නික්මයාම 32:9-14
නික්මයාම 32:9-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “මා මේ ජනයා දුටුවා. ඔවුන් තද මුරණ්ඩු ජනතාවක්. ඔවුන්ට විරුද්ධ ව මගේ කෝපය ඇවිළී, මවිසින් ඔවුන් විනාශ කර දමන්නට මට ඉඩ දෙන්න. පසුව මම නුඹෙන් මහත් ජාතියක් සාදන්නෙමි” යි කී සේක. එහෙත් මෝසෙස්, තම දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ආයාචනා කරමින්, “අහෝ ස්වාමින්වහන්ස, මහා බලයකින් හා බලගතු හස්තයකින් ඔබ ම ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ආ ඔබගේ ම ජනයාට එරෙහිව ඔබගේ කෝපය ඇවිළෙන්නේ ඇයි? ඊජිප්තුවරුන් කතා කරමින්, ‘උන්වහන්සේ ඔවුන් පිටතට ගෙන ගොස් ඇත්තේ, කඳුකරයේදී ඔවුන් මරා දමා, පොළෝ තලයෙන් ඔවුන් අතු ගා දමන නපුරු චේතනාවකිනි’ යි කියන්නට ඉඩ සලසන්නේ ඇයි? ඇවිළෙන ඔබේ කෝපය නිවාගත මැනව. සිත වෙනස් කර ගත මැනවි. ඔබේ ජනතාව පිටට මේ විපත්තිය නො පැමිණෙවුව මැනව. ඔබගේ සේවකයින් වූ ආබ්‍රහම් ද ඊසාක් ද ඉශ්‍රායෙල් ද සිහි කළ මැනව. ඔබ ඔවුන්ට ඔබගේ ම නාමයෙන් දිවුරුමින්, ‘ඔබගෙන් පැවත එන්නන් අහසේ තරු මෙන් අසංඛ්‍ය වන්නට සලසමි. මා පොරොන්දු වූ මේ මුළු දේශය, ඔබෙන් පැවත එන්නන්ට දෙන්නෙමි. සදහට ම එය ඔවුන්ට උරුම වනු ඇතැයි’ පැවසූ සේක් නො වේ දැ?” යි කන්නලව් කළේ ය. එවිට ස්වාමින්වහන්සේ තම සිත වෙනස් කර, ස්වකීය ජනතාවට කරන්නේ ය කියූ විපත්තිය නො පැමිණෙවු සේක.
නික්මයාම 32:9-14 Sinhala Revised Old Version (SROV)
තවද ස්වාමීන්වහන්සේ: මම මේ සෙනඟ විමසීමි, බලව, ඔව්හු තද කුළල් ඇති සෙනඟක්ය. එබැවින් මාගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවිළී ඔවුන් විනාශකරන පිණිස මට ඉඩහරින්න; මම නුඹෙන් මහත් ජාතියක් උපදවන්නෙමියි මෝසෙස්ට කීසේක. මෝසෙස් තමන් දෙවිවූ ස්වාමීන්වහන්සේට කන්නලව්කරනුයේ: ස්වාමීන්වහන්ස, ඔබ මහත් බලයෙන් හා බලසම්පන්න හස්තයකින් මිසර දේශයෙන් ගෙනාවාවූ ඔබගේ සෙනඟට විරුද්ධව ඔබගේ උදහස ඇවිළෙන්නේ මන්ද? උන්වහන්සේ ඔවුන් පිටතට ගෙනගියේ නපුර පිණිසය, එනම් කඳුවලදී ඔවුන් මරා පොළෝතලය මතු පිටින් ඔවුන් නාස්තිකරන පිණිසයයි කියන්ට මිසරවරුන්ට ඉඩදෙන්නේ මක්නිසාද? ඔබගේ තද උදහසෙන් හැරී ඔබගේ සෙනඟට පමුණුවන්ට යන මේ විපත ගැන තැවුණ මැනව. ඔබගේ මෙහෙකරුවන්වූ ආබ්‍රහම්ද ඊසාක්ද ඉශ්‍රායෙල්ද සිහිකළ මැනව, ඔබ ඔබවහන්සේ ගැනම ඔවුන්ට දිවුරමින්: නුඹලාගේ වංශය අහසේ තාරකා මෙන් බෝකොට මා කීවාවූ මේ මුළු දේශය නුඹලාගේ වංශයට දෙන්නෙමි, ඔව්හු එය සදාකාලේටම උරුමකරගන්නෝයයි ඔබ කීසේකැයි කීවේය. ස්වාමීන්වහන්සේ තමන් සෙනඟට කරන්නේයයි කී විපත ගැන තැවුණසේක.
