සෙකරියා හැඳින්වීම

හැඳින්වීම
මේ පො‍තේ කැපී පෙනෙන කොටස් දෙකක් ඇත: (1) පරිච්ඡේද 1-8 දක්වා. මේ කොටසේ ප්‍රධාන කොට ඇත්තේ, ජෙරුසලමේ පුනරුත්ථාපනය, දේව මාලිගාව ගොඩනැඟීම, දේව සෙනඟ පිරිසිදු කිරීම හා පැමිණෙන්නට තිබෙන විමුක්තිදායක නවෝදය පිළිබඳ දර්ශන මඟින් ප්‍රකාශ කරන ලද දිවැස් වැකි ය. ඒවා අයිති වන්නේ, ක්‍රි.පූ. 520 ත් 518 ත් අතර කාලයටයි. (2) පරිච්ඡේද 9-14 දක්වා. මේ කොටසේ ඇත්තේ, පසු කලෙක ලියන ලද පැමිණෙන්නට සිටින විමුක්තිදායකයාණන් වහන්සේ හා අන්තිම විනිශ්චය පිළිබඳ ප්‍රකාශනයන් ය.
මෙහි අඩංගු කරුණු:
පරිච්ඡේද 1:1–8:23 අනතුරු ඇඟවීමේ හා බලාපො‍රොත්තුවේ පණිවුඩ.
පරිච්ඡේද 9:1-8 අසල්වැසි ජාතීන් කෙරෙහි විනිශ්චය.
පරිච්ඡේද 9:9–14:21 අනාගත සෞභාග්‍යය හා සාමය.

Subratllat

Copia

Compara

Comparteix

None

Vols que els teus subratllats es desin a tots els teus dispositius? Registra't o inicia sessió