචාර දක්වනු ඇත.
16ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක:
‘ඒ දවසේදී ඔබ මට, “මගේ සැමියා” යි කියනු ඇත.
තවදුරටත් ඔබ මට, “මගේ බාල් යැ” යි කියනු නැත.
17මන්ද මම ඇගේ දෙතොලතරින් බාල් දේවතා නාම පහ කරන්නෙමි.
තවදුරටත් ඔවුන්ගේ නාම භාවිත කෙරෙන්නේ නැත.
18ඒ දවසේ මම ඔවුන් උදෙසා,
වන මෘගයින් ද අහස් පක්ෂීන් ද
බිම බඩ ගා ඇදෙන උරගයින් ද සමඟ ගිවිසුමක් කරන්නෙමි.
සැමට ම සුරැකි ව වෙසෙනු හැකි වන පිණිස
දුන්න ද කඩුව ද සංග්‍රාමය ද
මම දේශයෙන් අවලංගු කර දමන්නෙමි.
19මම සදහට ම ඔබ සරණ පාවා ගනිමි.
දමිටුකමින් ද යුක්තියෙන් ද
නොමියෙන ප්‍රේමයෙන් හා දයානුකම්පාවෙන් ද මම ඔබ සරණ පාවා ගනිමි.
20විශ්වාසවන්තකමින් මම ඔබ සරණ පාවා ගනිමි.
එවිට ඔබ ස්වාමින්වහන්සේ හැඳින ගනු ඇත.
21“ ‘ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක:
ඒ දවසේ මම ප්‍රතිචාර දක්වන්නෙමි.’ 
මම අහස්වලට ප්‍රතිචාර දක්වන්නෙමි;
එවිට එය පොළොවට ප්‍රතිචාර දක්වන්නේ ය.
22එවිට පොළොව ප්‍රතිචාර දක්වන්නේ
ධාන්‍ය ද අලුත් මිදි යුෂ ද තෙල් ද සමඟිනි.
මෙසේ ඒවා යෙස්රෙයෙල් වෙත ප්‍රතිචාර දක්වනු ඇත.
23දේශය තුළ මම මට ම, ඇය පැළකර ගන්නෙමි,
‘අනුකම්පා නො ලද්දී’ යි මා කී තැනැත්තියට මම මගේ අනුකම්පාව දක්වමි.
‘මගේ ජනයා නො වේ’ යි මා කී අයට, ‘මගේ ජනයා ඔබ යැ’ යි කියන්නෙමි.
එවිට, ‘මගේ දෙවියන්වහන්සේ ඔබ යැ’ යි ඔබ පවසනු ඇත.”

선택된 구절:

හොෂෙයා 2: SCV

하이라이트

공유

비교

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요