ද්වීතීය කථාව 11:8-24

ද්වීතීය කථාව 11:8-24 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එබැවින් අද දවසේ මා ඔබට දෙන ආඥා සියල්ල පිළිපැදිය යුත්තේ, හිමි කර ගැනීම පිණිස යොර්දානෙන් එතෙර ව, ඔබ යන දේශයට පිවිස, එය අත්කර ගැනීමට ඔබට සවිබල ලැබෙනු පිණිසත්, ඔබේ පියවරුනට හා ඔවුන්ගෙන් පැවත එන්නන්ට දීමට ස්වාමින්වහන්සේ ඔවුනට දිවුළ ඒ කිරි හා පැණි ගලා යන දේශයේ ඔබ දිගු කල් ජීවත් වන පිණිසත් ය. අත්කර ගැනීමට ඔබ ඇතුළු වන මේ දේශය, ඔබ පිටත් ව ආ ඊජිප්තු දේශය මෙන් නො වේ. බීජ වැපුරූ කල, එහිදී එළවළු පාත්තියකදී මෙන් ජල සැපයුම, පා ආධාරයෙන් කළ යුතු විණි. එහෙත් හිමි කර ගැනීමට යොර්දානෙන් එතෙර ව ඔබ යන දේශය, අහස් වැස්ස උරාගන්න කඳු මිටියාවත්වලින් යුත් දේශයකි. එය ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ විසින් රැක බලාගන්නා දේශයකි; අවුරුද්දේ මුල සිට අග දක්වා ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ඇස් නිරතුරු ඊට යොමු ව ඇත. එබැවින් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ඔබේ මුළු හදවතින් ද ඔබේ මුළු ජීවයෙන් ද ප්‍රේම කරන ලෙසට හා උන්වහන්සේට සේවය කරන ලෙසට, අද මා ඔබට දෙන ආඥාවලට විශ්වාසී ව ඔබ කීකරු වෙතොත්, ඔබේ ධාන්‍ය ද අලුත් මිදි යුෂ හා තෙල් ද රැස් කර ගැනීමට ඔබට හැකි වන සේ, ඔබේ දේශයට මම ශරත් සහ වසන්ත සෘතු වැසි නිසි කල වස්සන්නෙමි. ඔබේ ගවයින්ට කෙත් වත්හි තෘණ වැවෙන්නට මම සලසමි. මෙසේ ඔබ සිත් සේ කා, බී සෑහී සිටිනු ඇත. පරෙස්සම් වන්න; නැතහොත් ස්වාමින්වහන්සේ වෙතින් අහක් ව ගොස්, වෙනත් දෙවි-දේවතාවුන් නමැද, ඔවුනට වැඳ වැටීමට ඔබ හදවතින් මුළා වනු ඇත. එවිට, ස්වාමින්වහන්සේගේ කෝපය ඔබට එරෙහිව ඇවිළී, උන්වහන්සේ වැසි නො වසින පිණිස අහස පියවනු ඇත. එවිට පොළොව එහි අස්වනු නූපද්දනු ඇත. ස්වාමින්වහන්සේ ඔබට දෙන දේශයෙන් ඔබ ඉක්මනින් වැනසී යනු ඇත. මගේ මේ වචන ඔබේ හදේත්, ඔබේ සිතේත් නිදන් කර ගන්න. ඒවා ඔබේ අත්වල සංකේත ලෙසින් ද ඔබේ නළලේ නළල් පටියක් ලෙසින් ද බැඳ ගන්න. නිවසේ ඔබ හිඳ සිටින විට ද පාරේ ගමන් කරන විට ද ඔබ නිදා ගන්න විට හා අවදි වන විට ද ඒවා ගැන කතා කරමින් ඔබේ දරුවනට ඒවා උගන්වන්න. ඒවා ඔබ නිවෙස්හි උළුවහුවල ද ඔබේ දොරටුවල ද ලියා තබන්න. එවිට, ඔබේ පියවරුනට දෙන්නෙමැයි ස්වාමින්වහන්සේ දිවුළ දේශයෙහි ඔබගේත්, ඔබේ දරුවන්ගේත් ආයු කාලය, පොළොවට ඉහළින් වූ අහසේ ආයු කාලය මෙන් දීර්ඝ වන්නේ ය. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රේම කිරීමත්, උන්වහන්සේගේ මාර්ග සියල්ලෙහි ගමන් කිරීමත්, උන්වහන්සේට ඇලුම් ව සිටීමත් රක්ෂා කරන ලෙසට මා ඔබට දෙන මේ ආඥා සියල්ල ඔබ සැලකිල්ලෙන් පිළිපදින්නේ නම්, ස්වාමින්වහන්සේ ඔබ ඉදිරියෙන් මේ සියලු ජාතීන් පන්නා දමන සේක. එවිට ඔබට වඩා විශාල, ඔබට වඩා බලවත් ජාතීන් ඔබ අත්පත් කර ගන්නවා ඇත. ඔබ පා තබන හැම බිම් කොටසක් ම ඔබට වන්නේ ය. ඔබගේ දේශ සීමාව, කාන්තාරයේ සිට ලෙබනොන් දක්වාත්, යුප්‍රටීස් ගංගාවේ සිට බටහිර මුහුද දක්වාත් විහිදේ.

