1 රාජාවලිය 15:25-32
1 රාජාවලිය 15:25-32 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යූදාහි රජු වූ ආසාගේ දෙවන වසරේ යෙරොබොවම්ගේ පුත් නාදාබ්, ඉශ්‍රායෙල්හි රජකමට පත් විය. ඔහු වසර දෙකක් ඉශ්‍රායෙල්හි රජකම් කළේ ය. ඔහු තම පියා විසින් ඉශ්‍රායෙල්ට කරන්නට සලස්වා තිබූ ඔහුගේ පාපයේ හා ඔහුගේ අඩිපාරේ යමින්, ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ නපුරු ව තිබූ දේ කළේ ය. නාදාබ් සහ මුළු ඉශ්‍රායෙල් ජනයා පිලිස්ති නගරයක් වූ ගිබ්බෙතෝන් වටලා සිටියදී, ඉස්සාකර් වංශික අහියාගේ පුත් බාෂා ඔහුට එරෙහිව කුමන්ත්‍රණ කොට, එහිදී ඔහු ගසා හෙළී ය. බාෂා, යූදාහි රජු වූ ආසාගේ තුන්වෙනි වසරේ නාදාබ් මරා, ඔහු වෙනුවට රජකමට පත් විය. ඔහු රජකම් කරන්නට පටන් ගත් විගස යෙරොබොවම්ගේ මුළු පියවංශය ම මරා දැමී ය. ඔහු පණ ඇති කිසිවකු යෙරොබොවම්ට ඉතිරි කළේ නැත. ඒ සියලු දෙනා ම විනාශ කර දැමී ය. එසේ වූයේ ස්වකීය සේවක ෂීලෝහි අහියා මගින් දෙන ලද ස්වාමින්වහන්සේගේ වචනයට අනුව, යෙරොබොවම් කළ පව් නිසාත්, ඔහු ඉශ්‍රායෙල්ට කරන්නට සැලැස් වූ පව් නිසාත්, ඔහු ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ කෝප ගැන් වූ නිසාත් ය. නාදාබ් සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ සියල්ල ද ඉශ්‍රායෙල්හි රජවරුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද? ආසා හා ඉශ්‍රායෙල්හි රජු වූ බාෂා අතර ඔවුන්ගේ පාලන කාලය පුරා යුද්ධ පැවතිණි.
1 රාජාවලිය 15:25-32 Sinhala Revised Old Version (SROV)
යෙරොබොවම්ගේ පුත්‍රවූ නාදාබ් යූදාහි රජවූ ආසාගේ දෙවෙනි අවුරුද්දේ ඉශ්‍රායෙල් කෙරෙහි රජ වී දෑවුරුද්දක් රජකම්කෙළේය. ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කොට, තමාගේ පියාගේ මාර්ගයෙහිද ඉශ්‍රායෙල්ට පව්කරන්ට සැලැස්සුවාවූ ඔහුගේ පාපයෙහිද හැසුරුණේය. තවද ඉස්සාඛර් වංශයේ අහියාගේ පුත්‍රවූ බාෂා නාදාබ්ට විරුද්ධව කුමන්ත්‍රණයකොට, නාදාබ් සහ සියලු ඉශ්රායෙල්වරුන් පිලිස්තිවරුන්ට අයිති ගිබ්බෙතෝන් වටලාගන සිටින අතර එහිදී ඔහුට පහරදුන්නේය. යූදාහි රජවූ ආසාගේ තුන්වෙනි අවුරුද්දේදී බාෂාතෙමේ නාදාබ් මරා ඔහු වෙනුවට රජවුණේය. තවද රජවූ වහාම ඔහු යෙරොබොවම්ගේ මුළු වංශය නැසුවේය; විනාශනොකර පණපිටින් කිසිවෙකු ඔහු යෙරොබොවම්ට ඉතුරු නොකෙළේය. එසේ වුණේ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උදහස්කරන ලෙස යෙරොබොවම් විසින් කළාවූද ඉශ්‍රායෙල්වරුන්ට කරන්ට සැලැස්සුවාවූද පව් නිසා ස්වාමීන්වහන්සේ තමන්ගේ දාසයාවූ ෂීලොනිය අහියා ලවා කියෙවු උන්වහන්සේගේ වචනයේ හැටියටය. නාදාබ්ගේ අනික් කාරණාද ඔහු කළ සියල්ලද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද? ආසා සහ ඉශ්‍රායෙල්හි රජවූ බාෂා අතරේ ඔවුන්ගේ සියලු දවස්වල යුද්ධ පැවතුණේය.
