හිතෝපදේශ 29

29
1බොහෝ තරවටු ලැබ ලැබත් මුරණ්ඩු මිනිසාට ගැළවීමක් නැත;
එයින් ඔහුට හිටිහැටියේ විනාශය පැමිණෙයි.
2දමිටු අය පාලකයන් වන විට රට වැසියෝ ප්‍රීති වෙති.
අදමිටු අය පාලනය කරන විට රට වැසියෝ දුකින් සුසුම්ලති.
3ප්‍රඥාවට ගරු කරන්නා සිය පියාට ප්‍රීතිය ගෙන දෙයි;
වෙසඟනන් ඇසුරු කරන්නා ඔහුගේ ධනය කාදමයි.
4යුක්තියෙන් පාලනය කරන රජෙක් රටට චිරස්ථිතිය ගෙන දෙයි, එහෙත් වැසියන් පෙළා අයබදු ගන්නා රට වනසයි.
5අනුන්ට ඉච්චා බස් දොඩන තැනැත්තේ තමාගේ ම පාදවලට උගුලක් අටවයි.
6දුදනාගේ අයුතු වැඩ ඔහුට ම මලපතකි;
සුදනා ගී ගයමින් තුටු පහටු වෙයි.
7දැහැමියා දිළිඳාගේ හිමිකම් සලකයි;
දුදනා එවැනි අවබෝධයක් නොදක්වයි.
8අනුන්ට ගරහන මිනිස්සු නගරයට ගිනි තබති.
එහෙත් නැණවත්හු උදහස් ගින්න නිවාදමති.
9නුවණැතියා මෝඩයෙකු උසාවියට ගෙන ගියොත් තමා ම නින්දා අපහාස ලබනු මිස ඉන් වන වැඩක් නැත.
10මිනීමරුවෝ නිදොස් අයට වෙර බඳිති;
එහෙත් දැහැමියෝ නිදොස් අය රැකගනිති.
11අනුවණයා සිය උදහස නොවළහා හෙළි කරයි;
නැණවතා සිය උදහස වළකාගනියි.
12පාලකයෙක් බොරු ප්‍රචාරවලට කන් දෙයි නම් ඔහුගේ නිලධාරීහු කුහකයෝ වෙති.
13දිළින්දා හා ඔහු පෙළන අය අතර එක පොදු දෙයක් ඇත, ඒ දෙදෙනාට ම සෙත උදාවෙන්නේ සමිඳුන්ගෙනි.
14සාධාරණකමින් දිළිඳුන් රක්නා රජුගේ සිහසුන සදහට ම තිරසර ය.
15කෝටුව හා තරවටුව බුද්ධි වර්ධනය සලසයි;
හිතු හිතූ දේ කරන දරුවා මවට ලජ්ජාවකි.
16දුදනන් පාලනයට පත් වන විට අපරාධ වැඩි වෙයි;
එහෙත් සුදනෝ දුදනන්ගේ වැටීම දකිති.
17පුතු හික්මවන්න;
එවිට ඔබේ සිතට සහනය ද ප්‍රීතිය ද ලැබෙයි.
18ජීවිත දර්ශනයක් නැති තැන විනයක් නැත.
විනය රක්නා අය වාසනාවන්ත ය.
19මෙහෙකරුවා අවවාදයෙන් පමණක් නොහික්මෙයි;
අවවාදය තේරුම් ගියත් ඔහු එය නොපිළිගනියි.
20හිතා මතා කතා නොකරන මිනිසෙක් ඇද් ද?
එවැන්නෙකුට වඩා අනුවණයෙකුට අනාගතයක් ඇත.
21මෙහෙකරුවෙකු බාලවියේ සිට ම සව් සැප දී ඇති කළත්, අන්තිමේ දී ඔහු තුළ කළගුණ සැලකීමක් නැත.
22කෝපාවිෂ්ට මිනිසා දබර උපදවයි;
උදහසට පෙළඹෙන මිනිසා හැමවිට ම වරදට වැටෙයි.
23අහංකාරය මිනිසෙකුගේ පරිහානියට හේතු වේ;
එහෙත් නිහතමානී තැනැත්තා ගරු බුහුමන් ලබයි.
24හොරෙකුට හවුල් වන්නා තමාගේ ම පරම සතුරෙකි;
දිවුරුම් දුන්නත්, හොරා ඇත්ත නොපවසයි.
25මිනිසුන්ට බිය වීම ඔහුට මලපතක් වෙයි;
සමිඳුන් කෙරේ විශ්වාසය තැබීම ඔහුට රැකවරණය වෙයි.
26පාලකයන්ගේ අනුග්‍රහය පතන්නෝ බොහෝ ය;
එහෙත් යුක්තිය පැමිණෙන්නේ සමිඳුන්ගෙනි.
27අදමිටු අය දමිටුන්ට පිළිකුලකි;
දමිටු අය අදමිටුන්ට පිළිකුලකි.

දැනට තෝරාගෙන ඇත:

හිතෝපදේශ 29: NRSV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න