සෙකරියා 10
10
විමුක්තිය පිළිබඳ පොරොන්දුව
1වසන්ත කාලයට වර්ෂාව එවන ලෙස සමිඳාණන් වහන්සේගෙන් අයැදින්න. සියලු දෙනා සඳහා කුඹුරු සාරවත් කරමින් වැසි වලාකුළු ද වර්ෂාව ද එවන්නේ සමිඳාණන් වහන්සේ ය. 2#මතෙ 9:36; මාක් 6:34 පිළිම අයැදීමෙන් මිනිසුන්ට නිසරු බොරු පිළිතුරු ලැබෙන නිසා ද පේන කියන්නන් මිනිසුන් නොමඟ යවන නිසා ද ස්වප්න දකින්නන් හිස් සැනසිල්ලක් ගෙන දෙන නිසා ද සෙනඟ බැටළුවන් මෙන් ඉබාගාතේ ඇවිදිති. එඬේරෙකු නැති නිසා ම ඔව්හු දුකට පත් වී සිටිති.
3“එඬේරුන්ට විරුද්ධ ව මාගේ උදහස ඇවිළී තිබේ. මම ඔවුන්ගේ මූලිකයන්ට දඬුවම් කරමි. එබැවින් සියලු බලැති සමිඳාණන් වහන්සේ ජුදාහි සෙනඟ වන බැටළු රැළ ආරක්ෂා කරන සේක. ඔව්හු උන් වහන්සේගේ බලවත් යුද්ධ අශ්වයන් මෙන් වන්නෝ ය. 4මුදුන් ගල වැනි පාලකයන් ද ඇබ වැනි මූලිකයන් ද යුද්ධ දුනු වැනි නිලධාරීන් ද සියලු අධිපතීන් ද ඒ දේශයෙන් නික්මෙනු ඇත. 5වීථිවල ඇති මඩෙහි සතුරන් පාගා දමන බලවත් හේවායන් මෙන් ජුදාහි සෙනඟ ජයග්‍රාහකයෝ වන්නෝ ය. සමිඳාණන් වහන්සේ ඔවුන් සමඟ සිටින නිසා ඔව්හු සටන් කොට සතුරු අශ්වාරෝහකයන් වුව ද පරාජය කරන්නෝ ය. 6මම ජුදාහි සෙනඟ බලවත් කර, ජෝසෙප්ගේ සෙනඟට ජය අත් කර දෙන්නෙමි. ඔවුන්ට අනුකම්පා කරන නිසා මම ඔවුන් ආපසු ගෙනෙන්නෙමි. ඔව්හු වනාහි, මා විසින් කිසි කලෙක ප්‍රතික්ෂේප නොකරන ලද සෙනඟක් මෙන් වන්නෝ ය. මම ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ය. ඔවුන්ගේ අයැදුම්වලට මම පිළිතුරු දෙන්නෙමි. 7එප්‍රායිම් සෙනඟ බලවන්ත හේවායෙකු මෙන් වන්නෝ ය. ඔවුන් මිදියුස පානය කළ අය මෙන් ප්‍රීති වනු ඇත. ඔවුන්ගේ දරු පරම්පරාව මේ ජයග්‍රහණය සිහි කොට ප්‍රීති වන්නෝ ය. සමිඳාණන් වහන්සේ කෙරෙහි ඔව්හු සන්තෝෂ වන්නෝ ය. 8මම මාගේ සෙනඟ කැඳවා ඔවුන් එක්රැස් කරන්නෙමි. මම ඔවුන් ගළවා ඔවුන්ගේ සංබ්‍යාව පෙර මෙන් වැඩි කරන්නෙමි. 9මා ඔවුන් ජාතීන් අතරේ විසුරුවා හරින නමුත්, ඔවුන් දුර බැහැර රටවල දී මා සිහි කොට, ඔවුන්ගේ දරුවන් සමඟ ජීවත් ව සිට ආපසු හැරී එනු ඇත. 10මම ඔවුන් මිසරයෙන් නැවත ගෙනෙන්නෙමි; අසිරියාවෙන් ඔවුන් රැස් කර ගිලියද් දේශයටත්, ලෙබනොන්ටත් පමුණුවන්නෙමි; මුළු දේශය සෙනඟගෙන් පිරී ඉතිරී යන්නේ ය. 11ඔවුන් විපත්තිය නමැති මුහුද මැදින් යන විට, මම මුහුදේ තරංගවලට පහර දෙන්නෙමි. එවිට නයිල් ගංගාවේ පත්ල වියළී යන්නේ ය. අසිරියාවේ අහංකාරය පහත් කරනු ලබන්නේ ය; මිසරයේ ජයකොන්තය නැති වී යන්නේ ය; 12ඔවුන්ගේ ශක්තිය සමිඳාණන් වහන්සේ කෙරෙහි ය. ඔව්හු උන් වහන්සේට කීකරු වන්නෝ ය.” මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ ය.
S'ha seleccionat:
සෙකරියා 10: SNRV
Subratllat
Copia
Compara
Comparteix
Vols que els teus subratllats es desin a tots els teus dispositius? Registra't o inicia sessió