හිතෝපදේශ 29:1-27

හිතෝපදේශ 29:1-27 සිංහල කාලීන පරිවර්තනය (SCV)

බොහෝ වාරයක් තරවටු ලද නමුදු, දිගින් දිගට ම මුරණ්ඩු ව සිටින මිනිසා, පිළියමකට ඉඩ නො ලැබ ම විනාශ වන්නේ ය. ධර්මිෂ්ඨයින් වැඩි වන කල, ජනයා ප්‍රීති වෙති; අධර්මිෂ්ඨයින් ආණ්ඩු කරන කල, ජනයා සුසුම්ලති. ප්‍රඥාවට ලැදිවන්නා, තම පියාට ප්‍රීතිය ගෙන එයි; එහෙත් වෙසඟනන්ගේ ඇසුරට පත්වන්නා, ඔහුගේ ධනය නැති නාස්ති කර දමයි. යුක්තිය ඉටු කරන රජු, දේශයට ස්ථාවරත්වය ගෙනේ; එහෙත් තුටු පඬුරුවලට ගිජු තැනැත්තා, එය බිඳ හෙළයි. චාටු කතාවෙන් තම අසල්වැසියා වර්ණනා කරන්නා, ඔහුගේ පයට දැලක් එළයි. දුෂ්ටයෝ තමන්ගේ ම පාපයේ උගුලට කොටු වෙති; එහෙත් ගී ගයමින් ප්‍රීතිවීමට ධර්මිෂ්ඨයාට හැකි ය. ධර්මිෂ්ඨයා, දිළිඳුන්ගේ අයිතිවාසිකම් සැලකිල්ලට ගනියි; එහෙත් අධර්මිෂ්ඨයාට ඒවායේ වගක් නැත. නින්දාකරන්නෝ නගරය තුළ කලබල අවුස්සති; එහෙත් ප්‍රඥාවත්හු කෝපය නිවා දමති. ප්‍රඥාවන්තයකු, අඥානයකුට එරෙහිව උසාවි ගියහොත්, අඥානයා වියරු වී, සමච්චල් කරන්නට වන් කල සමථයකට පත්වීමක් නැත. ලේ පිපාසිතයෝ නිදොස් මිනිසුන්ට වෛර කරමින්, ඒ අවංක මිනිසුන් මරා දමන්නට වැර දරති. අඥානයා තම කෝපය මුළුමනින් පිට කරයි; එහෙත් ප්‍රඥාවන්තයා තමා පාලනය කර ගනියි. පාලකයෙක් බොරු ප්‍රචාරවලට කන් දේ නම්, ඔහුගේ සියලු නිලධාරීහු නපුරන් වෙති. දිළින්දාට ද පීඩකයාට ද පොදු වූ දෙයක් ඇත; දෙදෙනාගේ ඇස්වලට පෙනීම දෙන්නේ ස්වාමින්වහන්සේ ය. යුක්තියේ පිහිටා, දිළිඳුන් විනිශ්චය කරන රජුගේ සිංහාසනය, සදහට ම ස්ථිර වන්නේ ය. වරද හරිගැස්සීමේ වේවැල, ප්‍රඥාව ගෙන ඒ; එහෙත් ස්ව-කැමැත්තට අත්හරින ලද දරුවා, ඔහුගේ මවට නින්දාව ගෙන දේ. දුෂ්ටයින් වැඩි වන කල, අපරාධ ද වැඩි වෙයි; එහෙත් ඔවුන්ගේ වැටීම ධර්මිෂ්ඨයින් දකිනු ඇත. ඔබගේ පුත්‍රයා හික්මවන්න, එවිට ඔහු ඔබට සාමය ගෙන දෙනු ඇත; ඔහු ඔබට සන්තෝෂය ද ගෙනෙනු ඇත. දර්ශනයක් නැති තැන ජනයා සංවරවීම අතැර දමති; එහෙත් ව්‍යවස්ථාව රකින්නෝ භාග්‍යවත් ය. වචනවලින් පමණක් සේවකයෙක් හික්මවිය නො හැක; ඔහුට තේරුම් ගියත්, ඔහු ඊට ප්‍රතිචාර නො දක්වයි. කතාවට ඉක්මන් වන කෙනකු ඔබ දැක තිබෙනවා ද? ඔහුට වඩා වැඩි බලාපොරොත්තුවක් අඥානයකුට ඇත. මෙහෙකරුවකුට ඔහුගේ බාල වියේ පටන් අධික සැප සලසා දෙන්නාට අවසානයේදී ඔහුගෙන් හිමි වන්නේ ශෝකය ය. කෝප වූ මිනිසා ආරවුල් අවුස්සයි; වහා කිපෙන මිනිසා බොහෝ පව් කරයි. කෙනකුගේ අහංකාරය ඔහු පහතට ඇද දමයි; එහෙත් යටහත්-පහත් තැනැත්තා ගරු බුහුමන් ලබයි. හොරෙකුට හවුල්වන්නා, තමාට ම හතුරුකමක් කර ගනී; ඔහු ඇත්ත කීවොත් දඬුවම් ලබයි; නො කීවොත් ශාපය ඔහු පිට ය. මිනිසුන්ට භයවීම උගුලකට හසුවීමකි; එහෙත් ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්නා සුරක්ෂිත ය. බොහෝ දෙනා පාලකයාගේ අනුග්‍රහය සොයති; එහෙත් මනුෂ්‍යයාට යුක්තිය ඉෂ්ට වන්නේ, ස්වාමින්වහන්සේගෙනි. ධර්මිෂ්ඨයින්ට වංක මිනිසා පිළිකුලක් ය; අධර්මිෂ්ඨයින්ට අවංක මිනිසා පිළිකුලක් ය.

