1 සාමුවෙල් 31

31
සාවුල්ගේ අවසානය
1තවද පිලිස්තිවරු, ඉශ්‍රායෙල්ට එරෙහිව සටන් වැදුණහ. ඉශ්‍රායෙල්වරු ඔවුන් ඉදිරියෙන් පලා ගොස්, ගිල්බෝව කන්දේදී මැරුම් කා, වැටුණහ. 2පිලිස්තිවරු, සාවුල් හා ඔහුගේ පුතුන් පසු පස දැඩි ව ලුහුබැඳ ගොස්, සාවුල්ගේ පුතුන් වූ යොනාතාන් ද අබිනාදාබ් ද මල්කී-ෂුවා ද මරා දැමූහ. 3සටන සාවුල්ට එරෙහිව බිහිසුණු විය. දුනුවායින් ඔහුට හමු විණ. දුනුවායෝ බරපතළ ලෙස ඔහුට තුවාල කළහ.
4එවිට තම ආයුධ දරන්නාට කතා කළ සාවුල්, “නුඹේ අසිපත ඇද, මා පසාරු කර ගෙන යෑමට මට අනිනු! නැතහොත් මේ චර්ම-අඡේදිතයන් අවුත්, මට ඇන, මට අවනම්බු කරනු ඇතැ” යි පැවසී ය.
එහෙත් ආයුධ දරන්නා එසේ කළේ නැත. මන්ද ඔහු අතිශයෙන් භයපත් ව සිටියේ ය. එබැවින් සාවුල් තම අසිපත ගෙන, ඒ මත වැටුණේ ය. 5සාවුල් මැරුණු වග දුටු ඔහුගේ ආයුධ දරන්නා ද තම අසිපත මත වැටී, ඔහු සමඟ ම මියැදුණේ ය. 6මෙසේ සාවුල් ද ඔහුගේ පුතුන් තිදෙනා ද ඔහුගේ ආයුධ දරන්නා ද ඔහුගේ සියලු මිනිස්සු ද ඒ එක ම දවසේ එක් ව, මළහ.
7මිටියාවත අනෙක් පැත්තේ ද යොර්දානයට එගොඩින් ද විසූ ඉශ්‍රායෙල් ජනයා, ඉශ්‍රායෙල් හමුදාව පලා ගොස් ඇති වග දුටුවහ; සාවුල් හා ඔහුගේ පුතුන් මියැදී ඇති වග ද දුටුවහ. එකල ඔවුහු තම නගර අත්හැර, පලා ගියහ. පිලිස්තිවරු අවුත්, ඒවායේ පදිංචි වූහ.
8පසු දා පිලිස්තිවරු මළවුන් කොල්ලකෑමට පැමිණි කල, සාවුල් හා ඔහුගේ පුතුන් තිදෙන ගිල්බෝව කන්දේ වැටී සිටිනු දුටුවහ. 9ඔවුහු ඔහුගේ හිස කපා, ඔහුගේ ආයුධ ද පැහැරගෙන, තම පිළිම දේවාලේ හා තම ජනයා අතරේ එපුවත් පතළ කරන පිණිස, පිලිස්ති දේශය මුළුල්ලේ පණිවුඩකරුවන් යැවූහ. 10ඔහුගේ අවි-ආයුධ, අෂ්තොරෙත් දේවාලෙහි තැබූ ඔවුහු, ඔහුගේ සිරුර, බෙත්-ෂෙයාන් පවුරේ එල්ලා තැබූහ.
11එහෙත් පිලිස්තිවරුන් සාවුල්ට කළ දෑ ගැන යාබේෂ්-ගිලියාද් වාසීන්ට සැල වූ කල, 12ඔවුන්ගේ සියලු වික්‍රමාන්විත පුරුෂයෝ නැගිට, රාත්‍රිය මුළුල්ලේ ගමන් කොට, සාවුල්ගේ ද ඔහුගේ පුතුන්ගේ ද මළ-සිරුරු බෙත්-ෂෙයාන් පවුරින් බාවාගෙන, යාබේෂ් වෙත ගෙනැවිත්, එහිදී ඒවා භූමදාන කළහ. 13ඉන්පසු ඔවුහු ඔවුන්ගේ ඇටකටු ගෙන, යාබේෂ්හි එෂෙල් ගස යට ඒවා භූමදාන කර, හත් දවසක් නිරාහාර ව සිටියහ.

موجودہ انتخاب:

1 සාමුවෙල් 31: SCV

سرخی

کاپی

موازنہ

شئیر

None

کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in