Logo de l'Aplicació de la Bíblia
Icona de cerca

2 ජොහන් 1

1
ආචාරය
1සභා මූලිකයෙකු වන මම, මා සැබෑ ලෙස ප්‍රේම කරන දෙවියන් වහන්සේ තෝරාගත් මාතාවත් ඇගේ දරුවනුත් වෙත මෙය ලියා එවමි. මා පමණක් නොව, සත්‍යය දන්නා සැම දෙන ම ඔබට ප්‍රේම කරති. 2එසේ කරන්නේ අප තුළ ඇති සදහට ම පවතින සත්‍යය නිසා ය.
3දෙවි පියාණන් වහන්සේගෙන් ද, පියාණන්ගේ පුතුනුවන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද කරුණාවත්, දයාවත්, සාමයත්, සත්‍යතාවයෙන් හා ප්‍රේමයෙන් අප සමඟ වේ වා!
සත්‍යය හා ප්‍රේමය
4පියාණන් වහන්සේගෙන් අප ලැබූ ආඥාව පරිදි, ඔබගේ දරුවන්ගෙන් සමහර දෙනෙකු සත්‍යය අනුව ජීවත් වනු දැක ඉතා ප්‍රීති වීමි. 5#ජොහ 13:34; 15:12,17 එබැවින් මාතාවෙනි, අපි එකිනෙකාට ප්‍රේම කරමු. මේ වනාහි ඔබට ලියන අලුත් ආඥාවක් නොව, පටන්ගැන්මේ සිට ම අපට තිබුණු ආඥාව ම ය. 6මේ ප්‍රේමය නම්, උන් වහන්සේගේ ආඥා අනුව ජීවත් වීම ය. ආඥාව නම්, පටන්ගැන්මේ සිට ඔබ ඇසූ ලෙස ප්‍රේමයෙන් ජීවත් වීම ය.
7ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මනුෂ්‍යයෙකු වූ බව නොපිළිගන්නා බොහෝ රැවටිලිකාරයෝ ලොව පුරා විසිර ගොස් සිටිති. මොවුහු රැවටිලිකාරයෝ ය, ක්‍රිස්තු-විරෝධියෝ ය. 8ඔබ උදෙසා අප කළ දේ නැති නොවන පිණිසත්, සම්පූර්ණ විපාකයක් ඔබට ලැබෙන පිණිසත් ඔවුන්ගෙන් ප්‍රවේසම් වන්න.
9ක්‍රිස්තුන් වහන්සේගේ ධර්මයෙහි නොපැවතී, එයින් පිට පැන යන්නා, දෙවියන් වහන්සේ නැති ව ජීවත් වන්නෙකි. ඒ ධර්මයෙහි පවතින්නා පියාණන් වහන්සේ ද පුත්‍රයාණන් වහන්සේ ද ඇති ව ජීවත් වන්නෙකි. 10ඔබ වෙත පැමිණෙන යමෙක් මේ ධර්මය රැගෙන නොඑන්නේ නම්, ඔහු ගෙදරට නොපිළිගන්න, ඔහුට ආචාර ද නොකරන්න. 11මන්ද, ඔහුට ආචාර කරන්නා ඔහුගේ නපුරු ක්‍රියාවලට පංගුකාරයෙක් වන්නේ ය.
අවසාන වචන
12ඔබ වෙත ලියා එවන්නට මට බොහෝ කාරණා ඇත. ඒවා කඩදාසියක තීන්තෙන් ලිවීමට වඩා, අපේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස ඔබ මුණගැසී කතා කිරීමට මම බලාපොරොත්තු වෙමි.
13ඔබ තෝරාගත් සොහොයුරියගේ දරුවෝ ඔබට ආචාර කරති.

S'ha seleccionat:

2 ජොහන් 1: SNRV

Subratllat

Copia

Compara

Comparteix

None

Vols que els teus subratllats es desin a tots els teus dispositius? Registra't o inicia sessió