ද්වීතීය කථාව 11:8-24 Sinhala Revised Old Version (SROV)

එබැවින් නුඹලා ශක්තිමත්ව සිට නුඹලා විසින් හිමිකර ගැනීමට එතරව යන දේශයට ඇතුල්වී ඒක හිමිකරගන්නා පිණිසද, නුඹලාගේ පියවරුන්ටත් ඔවුන්ගේ වංශයටත් දෙන ලෙස ස්වාමීන්වහන්සේ ඔවුන්ට දිවුළාවූ කිරි හා මීපැණි ගලායන්නාවූ දේශය මතුපිට නුඹලාගේ දවස් වැඩිකර ගන්නා පිණිසද මා විසින් අද නුඹලාට අණකරන මුළු ආඥාව පවත්වන්න. මක්නිසාද නුඹලා හිමිකරගැනීමට ඇතුල්වෙන දේශය නුඹලා පිටත්ව ආවාවූ, බීජ වැපුරු කල එළවලු වත්තකට මෙන් පයින් වතුර ඉසින්ට ඕනෑ කරන්නාවූ මිසර දේශය මෙන් නොවේ. නුමුත් නුඹලා විසින් හිමිකරගැනීමට එතරව යන දේශය හෙල්වලින් හා මිටියාවත්වලින් යුක්තවූ, අහසෙන් වෑස්සෙන වතුර උරාගන්නාවූ දේශයක්ය; නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බලා සලකන්නාවූ දේශයක්ය. අවුරුද්ද පටන්ගැන්මේ සිට අවුරුද්ද අන්තිමය දක්වා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ඇස් නිරන්තරයෙන් එය කෙරෙහි යොමුවී තිබේ. ඉදින් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹලා ප්‍රේමකොට නුඹලාගේ මුළු සිතෙනුත් මුළු ආත්මයෙනුත් උන්වහන්සේට සේවයකරන ලෙස, මා අද නුඹලාට අණකරන මාගේ අණට නුඹලා ඇත්තටම කීකරුවුණොත්, නුඹේ ධාන්‍ය හා මුද්‍රික ඵලද තෙල්ද රැස්කරගන්නා පිණිස මම නිසි කාලයට නුඹලාගේ දේශයෙහි වර්ෂාව එනම් ප්‍රථම වර්ෂාවද අන්තිම වර්ෂාවද දෙන්නෙමි. නුඹ කා තෘප්තියට පැමිණෙන පිණිස සිව්පාවුන්ට නුඹේ පිට්ටනිවල තණකොළ හටගන්වා දෙන්නෙමි. නුඹලාගේ සිත් රැවටී, නුඹලා අහක්ව ගොස්, අන් දෙවිවරුන්ට සේවයකරමින් නමස්කාර නොකරන හැටියට බලාගන්න. එසේ කළොත් ස්වාමීන්වහන්සේගේ උදහස නුඹලාට විරුද්ධව ඇවිළ, වැසි නොවසින ලෙසද භූමියේ අස්වැන්න හටනොගන්නා ලෙසද උන්වහන්සේ අහස පියවා ඇත; නුඹලාද ස්වාමීන්වහන්සේ නුඹලාට දෙන්නාවූ ඒ හොඳ දේශය මතුපිටින් ඉක්මනින් නැතිවී යනවා ඇත. එබැවින් ස්වාමීන්වහන්සේ නුඹලාගේ පියවරුන්ට දිවුළ දේශයෙහි නුඹලාගේ දවස්ද නුඹලාගේ දරුවන්ගේ දවස්ද පොළොවට ඉහළින්වූ අහස පවත්නා දවස් මෙන් වැඩිවෙන පිණිස, නුඹලා මාගේ මේ වචන නුඹලාගේ සිතෙහිද ආත්මයෙහිද තබාගෙන, ඒවා නුඹලාගේ අත්වල ලකුණක් පිණිස බැඳ, නුඹලාගේ ඇස් අතරේ නළල් පටි පිණිසද බැඳ ගන්න. නුඹ ගෙදර ඉන්න විටත් මාර්ගයෙහි යන විටත් නුඹ නිදාගන්න විටත් නැගිටින විටත් ඒවා ගැන කථාකරමින්, ඒවා නුඹලාගේ දරුවන්ට උගන්වන්න. ඒවා නුඹේ ගෙයි උළුවහුද නුඹේ දොරවල්ද පිට ලියන්න. මක්නිසාද මා නුඹලාට අණකරන මේ මුළු ආඥාව රක්ෂාකරන ලෙස නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹලා ප්‍රේමකොට උන්වහන්සේගේ සියලු මාර්ගවල හැසිරෙමින් උන්වහන්සේට ඇලුම්ව සිටින ලෙස නුඹලා ඇත්තටම එය පවත්වනවා නම්, ස්වාමීන්වහන්සේ මේ සියලු ජාතීන් නුඹලා ඉදිරියෙන් පන්නාදමනවා ඇත, නුඹලාද නුඹලාට වඩා මහත්වූ බලවත්වූ ජාතීන් අත්පත් කරගන්නවා ඇත. නුඹලාගේ පා තබන සියලු තැන් නුඹලාට වන්නේය. නුඹලාගේ සීමාව කාන්තාරය හා ලෙබනොන් සිට ප්‍රාත් ගඟ පටන් පිටුපස මුහුද දක්වාම වන්නේය.

