බොහෝ වර තරවටු ලැබත් තමාගේ කුළල තදකරගන්නා ගැළවීමක් නැතුව හදිසියෙන් පොඩිකරනු ලැබේ. ධර්මිෂ්ඨයන්ට බලය තිබෙන කල සෙනඟ ප්‍රීතිවෙති; එහෙත් දුෂ්ටයෙක් ආණ්ඩුකරන කල සෙනඟ සුසුම්ලති. ප්‍රඥාවට ප්‍රියවන්නා තමාගේ පියා ප්‍රීතිකරන්නේය; එහෙත් වේශ්‍යාවන් ආශ්‍රයකරන්නා තමාගේ සම්පත් නැතිකරන්නේය. රජ තෙමේ යුක්තියෙන් දේශය ස්ථිරකරයි; එහෙත් බලෙන් තෑගි ලබාගන්න මනුෂ්‍යයා ඒක පෙරළාදමයි. තමාගේ අසල්වාසියාට ඉච්චාකරන්නා ඔහුගේ පාදවලට දැලක් එළයි. නපුරු මනුෂ්‍යයෙකුගේ වරදකිරීමෙහි මලපතක් ඇත. එහෙත් ධර්මිෂ්ඨයා ගීතිකා කියමින් සන්තෝෂවෙයි. ධර්මිෂ්ඨයා දුප්පතුන්ගේ පැමිණිල්ල දැනගන්නේය; දුෂ්ටයාට ඒක දැනගන්ට තේරුමක් නැත. නින්දාකරන මනුෂ්‍යයෝ නගරයෙහි ගිනි අවුළුවති; එහෙත් ප්‍රඥාවන්තයෝ උදහස පහකරති. ප්‍රඥාවත් මනුෂ්‍යයෙක් මෝඩ මනුෂ්‍යයෙකු සමඟ විවාදකරන විට ඔහු කෝපවුණත් සිනාසුණත් කාරණය තීන්දු නොවේ. මිනීමරුවූ මනුෂ්‍යයෝ නිර්දෝෂ අයට වෛරකෙරෙති. එහෙත් අවංක අය ඔහුගේ ප්‍රාණය ආරක්ෂාකරති. අඥානයා තමාගේ මුළු උදහස පිටතට ගෙනෙයි; එහෙත් ප්‍රඥාවන්තයා ඒක නවත්වාගනියි; ආණ්ඩුකාරයෙක් මුසාවාදයට ඇහුම්කන්දෙන්නේ නම් ඔහුගේ සියලුම සේවකයෝ දුෂ්ටයෝ වෙති. දිළින්දාද පීඩාකරන්නාද සම්මුඛ වෙති; ඔවුන් දෙදෙනාගේම ඇස් එළිය කරන්නේ ස්වාමීන්වහන්සේය. දැහැමින් දුප්පතුන් විනිශ්චයකරන රජුගේ සිංහාසනය සදාටම ස්ථිරවන්නේය. ඉපලද තරවටුකිරීමද ප්‍රඥාව දෙන්නේය; එහෙත් තමාගේ කැමැත්තට අත්හරිනු ලබන දරුවා තමාගේ මව් ලජ්ජාවට පමුණුවයි. දුෂ්ටයන් බහුලවන කල අපරාධ වැඩිවෙයි; එහෙත් ධර්මිෂ්ඨයෝ ඔවුන්ගේ වැටීම දකින්නෝය. නුඹේ පුත්‍රයාට දඬුවම්කරන්න, එවිට ඔහු නුඹට නිශ්චලභාවය දෙන්නේය; එසේය, ඔහු නුඹේ ආත්මයට ප්‍රීතිය දෙන්නේය. දර්ශනයක් නැති කල සෙනඟ හිතුවක්කාරවෙති; එහෙත් ව්‍යවස්ථාව රක්ෂාකරන්නා වාසනාවන්තයෙක්ය. වැඩකාරයෙක් වචනවලට නොහික්මෙන්නේය; මක්නිසාද ඔහුට තේරෙන නුමුත් උත්තරදෙන්නේ නැත. තමාගේ වචනවලින් ඉක්මන්වෙන මනුෂ්‍යයෙකු නුඹ දුටුවෙහිද? ඔහුට වඩා අඥානයෙකු ගැන බලාපොරොත්තුවෙන්ට පුළුවන. තමාගේ වැඩකාරයා බාල කාලයේ සිට සැපෙන් ඇතිකරන්නාට ඔහු අන්තිමේදී පුත්‍රයෙක් වන්නේය. තරහකාර මනුෂ්‍යයෙක් තරඟ උපදවයි; කෝපවෙන මනුෂ්‍යයෙක්ද බොහෝ වරද කරන්නේය. මනුෂ්‍යයෙකුගේ උඩඟුකම ඔහු පහත හෙළයි; එහෙත් සිතින් පහත්ව සිටින්නා ගෞරව ලබයි. හොරෙකු සමඟ හවුල්වෙන අය තමාගේම ප්‍රාණයට වෛරවන්නේය; ඔහු දිවුරවීම අසන නුමුත් කිසිවක් නොපවසයි. මනුෂ්‍යයාට භයවීම මලපතක්ය; එහෙත් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නා සුරක්ෂිතව සිටියි. බොහෝදෙනෙක් ආණ්ඩුකාරයාගේ කරුණාව සොයති; එහෙත් මනුෂ්‍යයෙකුගේ යුක්තිය පැමිණෙන්නේ ස්වාමීන්වහන්සේගෙන් ය. දුෂ්ට මනුෂ්‍යයෙක් ධර්මිෂ්ඨයන්ට පිළිකුලක්ය; සෘජුව හැසිරෙන්නා දුෂ්ටයන්ට පිළිකුලක්ය.
හිතෝපදේශ 29 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: හිතෝපදේශ 29:1-27
30 Days
Proverbs is one of the most practical books in the Bible. It’s not a list of promises to lean on, but principles to live by—wisdom for our words, our work, our relationships, and our choices. Over the next 30 days, we’ll walk through Proverbs one chapter at a time, uncovering what it looks like to live wisely in the everyday.
31 Days
In these times of fake news where everyone is an ‘expert’, too often we are deceived into the world's thinking and lies. Seeking Real Wisdom infuses Biblical truth through meditations through Proverbs. The plan highlights one chapter of Proverbs per day with reflections monthly to meditate on. Read just one month or sign up monthly for a whole year- either way this devo will help you in Seeking Real Wisdom!
In this study, we go through the book of Proverbs daily. Proverbs remind us that God is in the details of our lives, but we need Holy clarity, insight, and discernment to live out our faith in wisdom. This book covers every aspect of life, from relationships to Spiritual growth. Wisdom fills the breach between the Principles, Promises, and Commands of God as you pray for direction. Be Encouraged!
Win or lose, God is always Undefeated. The FCA Undefeated Devotional deals with issues that coaches and athletes face on and off the arena of competition. This 31-day plan will also help establish a consistent, daily quiet time with God, and includes extra readings and suggested prayer for competitors regardless of sport. We would like to thank the Fellowship of Christian Athletes for providing this plan.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