ජෙරෙමියා 18:9-10
ජෙරෙමියා 18:9-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තවද යම් විටෙක, යම් ජාතියක් හෝ යම් රාජ්‍යයක් ගැන ගොඩ නගා, රෝපණ කරන්නෙමි” යි මම කියම් ද, මගේ ඇස් හමුවෙහි එය දුෂ්ටකම් කරමින්, මගේ කටහඬට සවන් නො දේ නම්, ඊට සලසන්නට මා අදහස් කළ යහපත ගැන අදහස වෙනස් කර ගැනීමට මට සිදු වනු ඇත.
බෙදාගන්න
ජෙරෙමියා 18 කියවන්නජෙරෙමියා 18:9-10 Sinhala Revised Old Version (SROV)
ගොඩනගා හිටවන්නෙමියි මා විසින් යම් ජාතියක් ගැනවත් රාජ්‍යයක් ගැනවත් කී කල්හි; ඔවුන් මාගේ හඬට කීකරු නොවී, මාගේ ඇස් හමුවෙහි නපුරුව තිබෙන දේ කළොත්, ඔවුන්ට කරන්නෙමියි මා කී යහපත ගැන පසුතැවිලිවන්නෙමි.
බෙදාගන්න
ජෙරෙමියා 18 කියවන්නජෙරෙමියා 18:9-10 Sinhala New Revised Version (NRSV)
එමෙන් ම, යම්කිසි ජාතියක් හෝ රාජ්‍යයක් හෝ ගැන ‘මම එය ගොඩනඟා වර්ධනය කරන්නෙමි’යි කී කල, ඒ ජාතිය මාගේ හඬට කීකරු නොවී, මාගේ ඇස් හමුයෙහි නපුරු දේ කළහොත්, මා එයට කරන්න අදහස් කළ යහපත ගැන මාගේ සිත වෙනස් කරගන්නෙමි.
බෙදාගන්න
ජෙරෙමියා 18 කියවන්න