හිතෝපදේශ 29:1-27 Sinhala Revised Old Version (SROV)

බොහෝ වර තරවටු ලැබත් තමාගේ කුළල තදකරගන්නා ගැළවීමක් නැතුව හදිසියෙන් පොඩිකරනු ලැබේ. ධර්මිෂ්ඨයන්ට බලය තිබෙන කල සෙනඟ ප්‍රීතිවෙති; එහෙත් දුෂ්ටයෙක් ආණ්ඩුකරන කල සෙනඟ සුසුම්ලති. ප්‍රඥාවට ප්‍රියවන්නා තමාගේ පියා ප්‍රීතිකරන්නේය; එහෙත් වේශ්‍යාවන් ආශ්‍රයකරන්නා තමාගේ සම්පත් නැතිකරන්නේය. රජ තෙමේ යුක්තියෙන් දේශය ස්ථිරකරයි; එහෙත් බලෙන් තෑගි ලබාගන්න මනුෂ්‍යයා ඒක පෙරළාදමයි. තමාගේ අසල්වාසියාට ඉච්චාකරන්නා ඔහුගේ පාදවලට දැලක් එළයි. නපුරු මනුෂ්‍යයෙකුගේ වරදකිරීමෙහි මලපතක් ඇත. එහෙත් ධර්මිෂ්ඨයා ගීතිකා කියමින් සන්තෝෂවෙයි. ධර්මිෂ්ඨයා දුප්පතුන්ගේ පැමිණිල්ල දැනගන්නේය; දුෂ්ටයාට ඒක දැනගන්ට තේරුමක් නැත. නින්දාකරන මනුෂ්‍යයෝ නගරයෙහි ගිනි අවුළුවති; එහෙත් ප්‍රඥාවන්තයෝ උදහස පහකරති. ප්‍රඥාවත් මනුෂ්‍යයෙක් මෝඩ මනුෂ්‍යයෙකු සමඟ විවාදකරන විට ඔහු කෝපවුණත් සිනාසුණත් කාරණය තීන්දු නොවේ. මිනීමරුවූ මනුෂ්‍යයෝ නිර්දෝෂ අයට වෛරකෙරෙති. එහෙත් අවංක අය ඔහුගේ ප්‍රාණය ආරක්ෂාකරති. අඥානයා තමාගේ මුළු උදහස පිටතට ගෙනෙයි; එහෙත් ප්‍රඥාවන්තයා ඒක නවත්වාගනියි; ආණ්ඩුකාරයෙක් මුසාවාදයට ඇහුම්කන්දෙන්නේ නම් ඔහුගේ සියලුම සේවකයෝ දුෂ්ටයෝ වෙති. දිළින්දාද පීඩාකරන්නාද සම්මුඛ වෙති; ඔවුන් දෙදෙනාගේම ඇස් එළිය කරන්නේ ස්වාමීන්වහන්සේය. දැහැමින් දුප්පතුන් විනිශ්චයකරන රජුගේ සිංහාසනය සදාටම ස්ථිරවන්නේය. ඉපලද තරවටුකිරීමද ප්‍රඥාව දෙන්නේය; එහෙත් තමාගේ කැමැත්තට අත්හරිනු ලබන දරුවා තමාගේ මව් ලජ්ජාවට පමුණුවයි. දුෂ්ටයන් බහුලවන කල අපරාධ වැඩිවෙයි; එහෙත් ධර්මිෂ්ඨයෝ ඔවුන්ගේ වැටීම දකින්නෝය. නුඹේ පුත්‍රයාට දඬුවම්කරන්න, එවිට ඔහු නුඹට නිශ්චලභාවය දෙන්නේය; එසේය, ඔහු නුඹේ ආත්මයට ප්‍රීතිය දෙන්නේය. දර්ශනයක් නැති කල සෙනඟ හිතුවක්කාරවෙති; එහෙත් ව්‍යවස්ථාව රක්ෂාකරන්නා වාසනාවන්තයෙක්ය. වැඩකාරයෙක් වචනවලට නොහික්මෙන්නේය; මක්නිසාද ඔහුට තේරෙන නුමුත් උත්තරදෙන්නේ නැත. තමාගේ වචනවලින් ඉක්මන්වෙන මනුෂ්‍යයෙකු නුඹ දුටුවෙහිද? ඔහුට වඩා අඥානයෙකු ගැන බලාපොරොත්තුවෙන්ට පුළුවන. තමාගේ වැඩකාරයා බාල කාලයේ සිට සැපෙන් ඇතිකරන්නාට ඔහු අන්තිමේදී පුත්‍රයෙක් වන්නේය. තරහකාර මනුෂ්‍යයෙක් තරඟ උපදවයි; කෝපවෙන මනුෂ්‍යයෙක්ද බොහෝ වරද කරන්නේය. මනුෂ්‍යයෙකුගේ උඩඟුකම ඔහු පහත හෙළයි; එහෙත් සිතින් පහත්ව සිටින්නා ගෞරව ලබයි. හොරෙකු සමඟ හවුල්වෙන අය තමාගේම ප්‍රාණයට වෛරවන්නේය; ඔහු දිවුරවීම අසන නුමුත් කිසිවක් නොපවසයි. මනුෂ්‍යයාට භයවීම මලපතක්ය; එහෙත් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නා සුරක්ෂිතව සිටියි. බොහෝදෙනෙක් ආණ්ඩුකාරයාගේ කරුණාව සොයති; එහෙත් මනුෂ්‍යයෙකුගේ යුක්තිය පැමිණෙන්නේ ස්වාමීන්වහන්සේගෙන් ය. දුෂ්ට මනුෂ්‍යයෙක් ධර්මිෂ්ඨයන්ට පිළිකුලක්ය; සෘජුව හැසිරෙන්නා දුෂ්ටයන්ට පිළිකුලක්ය.

