එස්රා 6:1-12
එස්රා 6:1-12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එකල දාරෙයාවෙෂ් රජු නියෝගයක් නිකුත් කළේ ය. බබිලෝනියෙහි ලේඛන සංරක්ෂණ කර තබන රාජ්‍ය ලේඛනාගාරයේ සෝදිසියක් කෙරිණි. මේදියා පළාතේ අහ්මෙතා බළකොටුවේ තිබූ ලියවිල්ලක් සම්බ විය. එහි මෙසේ ලියා තිබිණ. දැනගැනීම පිණිසයි: කෝරෙෂ් රජුගේ පළමු වසරේ, කෝරෙෂ් රජු යෙරුසලමේ දෙවියන්වහන්සේගේ ගෘහය පිළිබඳ නියෝගයක් නිකුත් කළේ ය: යාග පූජා ඔප්පු කරන ස්ථානයක් හැටියට ගෘහය ඉදි කෙරේවා! එහි අත්තිවාරම් ද සවිමත් කරනු ලැබේවා. එහි උස රියන් හැටක් හා පළල රියන් හැටක් විය යුතු ය. විශාල ගල් පේළි තුනක් හා එක ලී පේළියක් යන වශයෙන් එය සෑදිය යුතු අතර, එම වියදම් දැරිය යුත්තේ රාජකීය භාණ්ඩාගාරයයි. තවද නෙබුකද්නෙසර් විසින් යෙරුසලමේ පිහිටි දේව මාලිගයේ සිට බබිලෝනිය වෙත ගෙන යන ලද දෙවියන්වහන්සේගේ ගෘහයේ රන් හා රිදී භාණ්ඩ ආපසු ගෙන අවුත්, යෙරුසලමෙහි දේව මාලිගයේ ඒවාට නියමිත තැන්වල ආපසු තැබිය යුතු ය; ඒවා දෙවියන්වහන්සේගේ ගෘහයේ තැන්පත් කළ යුතු ව ඇත. එබැවින් දැන් ගඟ එගොඩ පළාතේ ආණ්ඩුකාර තත්තෙනයි ද ෂෙතර්-බෝසෙනයි ද ගඟ එගොඩ පළාතේ ඔබගේ හවුල්කාර රාජ්‍ය නිලධාරීන් ද එතැනින් ඈත් ව සිටින්න. දෙවියන්වහන්සේගේ මේ ගෘහයේ වැඩ කෙරුණාවේ. යුදෙව් ආණ්ඩුකරු හා යුදෙව් වැඩිහිටියන් දෙවියන්වහන්සේගේ මේ ගෘහය ඊට නිසි බිමේ යළි එය ගොඩ නැගුවා වේ. තවද දෙවියන්වහන්සේගේ මේ ගෘහය ඉදිකිරීමේදී මේ යුදෙව් වැඩිහිටියන් වෙත ඔබ කළ යුතු දෑ ගැන මම ඔබට නියෝග කරමි: මෙම වැඩ නො නැවතී කරන පිණිස මේ මිනිසුන්ගේ වියහියදම් පමා නො කර, සම්පූර්ණයෙන් රාජකීය භාණ්ඩාගාරයෙන්, ගඟ එතෙරින් ලැබෙන බදු ආදායමින් ගෙවිය යුතු ය. ස්වර්ගයේ දෙවියන්වහන්සේට දවන යාග පූජාවනට අවශ්‍ය ගොන් වස්සන්, බැටළුවන් හා බැටළු පැටවුන් ද යෙරුසලමේ පූජකයින් ඉල්ලන තිරිඟු, ලුණු, මිදි යුෂ හා තෙල් ද යන කවර දෙයක් වුව, දවසින් දවස නොවරදවා ම ඔවුන්ට සැපයිය යුතු ය. එසේ කළ යුත්තේ ස්වර්ගයේ දෙවියන්වහන්සේ ප්‍රසන්න වන යාග පූජා ඔප්පු කර, රජුගේ හා ඔහුගේ පුතුන්ගේ ශුභ සිද්ධිය උදෙසා ඔවුන් යාච්ඤා කරන පිණිස ය. තවද මේ නියෝගය කඩ කරන කෙනකු වේ ද, ඔහුගේ ගෙයින් බාල්කයක් එළියට ඇද, ඒ පිට ඔහු උල තැබිය යුතු ය. මේ අපරාධය නිසා ඔහුගේ නිවස සුන්බුන් ගොඩක් කළ යුතු ය. යෙරුසලමේ ඇති දෙවියන්වහන්සේගේ මේ ගෘහය විනාශ කරන්නට හෝ මේ නියෝගය කඩ කරන්නට හෝ තම අත පොවන රජකු හෝ ජනයා හෝ වේ ද, ස්වකීය නාමය එහි වාසය කරවන දෙවියන්වහන්සේ ඔවුන් විනාශ කර දමන සේක්වා! දාරෙයාවෙෂ් වන මම මෙම නියෝගය කළෙමි. එය උද්යෝගයෙන් ඉටු කරනු ලැබේවා!