නික්මයාම 32:9-14 Sinhala New Revised Version (NRSV)
තවදුරටත් උන් වහන්සේ මෝසෙස් අමතමින්, “මේ සෙනඟ මුරණ්ඩු සෙනඟක් බව මට පෙනේ. දැන් ඉතින්, මාගේ කෝපාග්නිය ඔවුන්ට විරුද්ධ ව වේගවත් ව ඇවිලෙයි. මම ඔවුන් වනසාලන්නෙමි. එහෙත්, මම නුඹෙන් මහත් ජාතියක් සාදන්නෙමි”යි වදාළ සේක. එහෙත්, මෝසෙස් තම දෙවි සමිඳාණන් වහන්සේට කන්නලව් කරමින්, “ස්වාමීනි, ඔබ මහත් බලය පාමින් ද ඔබේ බාහු බලයෙන් ද මිසර දේශයෙන් පිටතට ගෙනා ඔබේ සෙනඟට විරුද්ධ ව ඔබේ උදහස වේගවත් ලෙස අවුළන්නේ මන් ද? ‘දෙවියන් වහන්සේ ඔවුන් පිටතට ගෙනාවේ දුෂ්ට අදහසකින්, කඳුකරයේ ඔවුන් මරාදමා, මිහි පිටින් ඔවුන් තුරන් කිරීමට ය’යි කීමට මිසර වාසීන්ට ඔබ ඉඩ තබන්නේ මන් ද? ඔබ මේ ඇවිලෙන කෝපාග්නිය නිවාගෙන ඔබේ සෙනඟට විරුද්ධ ව කරන්න යන මේ නපුර ගැන සිත වෙනස් කරගනු මැනව. ඔබේ සේවකයන් වූ ආබ්‍රහම්, ඊසාක් සහ ඉශ්රායෙල් සිහි කළ මැනව. ඔබ ඔබේ නාමයෙන් ම දිවුරමින්, ‘අහසේ තරු මෙන් නුඹේ පෙළපත මම වර්ධනය කරන්නෙමි. නුඹට පොරොන්දු වූ මේ දේශය මම මුළුමනින් ම නුඹට දෙන්නෙමි. තවද ඔව්හු එය සදහට ම උරුම කරගන්නෝ ය’යි කියා ඔබ නොවදාළ සේක් දැ”යි විචාළේ ය. එවිට සමිඳාණන් වහන්සේ තම සිත වෙනස් කොට සිය සෙනඟට කරන්න අදහස් කළ නපුර අත් හළ සේක.
නික්මයාම 32:9-14 Sinhala New Revised Version 2018 (SNRV)

නික්මයාම 32:9-14 New International Version (NIV)
“I have seen these people,” the LORD said to Moses, “and they are a stiff-necked people. Now leave me alone so that my anger may burn against them and that I may destroy them. Then I will make you into a great nation.” But Moses sought the favor of the LORD his God. “LORD,” he said, “why should your anger burn against your people, whom you brought out of Egypt with great power and a mighty hand? Why should the Egyptians say, ‘It was with evil intent that he brought them out, to kill them in the mountains and to wipe them off the face of the earth’? Turn from your fierce anger; relent and do not bring disaster on your people. Remember your servants Abraham, Isaac and Israel, to whom you swore by your own self: ‘I will make your descendants as numerous as the stars in the sky and I will give your descendants all this land I promised them, and it will be their inheritance forever.’ ” Then the LORD relented and did not bring on his people the disaster he had threatened.