ජෝබ් 13:1-16

ජෝබ් 13:1-16 සිංහල කාලීන පරිවර්තනය (SCV)

“ඔන්න! ඒ සියල්ල මගේ ඇසින් මම දැක ඇත්තෙමි; මගේ කනින් අසා, එය වටහා ගෙන ඇත්තෙමි. ඔබ දන්නා දේ මමත් දනිමි; මම නුඹලාට වඩා අඩු නො වෙමි. එහෙත් මගේ ඕනෑකම, සර්ව පරාක්‍රමයාණන්ට කතා කිරීමයි. මගේ කාරණය දෙවියන්වහන්සේ සමඟ විවාද කිරීමයි. එහෙත් නුඹලා! මා ගැන බොරු ගොතා පතුරන නුඹලා වෙදකම නො දන්නා වෙද්දු ය; නුඹලා හැමෝම! අනේ, නුඹලා මුළුමනින් නිශ්ශබ්ද වුණොත්! එය නුඹලාට ප්‍රඥාවන්තකම වේවි. දැන් මගේ තර්කයට කන් දෙන්න; මගේ තොල් අතරින් කරුණු දැක්වීමට සවන් දෙන්න. දෙවියන්වහන්සේ උදෙසා නුඹලා නපුර කතා කරනවා ද? උන්වහන්සේ උදෙසා වංචනික ව කතා කරනවා ද? නුඹලා උන්වහන්සේට පක්ෂග්‍රාහීකම් පෙන්වනවා ද? දෙවියන්වහන්සේ උදෙසා කරුණු කියනවා ද? උන්වහන්සේ නුඹලා ගැන විපරම් කර බැලුවොත්, නුඹලා නිවැරදි සේ සැලකේ ද? මිනිසුන් රවටන්නා සේ උන්වහන්සේ රවටන්නට නුඹලාට හැකි ද? නුඹලා රහසේ පක්ෂග්‍රාහී වන්නේ නම්, උන්වහන්සේ නුඹලාට තරවටු කරනු ඇත. උන්වහන්සේගේ ශෝභාශ්‍රීය ඔබ භය ගන්වන්නේ නැති ද? උන්වහන්සේ ගැන භීතියක් ඔබ පිට පාත්වන්නේ නැති ද? ඔබගේ ආප්තෝපදේශ, අළු වැනි හිතෝපදේශ වේ; ඔබගේ ප්‍රති උත්තර ලෙහෙසියෙන් බිඳෙන මැටි වැනි ය. “නිශ්ශබ්ද වන්න; කතා කරන්නට මට ඉඩ දෙන්න; ඉන්පසු මට වන දෙයක් වුණා වේ! මා මගේ ජීවිතය අවදානමකට ලක් කරන්නේ මන්ද? මගේ ජීවිතය මගේ අත්වලට ගන්නේ කුමට ද? උන්වහන්සේ මා මරා දැමුවත්, උන්වහන්සේ තුළ මම බලාපොරොත්තු තබමි. උන්වහන්සේගේ මුහුණට ම මගේ නිදහසට කරුණු කියමි. මේ කාරණය ම මගේ ගැලවීමට හේතු වනු ඇත; මන්ද කිසි අභක්තික මිනිසෙක් උන්වහන්සේ ඉදිරියට ඒමට එඩිතර නො වේ!

ජෝබ් 13:1-16 Sinhala Revised Old Version (SROV)

