මලාකි හැඳින්වීම
හැඳින්වීම
මේ පොත අයිති වන්නේ ජෙරුසලමේ දේව මාලිගාව ගොඩනැඟුව පසු, ක්‍රි.පූ. පස් වන ශත වර්ෂයේ යම් කාලයකට ය. දෙවියන් වහන්සේ සමඟ ගිවිසුම අලුත් කිරීමට සෙනඟට කැඳවීම, මලාකි දිවැසිවරයාගේ ප්‍රධාන අරමුණ ය. සෙනඟගේ දේව නමස්කාරයේ යම් යම් දුර්වලකම් හා නොමනාකම් ඇති බව ඔහු පෙන්වා දෙයි. පූජකයන් හා සෙනඟ, දෙවියන් වහන්සේට දිය යුතු පූජා හා දීමනා නොදී වංචාවල යෙදී සිටින බවත්, ඔවුන් දෙවියන් වහන්සේගේ ඉගැන්වීම් අනුව ජීවත් නොවන බවත් ඔහු පෙන්වා දෙයි. එහෙත්, දෙවියන් වහන්සේ සෙනඟ විනිශ්චය කොට ඔවුන් පිරිසිදු කරන්නට වඩින බව ද උන් වහන්සේගේ මාර්ගය පිළියෙළ කිරීමටත්, ගිවිසුම දැන්වීමටත් පණිවුඩකාරයෙකු එවන බව ද දිවැසිවරයා ප්‍රකාශ කරයි.
මෙහි අඩංගු කරුණු:
පරිච්ඡේද 1:1–2:16 ඉශ්රායෙල් සෙනඟගේ පව්.
පරිච්ඡේද 2:17–4:6 දෙවියන් වහන්සේගේ විනිශ්චය හා දයාව.
S'ha seleccionat:
මලාකි හැඳින්වීම: SNRV
Subratllat
Copia
Compara
Comparteix
Vols que els teus subratllats es desin a tots els teus dispositius? Registra't o inicia sessió