1
මතෙව් 10:16
සිංහල කාලීන පරිවර්තනය
SCV
“මෙන්න! මා දැන් ඔබ පිටත් කර යවන්නේ, වෘකයින් මැදට බැටළුවන් ලෙසයි. එබැවින් සර්පයින් මෙන් විචක්ෂණව, පරෙවියන් මෙන් අහිංසකව සිටින්න.
Bandingkan
Telusuri මතෙව් 10:16
2
මතෙව් 10:39
තම ජීවිතය රැක ගන්නට සොයන්නා, එය අහිමි කරගනී; මා නිසා තම ජීවිතය අහිමි කරගන්නාට එය සම්භ වේ.
Telusuri මතෙව් 10:39
3
මතෙව් 10:28
ශරීරය නසා දමන නමුදු, ජීවාත්මය නැසිය නො හැකි අයට බය නො වන්න. එහෙත් සිරුරත්, ජීවාත්මයත් නිරයේ විනාශ කළ හැකි තැනැන්වහන්සේට බය වන්න.
Telusuri මතෙව් 10:28
4
මතෙව් 10:38
තමාගේ කුරුසිය ගෙන, මා අනුව නො එන කවුරුන් වුවත්, මට සුදුසු නො වේ.
Telusuri මතෙව් 10:38
5
මතෙව් 10:32-33
“මිනිසුන් ඉදිරියේ මා පිළිගන්නා හැම කෙනකුම ස්වර්ගයේ සිටින මාගේ පියාණන්වහන්සේ ඉදිරියේ මමත් පිළිගනිමි. එහෙත් මිනිසුන් ඉදිරියේ මා ප්රතික්ෂේප කරන කවරකු වුවත් ස්වර්ගයේ සිටින මාගේ පියාණන්වහන්සේ ඉදිරියේ මමත් ප්රතික්ෂේප කරමි.
Telusuri මතෙව් 10:32-33
6
මතෙව් 10:8
රෝගීන් සුව කරන්න; මළවුන් නැගිටුවන්න. කුෂ්ඨ රෝගීන් පවිත්ර කරන්න; යක්ෂාත්මයින් දුරු කරන්න. ඔබ ලද්දේ නොමිලයේයි; නොමිලේම දෙන්න.
Telusuri මතෙව් 10:8
7
මතෙව් 10:31
එබැවින් බය නො වන්න! ගේ කුරුල්ලන් රාශියකටත් වඩා ඔබ වටී.
Telusuri මතෙව් 10:31
8
මතෙව් 10:34
“පොළොව පිටට සාමය ගෙනෙන්නට මා ආවා යයි නො සිතන්න. මා ආවේ කඩුවක් මිස සාමය ගෙනෙන්නට නො වේ
Telusuri මතෙව් 10:34
Beranda
Alkitab
Rencana
Video