එළිදරව්ව 5
5
ජීවන පොත සහ බැටළු පෝතකයාණෝ
1 #
යෙසා 29:11; එසකි 2:9-10 එවිට ඇතුළත හා පිටත ලියන ලද, මුද්‍රා සතකින් මුද්‍රා තැබූ පොතක් සිංහාසනයෙහි වැඩහුන් තැනැන් වහන්සේගේ දකුණතෙහි තිබෙනු දිටිමි. 2“ඒ පොත දිග අරින්නටත්, මුද්‍රා කඩන්නටත් සුදුස්සා කවරෙක් දැ”යි කියමින් මහ හඬින් හඬගසන බලවත් දේව දූතයෙකු දිටිමි. 3එහෙත් ඒ පොත දිග හරින්නට වත්, එය බලන්නට වත් හැකි කිසිවෙක් ස්වර්ගයෙහි වත්, මිහි පිට වත්, පොළොවෙන් යට වත් නොසිටියේ ය. 4පොත දිග අරින්නට වත්, එය බලන්නට වත්, සුදුසු කිසිවෙකු හමු නො වූ බැවින් මම බොහෝසේ හැඬුවෙමි. 5#උත් 49:9; යෙසා 11:1,10එවිට එක් කුලදෙටුවෙක් මට කතා කර, “නාඬන්න, පොත ඇරීමේ සහ එහි මුද්‍රා සත කැඩීමේ වරම දාවිත්ගේ පෙළපතින් පැවත එන ජුදා ගෝත්‍රයේ සිංහයාණෝ දිනාගත්හ”යි මට කී ය.
6 #
යෙසා 53:7; සෙකරි 4:10 එවිට සිංහාසනය ද ජීවමාන සත්ත්වයන් සතර දෙනා ද කුලදෙටුවන් ද මධ්‍යයෙහි මරනු ලැබුවාක් මෙන් පෙනුණු බැටළු පෝතකයෙකු සිටිනු මම දිටිමි. ඒ බැටළු පෝතකයාට අං සතක් ද ඇස් සතක් ද විය. ඇස් සත නම්, ලොව පුරා යවනු ලැබූ දෙවියන් වහන්සේගේ ආත්මයෝ සත් දෙනා ය. 7බැටළු පෝතකයාණෝ අවුත් සිංහාසනයෙහි වැඩහුන් තැනැන් වහන්සේගේ දකුණතින් පොත ගත්හ. 8#ගීතා 141:2එසේ පොත ගත් කල ජීවමාන සත්ත්වයෝ සතර දෙනා හා කුලදෙටුවෝ විසිසතර දෙනා, එකිනෙකා වීණාවක් ද, සුවඳ ද්‍රව්‍යයෙන් පිරුණු රන් පාත්‍ර ද රැගෙන බැටළු පෝතකයාණන් ඉදිරියෙහි වැඳ වැටුණෝ ය. ඒ සුවඳ ද්‍රව්‍ය නම් සැදැහැවතුන්ගේ යාච්ඤා ය.
9 #
ගීතා 33:3; 98:1; යෙසා 42:10 ඔව්හු මේ අලුත් ගීතය ගායනා කළහ:
“පොත ගන්නටත් එහි මුද්‍රා කඩන්නටත් සුදුසු තැනැන් වහන්සේ ඔබ ය.
මන්ද, ඔබ මරනු ලැබ, ඒ මරණය#5:9 අන් සමහර පරිවර්තනවල රුධිරය ලෙස දැක්වේ. නමැති මිලයෙන් සියලු ගෝත්‍රවලින් ද භාෂාවලින් ද ජනයාගෙන් ද ජාතීන්ගෙන් ද මිනිසුන්, දෙවියන් වහන්සේ උදෙසා ලබාගත් සේක.
10 #
නික්ම 19:6; එළිද 1:6 අපගේ දෙවියන් වහන්සේට සේවය කරන පිණිස ඔබ ඔවුන් රාජකීය පූජක වංශයක් කළ සේක;
ඔව්හු මිහි පිට රජකම් කරන්නාහ,”
11 #
දානි 7:10
එවිට මා බැලූ කල, සිංහාසනය ද ජීවමාන සත්ත්වයන් ද කුලදෙටුවන් ද සිසාරා සිටි මහා දේව දූත පිරිසක් දිටිමි. ඔවුන්ගේ හඬ ද මට ඇසුණේ ය. ඔවුන්ගේ ගණන දස දහසක් වර දස දහසක් ද දහස් වර දහසක් ද විය. 12ඔව්හු මහ හඬින් මෙසේ කී හ:
“මරනු ලැබූ බැටළු පෝතකයාණෝ බලය ද ධනය ද ප්‍රඥාව ද පරාක්‍රමය ද ගෞරවය ද මහිමය ද ප්‍රශංසාව ද ලබන්නට සුදුසු තැනැන් වහන්සේ ය.”
13තවද, ස්වර්ගයෙහි ද පොළොවෙහි ද පොළොව යට ද මුහුදෙහි ද යන මුළු ලෝකයෙහි ඇති සියලු සත්ත්වයන්:
“සිංහාසනයෙහි වැඩ සිටින තැනැන් වහන්සේටත්, බැටළු පෝතකයාණන්ටත් ප්‍රශංසාව ද ගෞරවය ද මහිමය ද පරාක්‍රමය ද සදහට ම වේ වා!”යි
කියනු ඇසීමි. 14ජීවමාන සත්ත්වයෝ සතර දෙනා ද “ආමෙන්” යයි කී හ. කුලදෙටුවෝ වැඳ වැටී නමස්කාර කළහ.
S'ha seleccionat:
එළිදරව්ව 5: SNRV
Subratllat
Copia
Compara
Comparteix
Vols que els teus subratllats es desin a tots els teus dispositius? Registra't o inicia sessió