හිතෝපදේශ 29:1-27 Sinhala New Revised Version (NRSV)

බොහෝ තරවටු ලැබ ලැබත් මුරණ්ඩු මිනිසාට ගැළවීමක් නැත; එයින් ඔහුට හිටිහැටියේ විනාශය පැමිණෙයි. දමිටු අය පාලකයන් වන විට රට වැසියෝ ප්‍රීති වෙති. අදමිටු අය පාලනය කරන විට රට වැසියෝ දුකින් සුසුම්ලති. ප්‍රඥාවට ගරු කරන්නා සිය පියාට ප්‍රීතිය ගෙන දෙයි; වෙසඟනන් ඇසුරු කරන්නා ඔහුගේ ධනය කාදමයි. යුක්තියෙන් පාලනය කරන රජෙක් රටට චිරස්ථිතිය ගෙන දෙයි, එහෙත් වැසියන් පෙළා අයබදු ගන්නා රට වනසයි. අනුන්ට ඉච්චා බස් දොඩන තැනැත්තේ තමාගේ ම පාදවලට උගුලක් අටවයි. දුදනාගේ අයුතු වැඩ ඔහුට ම මලපතකි; සුදනා ගී ගයමින් තුටු පහටු වෙයි. දැහැමියා දිළිඳාගේ හිමිකම් සලකයි; දුදනා එවැනි අවබෝධයක් නොදක්වයි. අනුන්ට ගරහන මිනිස්සු නගරයට ගිනි තබති. එහෙත් නැණවත්හු උදහස් ගින්න නිවාදමති. නුවණැතියා මෝඩයෙකු උසාවියට ගෙන ගියොත් තමා ම නින්දා අපහාස ලබනු මිස ඉන් වන වැඩක් නැත. මිනීමරුවෝ නිදොස් අයට වෙර බඳිති; එහෙත් දැහැමියෝ නිදොස් අය රැකගනිති. අනුවණයා සිය උදහස නොවළහා හෙළි කරයි; නැණවතා සිය උදහස වළකාගනියි. පාලකයෙක් බොරු ප්‍රචාරවලට කන් දෙයි නම් ඔහුගේ නිලධාරීහු කුහකයෝ වෙති. දිළින්දා හා ඔහු පෙළන අය අතර එක පොදු දෙයක් ඇත, ඒ දෙදෙනාට ම සෙත උදාවෙන්නේ සමිඳුන්ගෙනි. සාධාරණකමින් දිළිඳුන් රක්නා රජුගේ සිහසුන සදහට ම තිරසර ය. කෝටුව හා තරවටුව බුද්ධි වර්ධනය සලසයි; හිතු හිතූ දේ කරන දරුවා මවට ලජ්ජාවකි. දුදනන් පාලනයට පත් වන විට අපරාධ වැඩි වෙයි; එහෙත් සුදනෝ දුදනන්ගේ වැටීම දකිති. පුතු හික්මවන්න; එවිට ඔබේ සිතට සහනය ද ප්‍රීතිය ද ලැබෙයි. ජීවිත දර්ශනයක් නැති තැන විනයක් නැත. විනය රක්නා අය වාසනාවන්ත ය. මෙහෙකරුවා අවවාදයෙන් පමණක් නොහික්මෙයි; අවවාදය තේරුම් ගියත් ඔහු එය නොපිළිගනියි. හිතා මතා කතා නොකරන මිනිසෙක් ඇද් ද? එවැන්නෙකුට වඩා අනුවණයෙකුට අනාගතයක් ඇත. මෙහෙකරුවෙකු බාලවියේ සිට ම සව් සැප දී ඇති කළත්, අන්තිමේ දී ඔහු තුළ කළගුණ සැලකීමක් නැත. කෝපාවිෂ්ට මිනිසා දබර උපදවයි; උදහසට පෙළඹෙන මිනිසා හැමවිට ම වරදට වැටෙයි. අහංකාරය මිනිසෙකුගේ පරිහානියට හේතු වේ; එහෙත් නිහතමානී තැනැත්තා ගරු බුහුමන් ලබයි. හොරෙකුට හවුල් වන්නා තමාගේ ම පරම සතුරෙකි; දිවුරුම් දුන්නත්, හොරා ඇත්ත නොපවසයි. මිනිසුන්ට බිය වීම ඔහුට මලපතක් වෙයි; සමිඳුන් කෙරේ විශ්වාසය තැබීම ඔහුට රැකවරණය වෙයි. පාලකයන්ගේ අනුග්‍රහය පතන්නෝ බොහෝ ය; එහෙත් යුක්තිය පැමිණෙන්නේ සමිඳුන්ගෙනි. අදමිටු අය දමිටුන්ට පිළිකුලකි; දමිටු අය අදමිටුන්ට පිළිකුලකි.

හිතෝපදේශ 29:1-27 Sinhala New Revised Version 2018 (SNRV)

