ජෙරොබෝවම්ගේ පුත් නාදාබ් ජුදාහි රජ වූ ආසාගේ දෙ වන අවුරුද්දේ දී ඉශ්රායෙල් දේශයෙහි රජ වී දෑවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දේ කොට, තම පියාගේ අඩි පාරේ ගමන් කරමින්, තම පියා ඉශ්රායෙල්වරුන්ට කරන්න සැලැස්සූ පාප ද කෙළේ ය. තවද, ඉස්සාකර් වංශයේ අහියාගේ පුත් බාෂා, නාදාබ්ට විරුද්ධ ව කුමන්ත්‍රණ කොට, නාදාබ් සහ සියලු ඉශ්රායෙල්වරුන් පිලිස්තිවරුන්ට අයිති ගිබ්බෙතොන් නගරය වටලා සිටි අතර එහි දී ඔහුට පහර දුන්නේ ය. ජුදාහි රජ වූ ආසාගේ තුන් වන අවුරුද්දේ දී බාෂා තෙමේ නාදාබ් මරා ඔහු වෙනුවට රජ විය. තවද, ඔහු රජ වූ වහා ම ජෙරොබෝවම්ගේ මුළු වංශය නැසුවේ ය. විනාශ නොකර පණපිටින් කිසිවෙකු ඔහු ජෙරොබෝවම්ට ඉතිරි නොකෙළේ ය. එසේ වුණේ, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ උදහස් කරන ලෙස, ජෙරොබෝවම් විසින් කළා වූ ද, ඔහු ඉශ්රායෙල්වරුන්ට කරන්න සැලැස්සුවා වූ ද පව් නිසා, සමිඳාණන් වහන්සේ ස්වකීය දාසයා වූ ෂිලෝහි අහියා ලවා කියෙවූ උන් වහන්සේගේ පණිවුඩය හැටියට ය. නාදාබ් පිළිබඳ ඉතිරි කරුණු ද ඔහු කළ සියල්ල ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද? ආසා සහ ඉශ්රායෙල්වරුන්ගේ රජ වූ බාෂා අතර ඔවුන්ගේ මුළු ජීවිත කාලය තුළ ම යුද්ධ පැවතිණි.
1 රාජාවලිය 15 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 1 රාජාවලිය 15:25-32
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