එස්රා 6:1-12 Sinhala Revised Old Version (SROV)
එකල දාරියුෂ් රජු කළ නියෝගයක් පිට බබිලෝනියෙහි වස්තු නිධානකරනලද පොත්-ගබඩාවෙහි සොයා බලනලද්දේය. එවිට මෙයාකාර සටහනක් ලියා තිබෙන පොතක් මේදියා දනව්වේ තිබෙන අක්මෙතා බලකොටුවෙහි තිබී සම්බවිය. කෝරෙෂ් රජුගේ පළමුවෙනි අවුරුද්දේදී කෝරෙෂ් රජ යෙරුසලමෙහි තිබෙන දෙවියන්වහන්සේගේ ගෘහය ගැන නියෝගයක් කෙළේය. ඒ මෙසේය: ඒ ගෘහය පූජා ඔප්පුකරන ස්ථානයක් කොට ගොඩනගනු ලැබේවා, ඒකේ අත්තිවාරම් සවිකොට පිහිටුවනු ලැබේවා; හැට රියනක් උසටද හැට රියනක් පළලටද, මහත් ගල් පේළි තුනක් සහ අලුත් ලී පේළියකුත් ඇතුව එය සාදනු ලැබේවා. වියදමද රජ ගෙයින් දෙනු ලැබේවා. තවද නෙබුකද්නෙශර් විසින් යෙරුසලමෙහි තිබෙන මාලිගාවෙන් රැගෙන බබිලෝනියට ගෙනෙනලද දෙවියන්වහන්සේගේ ගෘහයේ රන් රිදී භාණ්ඩ ආපසු දෙනු ලැබ යෙරුසලමෙහි තිබෙන මාලිගාවේ නියම තැන්වල තිබීමට ගෙනයනු ලබාවා, ඒවා දෙවියන්වහන්සේගේ ගෘහයෙහි නුඹ විසින් තැබිය යුතුය යනුය. ඒ නිසා ගඟ එගොඩ සිටින දිශාධිපති තැන වන තත්තෙනයිද ෂෙතර්-බෝසෙනයිද ගඟ එගොඩ සිටින අපර්සෙකාවරු වන නුඹලාගේ සහකාරයෝද යන නුඹලා එතැනින් ඈත්ව සිටින්න. දෙවියන්වහන්සේගේ මේ ගෘහයේ වැඩ කෙරීගන ගියාවේ. යුදෙව්වරුන්ගේ දිශාධිපතියාද යුදෙව්වරුන්ගේ වැඩිමහල්ලෝද දෙවියන්වහන්සේගේ මේ ගෘහය ස්වකීය ස්ථානයෙහි ගොඩනගත්වා. ඇරත් දෙවියන්වහන්සේගේ මේ ගෘහයේ ගොඩනැගීම පිණිස නුඹලා විසින් යුදෙව්වරුන්ගේ ඒ වැඩිමහල්ලන්ට කළයුතු දේ කිමෙක්දැයි නියෝගයක් කරමි: එනම් ඒ මනුෂ්‍යයන්ට අවහිරයක් නොවන පිණිස රාජසන්තක දෙයින් එනම් ගඟ එගොඩින් ලැබෙන ආදායමෙන් ඉක්මනින් ඔවුන්ට වියදම දෙන ලෙසය. ඔවුන්ට ස්වර්ගයේ දෙවියන්වහන්සේට මිහිරි සුවඳ ඔප්පුකර රජුගේද ඔහුගේ පුත්‍රයන්ගේද ජීවිත ශුභසිද්ධිය උදෙසා යාච්ඤාකරන පිණිස, ඔවුන්ට ඕනෑකරන දේ එනම් යෙරුසලමෙහි සිටින පූජකයන්ගේ නියමය ප්‍රකාර ස්වර්ගයේ දෙවියන්වහන්සේට දවන පූජා ඔප්පුකිරීමට ගොන්නාම්බන්ද බැටළුවන්ද බැටළුපැටවුන්ද තිරිඟුද ලුණුද මුද්‍රිකපානයද තෙල්ද දවස්පතා නොවරදවා ඔවුන්ට දෙනු ලැබේවා. තවද යමෙක් මේ ආඥාව කඩකළොත් ඔහුගේ ගෙයින් බාල්කයක් උදුරා තබා ඔහු උස්සා එහි ගසා තබන හැටියටත් ඔහුගේ ගෙයද මේ නිසා කසළ ගොඩක් කරනු ලබන හැටියටත් නියෝගයක් කරමි. මේක වෙනස්කර යෙරුසලමෙහි තිබෙන දෙවියන්වහන්සේගේ මේ ගෘහය විනාශකරන්ට තමුන්ගේ අත දිගුකරන සියලු රජුන්ද ජාතීන්ද ස්වකීය නාමය එහි පිහිටෙවුවාවූ දෙවියන්වහන්සේ විනාශකරනසේක්වා. දාරියුෂ් නම් මම නියෝගයක් කෙළෙමි; එය ඉක්මනින් ඉෂ්ටකරනු ලැබේවා යනුයි.