බොහෝ තරවටු ලැබ ලැබත් මුරණ්ඩු මිනිසාට ගැළවීමක් නැත; එයින් ඔහුට හිටිහැටියේ විනාශය පැමිණෙයි. දමිටු අය පාලකයන් වන විට රට වැසියෝ ප්‍රීති වෙති. අදමිටු අය පාලනය කරන විට රට වැසියෝ දුකින් සුසුම්ලති. ප්‍රඥාවට ගරු කරන්නා සිය පියාට ප්‍රීතිය ගෙන දෙයි; වෙසඟනන් ඇසුරු කරන්නා ඔහුගේ ධනය කාදමයි. යුක්තියෙන් පාලනය කරන රජෙක් රටට චිරස්ථිතිය ගෙන දෙයි, එහෙත් වැසියන් පෙළා අයබදු ගන්නා රට වනසයි. අනුන්ට ඉච්චා බස් දොඩන තැනැත්තේ තමාගේ ම පාදවලට උගුලක් අටවයි. දුදනාගේ අයුතු වැඩ ඔහුට ම මලපතකි; සුදනා ගී ගයමින් තුටු පහටු වෙයි. දැහැමියා දිළිඳාගේ හිමිකම් සලකයි; දුදනා එවැනි අවබෝධයක් නොදක්වයි. අනුන්ට ගරහන මිනිස්සු නගරයට ගිනි තබති. එහෙත් නැණවත්හු උදහස් ගින්න නිවාදමති. නුවණැතියා මෝඩයෙකු උසාවියට ගෙන ගියොත් තමා ම නින්දා අපහාස ලබනු මිස ඉන් වන වැඩක් නැත. මිනීමරුවෝ නිදොස් අයට වෙර බඳිති; එහෙත් දැහැමියෝ නිදොස් අය රැකගනිති. අනුවණයා සිය උදහස නොවළහා හෙළි කරයි; නැණවතා සිය උදහස වළකාගනියි. පාලකයෙක් බොරු ප්‍රචාරවලට කන් දෙයි නම් ඔහුගේ නිලධාරීහු කුහකයෝ බවට පත් වෙති. දිළින්දා හා ඔහු පෙළන අය අතර එක පොදු දෙයක් ඇත, ඒ දෙදෙනාට ම සෙත උදාවෙන්නේ සමිඳුන්ගෙනි. සාධාරණකමින් දිළිඳුන් රක්නා රජුගේ සිහසුන සදහට ම තිරසර ය. කෝටුව හා තරවටුව බුද්ධි වර්ධනය සලසයි; හිතු හිතූ දේ කරන දරුවා මවට ලජ්ජාවකි. දුදනන් පාලනයට පත් වන විට අපරාධ වැඩි වෙයි; එහෙත් සුදනෝ දුදනන්ගේ වැටීම දකිති. පුතු හික්මවන්න; එවිට ඔබේ සිතට සහනය ද ප්‍රීතිය ද ලැබෙයි. ජීවිත දර්ශනයක් නැති තැන විනයක් නැත. විනය රක්නා අය වාසනාවන්ත ය. මෙහෙකරුවා අවවාදයෙන් පමණක් නොහික්මෙයි; අවවාදය තේරුම් ගියත් ඔහු එය නොපිළිගනියි. හිතා මතා කතා නොකරන මිනිසෙක් ඇද් ද? එවැන්නෙකුට වඩා අනුවණයෙකුට අනාගතයක් ඇත. මෙහෙකරුවෙකු බාලවියේ සිට ම සව් සැප දී ඇති කළත්, අන්තිමේ දී ඔහු තුළ කළගුණ සැලකීමක් නැත. කෝපාවිෂ්ට මිනිසා දබර උපදවයි; උදහසට පෙළඹෙන මිනිසා හැමවිට ම වරදට වැටෙයි. අහංකාරය මිනිසෙකුගේ පරිහානියට හේතු වේ; එහෙත් නිහතමානී තැනැත්තා ගරු බුහුමන් ලබයි. හොරෙකුට හවුල් වන්නා තමාගේ ම පරම සතුරෙකි; දිවුරුම් දුන්නත්, හොරා ඇත්ත නොපවසයි. මිනිසුන්ට බිය වීම ඔහුට මලපතක් වෙයි; සමිඳුන් කෙරේ විශ්වාසය තැබීම ඔහුට රැකවරණය වෙයි. පාලකයන්ගේ අනුග්‍රහය පතන්නෝ බොහෝ ය; එහෙත් යුක්තිය පැමිණෙන්නේ සමිඳුන්ගෙනි. අදමිටු අය දමිටුන්ට පිළිකුලකි; දමිටු අය අදමිටුන්ට පිළිකුලකි.

හිතෝපදේශ 29:1-27 New International Version (NIV)