ද්වීතීය කථාව 11:8-24 Sinhala New Revised Version (NRSV)

“එබැවින් මා ඔබට අද දින නියම කරන සියලු අණපණත් ඔබ පිළිපැදිය යුතු ය. එසේ කළොත්, ඔබ ශක්තිමත් වී, හිමි කරගන්නට යන දේශයට ඇතුළු වී එය අයිති කරගනු ඇත. සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ටත්, ඔවුන්ගේ පෙළපතටත් දෙන්නට පොරොන්දු වූ කිරෙන් සහ මී පැණියෙන් ඉතිරෙන ඒ දේශයෙහි ඔබට චිරාත් කාලයක් ජීවත් වීමට හැකි වනු ඇත. ඔබ අයිති කරගන්නට යන දේශය ඔබ නික්ම පැමිණි මිසර දේශය මෙන් නොවේ. මිසරයේ නම් වැපුරුවායින් පසු, එළවළු වත්තකට මෙන් ජල රෝදයක් පෑගීමෙන් ජලය සැපයීම කළ යුතුව තිබුණි. එහෙත්, ඔබ අයිති කරගන්නට යන රට, අහසින් වහින වැහි වතුර උරා බොන කඳුවැටිවලින් හා නිම්නවලින් යුත් එකකි. එය ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ සලකන රටකි, අවුරුද්දේ මුල සිට අග දක්වා උන් වහන්සේගේ බැල්ම නිතර ම ඒ රට කෙරෙහි යොමු ව පවතී. “අද දින මා ඔබට නියම කරන අණපණත්වලට ඔබ උනන්දුවෙන් සවන් දී, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කොට, ඔබේ මුළු හෘදයෙන් ද, ඔබේ මුළු ආත්මයෙන් ද උන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නහු නම්, ඔබේ දේශයට නියම කාලය වන සරත් කාලයේ දී සහ වසන්තයේ දී වැසි වස්වනු ඇත. එවිට ඔබට ඔබේ ධනධාන්‍ය ද මිදිපල ද තෙල් ද එකතු කරගත හැකි ය. ඔබේ ගවමහිෂයන් සඳහා කෙත්වල තණ වැවෙන්නට ද සලස්වනු ඇත. ඔබට කෑම කා තෘප්තිමත් වීමට හැකි වනු ඇත. එහෙත්, අන් මඟක ගොස්, අන් දෙවි දේවතාවන්ට වැඳුම්පිදුම් හා නමස්කාර කරන සේ නොරැවටෙන්නට වගබලාගන්න. ඔබ එසේ නොකළොත්, ඔබට විරුද්ධ ව සමිඳාණන් වහන්සේගේ උදහස ඇවිලෙනු ඇත. වැසි නොවස්නා පිණිස ද, පොළොවෙන් පලදාව ඇති නොවන පිණිස ද උන් වහන්සේ අහසේ වැහි කවුළු වසා දමන සේක. එවිට උන් වහන්සේ ඔබට දෙන සාර භූමියෙහි ඔබ විගස මියයනු ඇත. “එබැවින් ඔබ හැම මාගේ මේ වචන ඔබේ හදවතෙහි ද සිතෙහි ද තැන්පත් කරගත යුතු ය. ඔබේ අත්වල ලකුණක් මෙන් ද ඔබගේ නළල මත පටි මෙන් ද ඒවා බැඳගත යුතු ය. ඒවා ඔබේ දරුදැරියන්ට ඉගැන්විය යුතු ය. ඔබ ගෙදර සිටින විට ද, පාරේ යන එන විට ද, සැතපෙන විට හා අවදි වන විට ද ඒවා ගැන කතා කළ යුතු ය. ඒවා ඔබේ ගෙදර උළුවහුවල ද දොරටුවේ ද සටහන් කළ යුතු ය. එසේ කළොත්, සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ට දෙන්නට පොරොන්දු වූ දේශයෙහි ඔබේ ආයු කාලයත් ඔබේ දරුදැරියන්ගේ ආයු කාලයත් මිහි පිට ඉර හඳ පවතින තාක් දික් වන්නේ ය. “මා ඔබට නියම කරන මේ සියලු අණපණත් ඔබ උනන්දුවෙන් ආරක්ෂා කොට, ඒවා පිළිපදිමින්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේමය දක්වා උන් වහන්සේගේ සියලු මාර්ගවල යමින්, උන් වහන්සේට ඇලුම් ව සිටින්නහු නම්, උන් වහන්සේ ඔබට පෙරටුවෙන් මේ සියලු ජාතීන් පන්නාදමන සේක. ඔබ ද ඔබට වඩා ගණනින් විශාල, බලසම්පන්න ජාතීන්ට අයත් රටවල් අයිති කරගන්නහු ය. ඔබ පස් පාගන හැම තැනක් ම ඔබට අයිති වනු ඇත. පාළුකරයේ සිට ලෙබනොන් දේශය දක්වා ද, යුප්‍රටීස් ගංගාවේ සිට මධ්‍යධරණි මුහුද දක්වා ද දේශය ඔබේ වන්නේ ය.

