“බලන්න, ඔබ කී සියල්ල මාගේ ඇසින් දැක, කනින් අසා තේරුම් ගතිමි. ඔබ දන්න දේ මමත් දනිමි. මාගේ දැනුම ඔබේ දැනුමට දෙ වැනි නොවේ. එහෙත්, මාගේ කතාව සව් බලැති දෙවිඳුන් සමඟ ය. එතුමන් සමඟ තර්ක කරන්නට සැරසී සිටිමි. ඔබ වනාහි ඇත්ත සඟවා නැත්ත කියන අය වන්නහු ය. ඔබ කවුරුත් කූට වෙද්දු ය. ඔබ නිහඬ ව ඉන්නහු නම්, ඔබ පැණවත්හු යයි සලකනු ලබන්නහු ය. කරුණාකර, මාගේ තර්කවලට සවන් දෙන්න. මාගේ විවාදවලට කන් දෙන්න. ඔබ ඇත්ත සඟවන්නේ දෙවිඳුන් වෙනුවෙන් ද? ඔබ නැත්ත කියන්නේ එතුමන් උදෙසා ද? ඔබ දෙවිඳුන්ට පක්ෂ ව වාද ඉදිරිපත් කරන්නහු ද? උසාවියෙහි එතුමන්ගේ නඩුව තර්ක කරන්නහු ද? එතුමන් ඔබ හොඳින් විමසා බැලුවොත් යහපත් දෙයක් සම්බ වනු ඇද් ද? මිනිසුන් රවටන්නාක් මෙන් එතුමන් රවටන්නට ඔබට හැකි වේ ද? ඔබ, නිකරුණේ මට වරද තබන්නහු නම්, එතුමන් නොවරදවා ම ඔබට දඬුවම් දෙන බව සත්තක ය. එතුමන්ගේ ශ්‍රී මහිමය ඔබ බිය ගන්වන්නේ නැද් ද? එතුමන්ගේ භයංකරකම ඔබ යටපත් කරන්නේ නැද් ද? ඔබේ උපදේශ පරණ හණ මිටි වැනි ය. ඔබේ තර්ක කඩා හැලෙන මැටි තාප්ප වැනි ය. නිශ්ශබ්ද වන්න; මට කතා කරන්න ඉඩ දෙන්න: වන දෙයක් වුණා වේ. මම බෙල්ලේ වැල දමාගන්නට කැමැත්තෙමි; දිවි නසාගන්නට පවා සූදානම් ය. එතුමාණන් මා මැරුවත් මට කමක් නැත. මට බලාපොරොත්තුවක් නැත. එහෙත්, එතුමන් ඉදිරියෙහි මාගේ නඩුව කියා පාන්නෙමි. මෙසේ මුහුණ පෑම ම මාගේ ගැළවීම විය හැක. මන්ද යත්, අභක්තික කිසිවෙකු එතුමාණන්ට මුහුණ නොපාන බව මම දනිමි.
ජෝබ් 13 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ජෝබ් 13:1-16
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