බලව, මේ සියල්ල මාගේ ඇසින් දැක, මගේ කනින් අසා තේරුම්ගතිමි. නුඹලා දන්නා දේ මමත් දනිමි. මම නුඹලාට අඩු නැත. සැබවින් මම සර්වපරාක්‍රමයාණන්ට කථාකොට, දෙවියන්වහන්සේට කාරණා කියා සිටින්ට කැමැත්තෙමි. නුඹලා නම් බොරු ගොතන්නෝය, නුඹලා සියල්ලෝම නොවටිනා වෙද්දුය. නුඹලා නිශ්ශබ්දවම සිටියොත් හොඳය. එය නුඹලාට ප්‍රඥාව වන්නේය. ඉතින් මාගේ උත්තරය අසා, මාගේ තොල්වල විවාදවලට ඇහුම්කන් දෙන්න. නුඹලා දෙවියන්වහන්සේ උදෙසා අසාධාරණ ලෙස කථාකරනවාද? උන්වහන්සේ උදෙසා වංචාකාර ලෙස කථාකරනවාද? නුඹලා උන්වහන්සේගේ තරම බලනවාද? දෙවියන්වහන්සේ වෙනුවට වගකියනවාද? උන්වහන්සේ නුඹලා විමසා බැලුවොත් හොඳද? නොහොත් මනුෂ්‍යයෙකු රවටන්නාක්මෙන් උන්වහන්සේ රවටන්නට නුඹලාට පුළුවන්ද? නුඹලා රහසින් තරාතිරම බලනවානම් උන්වහන්සේ නුඹලාට දඬුවම් කරනවාම ඇත. උන්වහන්සේගේ මහිමතාව නුඹලා භය නොගන්වන්නේද? උන්වහන්සේගේ භයංකරකම නුඹලා පිටට නොපැමිණෙන්නේද? නුඹලාගේ පැණවත් කීම් අළු වැනි උපදේශවල්ය, නුඹලාගේ බලකොටු මැටි බලකොටුය. නිශ්ශබ්දවෙන්න, මට කථාකරන්ට ඉඩඅරින්න. සිද්ධවෙන දෙයක් සිද්ධවුණාවේ. මා විසින් මාගේ මාංසය මාගේ දත්වලින් ඩැහැගන යන්නෙත් මාගේ ප්‍රාණය මාගේ අතේ තබාගන ඉන්නෙත් මක්නිසාද? උන්වහන්සේ මා මරනවා ඇත; මට බලාපොරොත්තුවක් නැත්තේය; එහෙත් උන්වහන්සේ ඉදිරිපිට මාගේ මාර්ග හරි බවට ඔප්පුදෙන්නෙමි. මේකත් මාගේ ගැළවීම වන්නේය; මක්නිසාද අභක්තිකයෙක් උන්වහන්සේ ඉදිරියට නොඑන්නේය.

ජෝබ් 13:1-16 Sinhala New Revised Version (NRSV)

“බලන්න, ඔබ කී සියල්ල මාගේ ඇසින් දැක, කනින් අසා තේරුම් ගතිමි. ඔබ දන්න දේ මමත් දනිමි. මාගේ දැනුම ඔබේ දැනුමට දෙ වැනි නොවේ. එහෙත්, මාගේ කතාව සව් බලැති දෙවිඳුන් සමඟ ය. එතුමන් සමඟ තර්ක කරන්නට සැරසී සිටිමි. ඔබ වනාහි ඇත්ත සඟවා නැත්ත කියන අය වන්නහු ය. ඔබ කවුරුත් කූට වෙද්දු ය. ඔබ නිහඬ ව ඉන්නහු නම්, ඔබ පැණවත්හු යයි සලකනු ලබන්නහු ය. කරුණාකර, මාගේ තර්කවලට සවන් දෙන්න. මාගේ විවාදවලට කන් දෙන්න. ඔබ ඇත්ත සඟවන්නේ දෙවිඳුන් වෙනුවෙන් ද? ඔබ නැත්ත කියන්නේ එතුමන් උදෙසා ද? ඔබ දෙවිඳුන්ට පක්ෂ ව වාද ඉදිරිපත් කරන්නහු ද? උසාවියෙහි එතුමන්ගේ නඩුව තර්ක කරන්නහු ද? එතුමන් ඔබ හොඳින් විමසා බැලුවොත් යහපත් දෙයක් සම්බ වනු ඇද් ද? මිනිසුන් රවටන්නාක් මෙන් එතුමන් රවටන්නට ඔබට හැකි වේ ද? ඔබ, නිකරුණේ මට වරද තබන්නහු නම්, එතුමන් නොවරදවා ම ඔබට දඬුවම් දෙන බව සත්තක ය. එතුමන්ගේ ශ්‍රී මහිමය ඔබ බිය ගන්වන්නේ නැද් ද? එතුමන්ගේ භයංකරකම ඔබ යටපත් කරන්නේ නැද් ද? ඔබේ උපදේශ පරණ හණ මිටි වැනි ය. ඔබේ තර්ක කඩා හැලෙන මැටි තාප්ප වැනි ය. නිශ්ශබ්ද වන්න; මට කතා කරන්න ඉඩ දෙන්න: වන දෙයක් වුණා වේ. මම බෙල්ලේ වැල දමාගන්නට කැමැත්තෙමි; දිවි නසාගන්නට පවා සූදානම් ය. එතුමාණන් මා මැරුවත් මට කමක් නැත. මට බලාපොරොත්තුවක් නැත. එහෙත්, එතුමන් ඉදිරියෙහි මාගේ නඩුව කියා පාන්නෙමි. මෙසේ මුහුණ පෑම ම මාගේ ගැළවීම විය හැක. මන්ද යත්, අභක්තික කිසිවෙකු එතුමාණන්ට මුහුණ නොපාන බව මම දනිමි.

ජෝබ් 13:1-16 Sinhala New Revised Version 2018 (SNRV)