1 රාජාවලිය 15:25-32 Sinhala New Revised Version (NRSV)
ජෙරොබෝවම්ගේ පුත් නාදාබ් ජුදාහි රජ වූ ආසාගේ දෙ වන අවුරුද්දේ දී ඉශ්රායෙල් දේශයෙහි රජ වී දෑවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දේ කොට, තම පියාගේ අඩි පාරේ ගමන් කරමින්, තම පියා ඉශ්රායෙල්වරුන්ට කරන්න සැලැස්සූ පාප ද කෙළේ ය. තවද, ඉස්සාකර් වංශයේ අහියාගේ පුත් බාෂා, නාදාබ්ට විරුද්ධ ව කුමන්ත්‍රණ කොට, නාදාබ් සහ සියලු ඉශ්රායෙල්වරුන් පිලිස්තිවරුන්ට අයිති ගිබ්බෙතොන් නගරය වටලා සිටි අතර එහි දී ඔහුට පහර දුන්නේ ය. ජුදාහි රජ වූ ආසාගේ තුන් වන අවුරුද්දේ දී බාෂා තෙමේ නාදාබ් මරා ඔහු වෙනුවට රජ විය. තවද, ඔහු රජ වූ වහා ම ජෙරොබෝවම්ගේ මුළු වංශය නැසුවේ ය. විනාශ නොකර පණපිටින් කිසිවෙකු ඔහු ජෙරොබෝවම්ට ඉතිරි නොකෙළේ ය. එසේ වුණේ, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ උදහස් කරන ලෙස, ජෙරොබෝවම් විසින් කළා වූ ද, ඔහු ඉශ්රායෙල්වරුන්ට කරන්න සැලැස්සුවා වූ ද පව් නිසා, සමිඳාණන් වහන්සේ ස්වකීය දාසයා වූ ෂිලෝහි අහියා ලවා කියෙවූ උන් වහන්සේගේ පණිවුඩය හැටියට ය. නාදාබ් පිළිබඳ ඉතිරි කරුණු ද ඔහු කළ සියල්ල ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද? ආසා සහ ඉශ්රායෙල්වරුන්ගේ රජ වූ බාෂා අතර ඔවුන්ගේ මුළු ජීවිත කාලය තුළ ම යුද්ධ පැවතිණි.
1 රාජාවලිය 15:25-32 Sinhala New Revised Version 2018 (SNRV)

1 රාජාවලිය 15:25-32 New International Version (NIV)
Nadab son of Jeroboam became king of Israel in the second year of Asa king of Judah, and he reigned over Israel two years. He did evil in the eyes of the LORD, following the ways of his father and committing the same sin his father had caused Israel to commit. Baasha son of Ahijah from the tribe of Issachar plotted against him, and he struck him down at Gibbethon, a Philistine town, while Nadab and all Israel were besieging it. Baasha killed Nadab in the third year of Asa king of Judah and succeeded him as king. As soon as he began to reign, he killed Jeroboam’s whole family. He did not leave Jeroboam anyone that breathed, but destroyed them all, according to the word of the LORD given through his servant Ahijah the Shilonite. This happened because of the sins Jeroboam had committed and had caused Israel to commit, and because he aroused the anger of the LORD, the God of Israel. As for the other events of Nadab’s reign, and all he did, are they not written in the book of the annals of the kings of Israel? There was war between Asa and Baasha king of Israel throughout their reigns.