ද්වීතීය කථාව 11:8-24 Sinhala New Revised Version 2018 (SNRV)

“එබැවින් මා ඔබට අද දින නියම කරන සියලු අණපනත් ඔබ පිළිපැදිය යුතු ය. එසේ කළොත්, ඔබ ශක්තිමත් වී, හිමි කරගන්නට යන දේශයට ඇතුළු වී එය අයිති කරගනු ඇත. සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ටත්, ඔවුන්ගේ පෙළපතටත් දෙන්නට පොරොන්දු වූ කිරෙන් සහ මී පැණියෙන් ඉතිරෙන ඒ දේශයෙහි ඔබට චිරාත් කාලයක් ජීවත් වීමට හැකි වනු ඇත. ඔබ අයිති කරගන්නට යන දේශය ඔබ නික්ම පැමිණි මිසර දේශය මෙන් නොවේ. මිසරයේ නම් වැපුරුවායින් පසු, එළවළු වත්තකට මෙන් ජල රෝදයක් පෑගීමෙන් ජලය සැපයීම කළ යුතුව තිබුණි. එහෙත්, ඔබ අයිති කරගන්නට යන රට, අහසින් වහින වැහි වතුර උරා බොන කඳුවැටිවලින් හා නිම්නවලින් යුත් එකකි. එය ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ සලකන රටකි, අවුරුද්දේ මුල සිට අග දක්වා උන් වහන්සේගේ බැල්ම නිතර ම ඒ රට කෙරෙහි යොමු ව පවතී. “අද දින මා ඔබට නියම කරන අණපනත්වලට ඔබ උනන්දුවෙන් සවන් දී, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කොට, ඔබේ මුළු හෘදයෙන් ද, ඔබේ මුළු ආත්මයෙන් ද උන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නහු නම්, ඔබේ දේශයට නියම කාලය වන සරත් කාලයේ දී සහ වසන්තයේ දී වැසි වස්වනු ඇත. එවිට ඔබට ඔබේ ධනධාන්‍ය ද මිදිපල ද තෙල් ද එකතු කරගත හැකි ය. ඔබේ ගවමහිෂයන් සඳහා කෙත්වල තණ වැවෙන්නට ද සලස්වනු ඇත. ඔබට කෑම කා තෘප්තිමත් වීමට හැකි වනු ඇත. එහෙත්, අන් මඟක ගොස්, අන් දෙවි දේවතාවන්ට වැඳුම්පිදුම් හා නමස්කාර කරන සේ නොරැවටෙන්නට වගබලාගන්න. ඔබ එසේ නොකළොත්, ඔබට විරුද්ධ ව සමිඳාණන් වහන්සේගේ උදහස ඇවිලෙනු ඇත. වැසි නොවස්නා පිණිස ද, පොළොවෙන් පලදාව ඇති නොවන පිණිස ද උන් වහන්සේ අහසේ වැහි කවුළු වසා දමන සේක. එවිට උන් වහන්සේ ඔබට දෙන සාර භූමියෙහි ඔබ විගස මියයනු ඇත. “එබැවින් ඔබ හැම මාගේ මේ වචන ඔබේ හදවතෙහි ද සිතෙහි ද තැන්පත් කරගත යුතු ය. ඔබේ අත්වල ලකුණක් මෙන් ද ඔබගේ නළල මත පටි මෙන් ද ඒවා බැඳගත යුතු ය. ඒවා ඔබේ දරුදැරියන්ට ඉගැන්විය යුතු ය. ඔබ ගෙදර සිටින විට ද, පාරේ යන එන විට ද, සැතපෙන විට හා අවදි වන විට ද ඒවා ගැන කතා කළ යුතු ය. ඒවා ඔබේ ගෙදර උළුවහුවල ද දොරටුවේ ද සටහන් කළ යුතු ය. එසේ කළොත්, සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ට දෙන්නට පොරොන්දු වූ දේශයෙහි ඔබේ ආයු කාලයත් ඔබේ දරුදැරියන්ගේ ආයු කාලයත් මිහි පිට ඉර හඳ පවතින තාක් දික් වන්නේ ය. “මා ඔබට නියම කරන මේ සියලු අණපනත් ඔබ උනන්දුවෙන් ආරක්ෂා කොට, ඒවා පිළිපදිමින්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේමය දක්වා උන් වහන්සේගේ සියලු මාර්ගවල යමින්, උන් වහන්සේට ඇලුම් ව සිටින්නහු නම්, උන් වහන්සේ ඔබට පෙරටුවෙන් මේ සියලු ජාතීන් පන්නාදමන සේක. ඔබ ද ඔබට වඩා ගණනින් විශාල, බලසම්පන්න ජාතීන්ට අයත් රටවල් අයිති කරගන්නහු ය. ඔබ පස් පාගන හැම තැනක් ම ඔබට අයිති වනු ඇත. පාළුකරයේ සිට ලෙබනොන් දේශය දක්වා ද, යුප්‍රටීස් ගංගාවේ සිට මධ්‍යධරණි මුහුද දක්වා ද දේශය ඔබේ වන්නේ ය.