එස්රා 6:1-12 Sinhala New Revised Version (NRSV)
එකල දාරියුස් රජු කළ නියෝගයක් අනුව බබිලෝනියෙහි ලේඛනාගාරයේ ගබඩාවල තැන්පත් කරන ලද පොත් සොයා බලන ලදී. එවිට මේදියා ජනපදයේ තිබෙන එක්බතානා බලකොටුවෙහි වාර්තා පොතක් සම්භ විය. එහි මෙසේ කියා තිබිණි: “සයිරස් රජුගේ පළමු වන අවුරුද්දේ දී සයිරස් රජ ජෙරුසලමෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාව ගැන මෙසේ නියෝගයක් කෙළේ ය: ‘ඒ මාලිගාව පූජා ඔප්පු කරන ස්ථානයක් වශයෙන් ගොඩනඟනු ලැබේවා. එහි අත්තිවාරම් සවි කොට පිහිටුවනු ලැබේවා. එහි උස මීටර් විසිහතක් ද පළල මීටර් විසිහතක් ද විය යුතු ය. මහා ගල් පේළි තුනකුත්, අලුත් ලී පේළියකුත් ඇති ව එය සාදනු ලැබේවා. වියදම ද රාජ භාණ්ඩාගාරයෙන් ගෙවනු ලැබේවා. තවද, නෙබුකද්නෙශර් විසින් ජෙරුසලමෙහි තිබෙන මාලිගාවෙන් රැගෙන, බබිලෝනියට ගෙනෙන ලද දෙවියන් වහන්සේගේ මාලිගාවේ රන් රිදී භාණ්ඩ ආපසු දෙනු ලැබ, ජෙරුසලමෙහි තිබෙන මාලිගාවේ නියම තැන්වල තැබීමට ගෙනයනු ලබාවා. ඒවා දෙවියන් වහන්සේගේ මාලිගාවේ තැබිය යුතු ය.’ “ දාරියුස් රජ මේ නියෝගය නිකුත් කෙළේ ය: “මේ නිසා යුප්‍රටීස් ගඟින් එගොඩ සිටින දිශාධිපති තැන වන තත්තෙනයි ද ෂෙතර්-බෝසෙනයි ද යුප්‍රටීස් ගඟින් එගොඩ සිටින පර්සියාවේ නිලධාරීන් ද ඔබේ සහකාරයන් ද යන ඔබ හැම දෙන ම එතැනින් ඈත් ව සිටින්න. “දෙවියන් වහන්සේගේ මේ මාලිගාවේ වැඩ කරගෙන යන පිණිස ජුදෙව්වරුන්ගේ දිශාධිපතියාට ද ජුදෙව්වරුන්ගේ ප්‍රජා මූලිකයන්ට ද ඉඩ හරින්න. දෙවියන් වහන්සේගේ මේ මාලිගාව කලින් තිබුණු ස්ථානයෙහි ඔව්හු ගොඩනඟත් වා. ඇරත් දෙවියන් වහන්සේගේ මේ මාලිගාව ගොඩනැඟීම පිණිස ඔබ ජුදෙව්වරුන්ගේ ඒ ප්‍රජා මූලිකයන්ට කළ යුතු දේ ගැන මම මෙසේ නියෝගයක් කරමි: වැඩට අවහිරයක් නොවන පිණිස රාජ භාණ්ඩාගාරයේ දෙයින් එනම්, යුප්‍රටීස් ගඟින් එගොඩ පෙදෙසින් ලැබෙන බදු ආදායමෙන් නොපමා ව මුළු වියදම දිය යුතු ය. ඔවුන්ට ඕනෑ කරන දේ එනම්, ජෙරුසලමෙහි සිටින පූජකයන්ගේ නියමය ප්‍රකාර ස්වර්ගයේ දෙවියන් වහන්සේට දවන යාග පූජා ඔප්පු කිරීමට ගොන් වස්සන් ද බැටළුවන් ද බැටළු පැටවුන් ද තිරිඟු ද ලුණු ද මුද්‍රික පානය ද තෙල් ද දවස් පතා නොවරදවා ඔවුන්ට සැපයිය යුතු ය. එසේ කළ යුත්තේ, ඔවුන් ස්වර්ගයේ දෙවියන් වහන්සේට මිහිරි සුවඳ ඔප්පු කර රජුගේ ද ඔහුගේ පුත්‍රයන්ගේ ද ශුභසිද්ධිය උදෙසා යාච්ඤා කරන පිණිස ය. තවද, යමෙකු මේ ආඥාව කඩ කළොත්, ඔහුගේ ගෙයින් බාල්කයක් ගලවාගෙන, ඔහු එහි මත උල තැබිය යුතු ය. ඒ හැර මේ අපරාධය නිසා ඔහුගේ ගෙය ද කසළ ගොඩක් කළ යුතු ය. මෙය වෙනස් කර ජෙරුසලමෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මේ මාලිගාව විනාශ කරන්නට තමන්ගේ අත පොවන සියලු රජුන් හෝ ජාතීන් හෝ ස්වකීය නාමය එහි පිහිටෙවුවා වූ දෙවියන් වහන්සේ විනාශ කරන සේක් වා!”
