1 තිමෝති 3
3
සභා නායකයන්ට උපදෙස්
1යමෙක් සභාවේ නායක තනතුර දැරීමට ආශා වන්නේ නම්, ඔහු යහපත් වැඩක් කිරීමට කැමැති වන්නේ ය යන කීම සැබෑ වේ. 2#තීතස් 1:6-9එහෙයින් සභා නායක තෙමේ නිදොස් චරිතයකින් යුත්, එක භාර්යාවක් ඇති පුරුෂයෙකු ද, තැන්පත්, සන්සුන්, ආචාර සම්පන්න, ආගන්තුක සත්කාරයට කැමැති, උගන්වන්නට සමර්ථ තැනැත්තෙකු ද විය යුතු යි. 3ඔහු බීමත්කමින් තොර, හිංසාකාරී නො වූ ඉවසිලිවන්ත, සාමකාමී, 4මුදල් තණ්හාව නොමැති, සිය පවුල මැනැවින් පාලනය කරන, තම දරුවන් ගෞරව සම්ප්‍රයුක්ත බියෙන් හික්මවා ගන්න, තැනැත්තෙකු විය යුතු යි. 5යමෙක් තමාගේ ම පවුල හසුරුවාගන්නට නොදන්නේ නම්, ඔහු දෙවියන් වහන්සේගේ සභාවේ වගකීම දරන්නේ කෙසේ ද? 6ඔහු ළඟ දී ක්‍රිස්තු භක්තිය වැළඳගත්තෙකු නොවිය යුතු යි. මන්ද, එවැන්නෙකු උඩඟුකමින්, යක්ෂයාට පැමිණි දඬුවමට පත් විය හැකි නිසා ය. 7ඔහු සභාවෙන් පිට අය විසින් ගරු කොට සලකනු ලබන්නෙකු ද විය යුතු යි. එසේ නොවේ නම් ඔහු හොඳ නම නැති කරගෙන, යක්ෂයාගේ උගුලට අසු වන්නේ ය.
උපස්ථායකයන්ට උපදෙස්
8එසේ ම, උපස්ථායකයන් සන්සුන්, දිව දෙකේ කතා නැති, පමණ ඉක්මවා මත්පැන් පානය නොකරන, අයුතු ලාභයට ලොල් නො වූ, 9ඇදහිල්ලේ අබිරහස පිරිසිදු හෘදය සාක්ෂියකින් දරන තැනැත්තන් විය යුතු ය. 10උපස්ථායකයන් ලෙස සේවය කිරීමට ඉඩ දිය යුත්තේ, කලින් සෝදිසි කර බලා, ඔවුන්ට විරුද්ධ ව කිසිවක් නොමැති අයට පමණි. 11එසේ ම ස්ත්‍රීවරුන් ද, ගෞරවය ලැබීමට සුදුසු වූ, ඕපාදූප නොකියන, තැන්පත්, විශ්වාස කටයුතු අය විය යුතු ය. 12උපස්ථායකයා එක භාර්යාවක් ඇති පුරුෂයෙකු ද, සිය දරුපවුල මැනැවින් රැකබලාගන්නා වූ ද තැනැත්තෙකු විය යුතු ය. 13යහපත් ලෙස සේවය කර, උසස් තත්ත්වයක් ලබාගන්නා උපස්ථායකයන්ට, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ කෙරෙහි වූ ඇදහිල්ල තුළින් මහත් නිර්භීතකමක් ලබා ගැනීමට පුළුවන් වෙයි.
අපේ ඇදහිල්ලේ අබිරහස
14ඉක්මනින් ඔබ වෙත එන්නට බලාපොරොත්තු වෙමි. එහෙත් ඔබට මේ අනුශාසනා ලියා එවන්නේ 15මා ප්‍රමාද වුණොත්, දෙවියන් වහන්සේගේ පවුලෙහි අය කෙසේ හැසිරිය යුතු ද කියා ඔබ දැනගන්නා පිණිස ය. ඒ පවුල වනාහි ජීවමාන දෙවියන් වහන්සේගේ සභාව ය; එය සත්‍යයේ කණුව හා මුල් ගල වේ. 16අපේ ඇදහිල්ලේ අබිරහස නිසැක ව ම ගැඹුරු එකකි. ඒ අබිරහස මේ ය:
උන් වහන්සේ මිනිසත්බව ගෙන, ආත්මයාණන් විසින් සහතික කරනු ලැබ, දූතයන්ට දිස් වූ සේක.
විජාතීන්ට ප්‍රකාශ කරනු ලැබ, ලොව පුරා අදහාගනු ලැබ, මහිමයෙන් ඔසවනු ලැබූ සේක.
S'ha seleccionat:
1 තිමෝති 3: SNRV
Subratllat
Copia
Compara
Comparteix
Vols que els teus subratllats es desin a tots els teus dispositius? Registra't o inicia sessió