1
මතෙව් 17:20
සිංහල කාලීන පරිවර්තනය
SCV
උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ඒ ඔබේ ඇදහිල්ල මද නිසයි. සැබවින් ම මා ඔබට කියන්නේ, අබ ඇටයක් තරම් වත් ඇදහිල්ලක් ඔබට ඇත්නම්, මේ කන්දට කතා කොට, ‘මෙතැනින් ඉවත් ව අතැනට යනු’ යි ඊට ඔබට කියත හැකියි. එවිට එය සිදු වන්නේ ය; ඔබට කළ නො හැකි කිසිවක් නැත.
Porovnať
Preskúmať මතෙව් 17:20
2
මතෙව් 17:5
ඔහු කතා කරද්දී ම, මෙන්න, දීප්තිමත් වලාකුළක් ඔවුන් වසාගෙන; ඒ වලාවෙන් කටහඬක් නික්මී, “මේ මගේ ප්‍රේමණීය පුත්‍රයා ය; මොහු කෙරේ මම බොහෝ ප්‍රසන්න ව සිටිමි. එතුමාණන්ට සවන් දෙනු” යි කියැවිණි.
Preskúmať මතෙව් 17:5
3
මතෙව් 17:17-18
යේසුස්වහන්සේ පිළිතුරු දෙන සේක්, “අහෝ! ඇදහිලි හීන හිතුවක්කාර පරම්පරාව, තව කොතෙක් කලක් මා ඔබ සමඟ සිටින්න ද? තව කොතෙක් කලක් ඔබ ගැන ඉවසා සිටින්න ද? ඔහු මා ළඟට මෙහි ගෙනෙන්නැ” යි කී සේක. යේසුස්වහන්සේ ඔහුට තරවටු කළෙන්, යක්ෂාත්මය ඔහුගෙන් පිටතට ආයේ ය. එකෙණෙහි ම දරුවා සුව කරනු ලැබිණ.
Preskúmať මතෙව් 17:17-18