ගණන් කථාව 7:1-3
ගණන් කථාව 7:1-3 SROV
තවද මෝසෙස් මණ්ඩපය පිහිටුවීම නිමවා ඒක ආලේපකොට ඒක විශුද්ධ කොට ඒකේ සියලු බඩුත් පූජාසනය හා ඒකේ සියලු භාජනත් ආලේපකොට ඒවා, විශුද්ධකළ දවසේදී, තම තමුන්ගේ පිය පෙළපත්වලට ප්‍රධානියෝ වන ඉශ්‍රායෙල්හි අධිපතියෝ පඬුරු ඔප්පුකළෝය; මොව්හු ගෝත්‍රයන් කෙරෙහි අධිපතිවූවෝය, මොව්හු ගණන්කරනලද්දවුන් කෙරෙහි මුලාදෑනියෝව සිටියෝය. මොව්හු තමුන්ගේ පඬුර ස්වාමීන්වහන්සේ ඉදිරියට ගෙනැවිත් අධිපතීන් දෙදෙනෙකු විසින් ගැළක්ද එක්කෙනෙකු විසින් ගවයෙක්ද බැගින් අඹරාව ඇති ගැල් හයක් සහ ගවයන් දොළොස් දෙනෙකුත් මණ්ඩපය ඉදිරියෙහි ඔප්පුකළෝය.