එස්රා 6:1-12 Sinhala New Revised Version 2018 (SNRV)
එකල දාරියුස් රජු කළ නියෝගයක් අනුව බබිලෝනියෙහි ලේඛනාගාරයේ ගබඩාවල තැන්පත් කරන ලද පොත් සොයා බලන ලදී. එවිට මේදියා ජනපදයේ තිබෙන එක්බතානා බලකොටුවෙහි වාර්තා පොතක් සම්භ විය. එහි මෙසේ කියා තිබිණි: “සයිරස් රජුගේ පළමු වන අවුරුද්දේ දී සයිරස් රජ ජෙරුසලමෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාව ගැන මෙසේ නියෝගයක් කෙළේ ය: ‘ඒ මාලිගාව පූජා ඔප්පු කරන ස්ථානයක් වශයෙන් ගොඩනඟනු ලැබේවා. එහි අත්තිවාරම් සවි කොට පිහිටුවනු ලැබේවා. එහි උස මීටර් විසිහතක් ද පළල මීටර් විසිහතක් ද විය යුතු ය. මහා ගල් පේළි තුනකුත්, අලුත් ලී පේළියකුත් ඇති ව එය සාදනු ලැබේවා. වියදම ද රාජ භාණ්ඩාගාරයෙන් ගෙවනු ලැබේවා. තවද, නෙබුකද්නෙශර් විසින් ජෙරුසලමෙහි තිබෙන මාලිගාවෙන් රැගෙන, බබිලෝනියට ගෙනෙන ලද දෙවියන් වහන්සේගේ මාලිගාවේ රන් රිදී භාණ්ඩ ආපසු දෙනු ලැබ, ජෙරුසලමෙහි තිබෙන මාලිගාවේ නියම තැන්වල තැබීමට ගෙනයනු ලබාවා. ඒවා දෙවියන් වහන්සේගේ මාලිගාවේ තැබිය යුතු ය.’ ” දාරියුස් රජ මේ නියෝගය නිකුත් කෙළේ ය: “මේ නිසා යුප්‍රටීස් ගඟින් එගොඩ සිටින දිශාධිපති තැන වන තත්තෙනයි ද ෂෙතර්-බෝසෙනයි ද යුප්‍රටීස් ගඟින් එගොඩ සිටින පර්සියාවේ නිලධාරීන් ද ඔබේ සහකාරයන් ද යන ඔබ හැම දෙන ම එතැනින් ඈත් ව සිටින්න. “දෙවියන් වහන්සේගේ මේ මාලිගාවේ වැඩ කරගෙන යන පිණිස ජුදෙව්වරුන්ගේ දිශාධිපතියාට ද ජුදෙව්වරුන්ගේ ප්‍රජා මූලිකයන්ට ද ඉඩ හරින්න. දෙවියන් වහන්සේගේ මේ මාලිගාව කලින් තිබුණු ස්ථානයෙහි ඔව්හු ගොඩනඟත් වා. ඇරත් දෙවියන් වහන්සේගේ මේ මාලිගාව ගොඩනැඟීම පිණිස ඔබ ජුදෙව්වරුන්ගේ ඒ ප්‍රජා මූලිකයන්ට කළ යුතු දේ ගැන මම මෙසේ නියෝගයක් කරමි: වැඩට අවහිරයක් නොවන පිණිස රාජ භාණ්ඩාගාරයේ දෙයින් එනම්, යුප්‍රටීස් ගඟින් එගොඩ පෙදෙසින් ලැබෙන බදු ආදායමෙන් නොපමා ව මුළු වියදම දිය යුතු ය. ඔවුන්ට ඕනෑ කරන දේ එනම්, ජෙරුසලමෙහි සිටින පූජකයන්ගේ නියමය ප්‍රකාර ස්වර්ගයේ දෙවියන් වහන්සේට දවන යාග පූජා ඔප්පු කිරීමට ගොන් වස්සන් ද බැටළුවන් ද බැටළු පැටවුන් ද තිරිඟු ද ලුණු ද මුද්‍රික පානය ද තෙල් ද දවස් පතා නොවරදවා ඔවුන්ට සැපයිය යුතු ය. එසේ කළ යුත්තේ, ඔවුන් ස්වර්ගයේ දෙවියන් වහන්සේට මිහිරි සුවඳ ඔප්පු කර රජුගේ ද ඔහුගේ පුත්‍රයන්ගේ ද ශුභසිද්ධිය උදෙසා යාච්ඤා කරන පිණිස ය. තවද, යමෙකු මේ ආඥාව කඩ කළොත්, ඔහුගේ ගෙයින් බාල්කයක් ගලවාගෙන, ඔහු එහි මත උල තැබිය යුතු ය. ඒ හැර මේ අපරාධය නිසා ඔහුගේ ගෙය ද කසළ ගොඩක් කළ යුතු ය. මෙය වෙනස් කර ජෙරුසලමෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මේ මාලිගාව විනාශ කරන්නට තමන්ගේ අත පොවන සියලු රජුන් හෝ ජාතීන් හෝ ස්වකීය නාමය එහි පිහිටෙවුවා වූ දෙවියන් වහන්සේ විනාශ කරන සේක් වා!”
