ගණන් කථාව 7:1-3
ගණන් කථාව 7:1-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මෝසෙස් මණ්ඩපය ඉදි කොට නිම වූ දවසේ ම, ඔහු එය සහ එහි සියලු බඩු බාහිරාදිය ආලේප කොට, කැප කළේ ය; තවද ඔහු පූජාසනය සහ ඊට අයත් උපකරණ ද ආලේප කොට, කැප කළේ ය. ඉන්පසු සංගණනය කරනු ලැබූ ජනයාට ඉහළින් සිටි ගෝත්‍ර නායකයින් වූ ඉශ්රායෙල් නායකයින් වන පියවංශ ප්‍රධානීහු පුද පඬුරු පූජා කළහ. ඔවුහු තම පඬුරු වශයෙන්, ආවරණ කරන ලද කරත්ත හයක් හා ගවයින් දොළොස් දෙනකු ස්වාමින්වහන්සේ වෙත ගෙන ආහ. නායකයින් දෙදෙනකුට එක කරත්තය බැගිනි; එක් එක් කෙනාට එක ගවයකු බැගිනි. ඔවුහු ඒවා මණ්ඩපය ඉදිරියට ගෙන ආහ.
ගණන් කථාව 7:1-3 Sinhala Revised Old Version (SROV)
තවද මෝසෙස් මණ්ඩපය පිහිටුවීම නිමවා ඒක ආලේපකොට ඒක විශුද්ධ කොට ඒකේ සියලු බඩුත් පූජාසනය හා ඒකේ සියලු භාජනත් ආලේපකොට ඒවා, විශුද්ධකළ දවසේදී, තම තමුන්ගේ පිය පෙළපත්වලට ප්‍රධානියෝ වන ඉශ්රායෙල්හි අධිපතියෝ පඬුරු ඔප්පුකළෝය; මොව්හු ගෝත්‍රයන් කෙරෙහි අධිපතිවූවෝය, මොව්හු ගණන්කරනලද්දවුන් කෙරෙහි මුලාදෑනියෝව සිටියෝය. මොව්හු තමුන්ගේ පඬුර ස්වාමීන්වහන්සේ ඉදිරියට ගෙනැවිත් අධිපතීන් දෙදෙනෙකු විසින් ගැළක්ද එක්කෙනෙකු විසින් ගවයෙක්ද බැගින් අඹරාව ඇති ගැල් හයක් සහ ගවයන් දොළොස් දෙනෙකුත් මණ්ඩපය ඉදිරියෙහි ඔප්පුකළෝය.
ගණන් කථාව 7:1-3 Sinhala New Revised Version (NRSV)
මෝසෙස් මණ්ඩපය සම්පූර්ණයෙන් ම ඉදි කොට අවසාන කළ දවසේ, එය ආලේප කොට කැප කෙළේ ය. එහි බඩු භාණ්ඩ වන පූජාසනය ද බඳුන් සියල්ල ද ආලේප කොට කැප කෙළේ ය. එවිට පිය පෙළපත්හි ප්‍රධානීන් හා ඉශ්රායෙල් ජනයා අතර නායකයන් වන, ලියාපදිංචි කිරීම මෙහෙයවූ ගෝත්‍ර මූලිකයෝ සමිඳාණන් වහන්සේ වෙත තමන්ගේ පඬුරු ගෙනාහ. ඒ පඬුරු නම්, මූලිකයන් දෙදෙනෙකුට එක ගැලක් බැගින් ද, එක එක මූලිකයාට එක ගොනෙකු බැගින් ද අඹරාව ඇති ගැල් රථ හයක් සහ ගොනුන් දොළොස්දෙනෙක් වෙති. ඔව්හු මේවා මණ්ඩපය ඉදිරියට ගෙනාහ.
ගණන් කථාව 7:1-3 Sinhala New Revised Version 2018 (SNRV)
මෝසෙස් මණ්ඩපය සම්පූර්ණයෙන් ම ඉදි කොට අවසාන කළ දවසේ, එය ආලේප කොට කැප කෙළේ ය. එහි බඩු භාණ්ඩ වන පූජාසනය ද බඳුන් සියල්ල ද ආලේප කොට කැප කෙළේ ය. එවිට පිය පෙළපත්හි ප්‍රධානීන් හා ඉශ්රායෙල් ජනයා අතර නායකයන් වන, ලියාපදිංචි කිරීම මෙහෙයවූ ගෝත්‍ර මූලිකයෝ සමිඳාණන් වහන්සේ වෙත තමන්ගේ පඬුරු ගෙනාහ. ඒ පඬුරු නම්, මූලිකයන් දෙදෙනෙකුට එක ගැලක් බැගින් ද, එක එක මූලිකයාට එක ගොනෙකු බැගින් ද අඹරාව ඇති ගැල් රථ හයක් සහ ගොනුන් දොළොස්දෙනෙක් වෙති. ඔව්හු මේවා මණ්ඩපය ඉදිරියට ගෙනාහ.
ගණන් කථාව 7:1-3 New International Version (NIV)
When Moses finished setting up the tabernacle, he anointed and consecrated it and all its furnishings. He also anointed and consecrated the altar and all its utensils. Then the leaders of Israel, the heads of families who were the tribal leaders in charge of those who were counted, made offerings. They brought as their gifts before the LORD six covered carts and twelve oxen—an ox from each leader and a cart from every two. These they presented before the tabernacle.