ද්වීතීය කථාව 11:8-24 New International Version (NIV)

Observe therefore all the commands I am giving you today, so that you may have the strength to go in and take over the land that you are crossing the Jordan to possess, and so that you may live long in the land the LORD swore to your ancestors to give to them and their descendants, a land flowing with milk and honey. The land you are entering to take over is not like the land of Egypt, from which you have come, where you planted your seed and irrigated it by foot as in a vegetable garden. But the land you are crossing the Jordan to take possession of is a land of mountains and valleys that drinks rain from heaven. It is a land the LORD your God cares for; the eyes of the LORD your God are continually on it from the beginning of the year to its end. So if you faithfully obey the commands I am giving you today—to love the LORD your God and to serve him with all your heart and with all your soul— then I will send rain on your land in its season, both autumn and spring rains, so that you may gather in your grain, new wine and olive oil. I will provide grass in the fields for your cattle, and you will eat and be satisfied. Be careful, or you will be enticed to turn away and worship other gods and bow down to them. Then the LORD’s anger will burn against you, and he will shut up the heavens so that it will not rain and the ground will yield no produce, and you will soon perish from the good land the LORD is giving you. Fix these words of mine in your hearts and minds; tie them as symbols on your hands and bind them on your foreheads. Teach them to your children, talking about them when you sit at home and when you walk along the road, when you lie down and when you get up. Write them on the doorframes of your houses and on your gates, so that your days and the days of your children may be many in the land the LORD swore to give your ancestors, as many as the days that the heavens are above the earth. If you carefully observe all these commands I am giving you to follow—to love the LORD your God, to walk in obedience to him and to hold fast to him— then the LORD will drive out all these nations before you, and you will dispossess nations larger and stronger than you. Every place where you set your foot will be yours: Your territory will extend from the desert to Lebanon, and from the Euphrates River to the Mediterranean Sea.