එස්රා 6:1-12 New International Version (NIV)
King Darius then issued an order, and they searched in the archives stored in the treasury at Babylon. A scroll was found in the citadel of Ecbatana in the province of Media, and this was written on it: Memorandum: In the first year of King Cyrus, the king issued a decree concerning the temple of God in Jerusalem: Let the temple be rebuilt as a place to present sacrifices, and let its foundations be laid. It is to be sixty cubits high and sixty cubits wide, with three courses of large stones and one of timbers. The costs are to be paid by the royal treasury. Also, the gold and silver articles of the house of God, which Nebuchadnezzar took from the temple in Jerusalem and brought to Babylon, are to be returned to their places in the temple in Jerusalem; they are to be deposited in the house of God. Now then, Tattenai, governor of Trans-Euphrates, and Shethar-Bozenai and you other officials of that province, stay away from there. Do not interfere with the work on this temple of God. Let the governor of the Jews and the Jewish elders rebuild this house of God on its site. Moreover, I hereby decree what you are to do for these elders of the Jews in the construction of this house of God: Their expenses are to be fully paid out of the royal treasury, from the revenues of Trans-Euphrates, so that the work will not stop. Whatever is needed—young bulls, rams, male lambs for burnt offerings to the God of heaven, and wheat, salt, wine and olive oil, as requested by the priests in Jerusalem—must be given them daily without fail, so that they may offer sacrifices pleasing to the God of heaven and pray for the well-being of the king and his sons. Furthermore, I decree that if anyone defies this edict, a beam is to be pulled from their house and they are to be impaled on it. And for this crime their house is to be made a pile of rubble. May God, who has caused his Name to dwell there, overthrow any king or people who lifts a hand to change this decree or to destroy this temple in Jerusalem. I Darius have decreed it. Let it be carried out with diligence.