Whoever remains stiff-necked after many rebukes will suddenly be destroyed—without remedy. When the righteous thrive, the people rejoice; when the wicked rule, the people groan. A man who loves wisdom brings joy to his father, but a companion of prostitutes squanders his wealth. By justice a king gives a country stability, but those who are greedy for bribes tear it down. Those who flatter their neighbors are spreading nets for their feet. Evildoers are snared by their own sin, but the righteous shout for joy and are glad. The righteous care about justice for the poor, but the wicked have no such concern. Mockers stir up a city, but the wise turn away anger. If a wise person goes to court with a fool, the fool rages and scoffs, and there is no peace. The bloodthirsty hate a person of integrity and seek to kill the upright. Fools give full vent to their rage, but the wise bring calm in the end. If a ruler listens to lies, all his officials become wicked. The poor and the oppressor have this in common: The LORD gives sight to the eyes of both. If a king judges the poor with fairness, his throne will be established forever. A rod and a reprimand impart wisdom, but a child left undisciplined disgraces its mother. When the wicked thrive, so does sin, but the righteous will see their downfall. Discipline your children, and they will give you peace; they will bring you the delights you desire. Where there is no revelation, people cast off restraint; but blessed is the one who heeds wisdom’s instruction. Servants cannot be corrected by mere words; though they understand, they will not respond. Do you see someone who speaks in haste? There is more hope for a fool than for them. A servant pampered from youth will turn out to be insolent. An angry person stirs up conflict, and a hot-tempered person commits many sins. Pride brings a person low, but the lowly in spirit gain honor. The accomplices of thieves are their own enemies; they are put under oath and dare not testify. Fear of man will prove to be a snare, but whoever trusts in the LORD is kept safe. Many seek an audience with a ruler, but it is from the LORD that one gets justice. The righteous detest the dishonest; the wicked detest the upright.