ගණන් 7:1-3

ගණන් 7:1-3 SCV

මෝසෙස් මණ්ඩපය ඉදි කොට නිම වූ දවසේ ම, ඔහු එය සහ එහි සියලු බඩු බාහිරාදිය ආලේප කොට, කැප කළේ ය; තවද ඔහු පූජාසනය සහ ඊට අයත් උපකරණ ද ආලේප කොට, කැප කළේ ය. ඉන්පසු සංගණනය කරනු ලැබූ ජනයාට ඉහළින් සිටි ගෝත්‍ර නායකයින් වූ ඉශ්‍රායෙල් නායකයින් වන පියවංශ ප්‍රධානීහු පුද පඬුරු පූජා කළහ. ඔවුහු තම පඬුරු වශයෙන්, ආවරණ කරන ලද කරත්ත හයක් හා ගවයින් දොළොස් දෙනකු ස්වාමින්වහන්සේ වෙත ගෙන ආහ. නායකයින් දෙදෙනකුට එක කරත්තය බැගිනි; එක් එක් කෙනාට එක ගවයකු බැගිනි. ඔවුහු ඒවා මණ්ඩපය ඉදිරියට ගෙන ආහ.

ගණන් 7 කියවන්න