යූදාහි රජු වූ ආසාගේ දෙවන වසරේ යෙරොබොවම්ගේ පුත් නාදාබ්, ඉශ්‍රායෙල්හි රජකමට පත් විය. ඔහු වසර දෙකක් ඉශ්‍රායෙල්හි රජකම් කළේ ය. ඔහු තම පියා විසින් ඉශ්‍රායෙල්ට කරන්නට සලස්වා තිබූ ඔහුගේ පාපයේ හා ඔහුගේ අඩිපාරේ යමින්, ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ නපුරු ව තිබූ දේ කළේ ය. නාදාබ් සහ මුළු ඉශ්‍රායෙල් ජනයා පිලිස්ති නගරයක් වූ ගිබ්බෙතෝන් වටලා සිටියදී, ඉස්සාකර් වංශික අහියාගේ පුත් බාෂා ඔහුට එරෙහිව කුමන්ත්‍රණ කොට, එහිදී ඔහු ගසා හෙළී ය. බාෂා, යූදාහි රජු වූ ආසාගේ තුන්වෙනි වසරේ නාදාබ් මරා, ඔහු වෙනුවට රජකමට පත් විය. ඔහු රජකම් කරන්නට පටන් ගත් විගස යෙරොබොවම්ගේ මුළු පියවංශය ම මරා දැමී ය. ඔහු පණ ඇති කිසිවකු යෙරොබොවම්ට ඉතිරි කළේ නැත. ඒ සියලු දෙනා ම විනාශ කර දැමී ය. එසේ වූයේ ස්වකීය සේවක ෂීලෝහි අහියා මගින් දෙන ලද ස්වාමින්වහන්සේගේ වචනයට අනුව, යෙරොබොවම් කළ පව් නිසාත්, ඔහු ඉශ්‍රායෙල්ට කරන්නට සැලැස් වූ පව් නිසාත්, ඔහු ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ කෝප ගැන් වූ නිසාත් ය. නාදාබ් සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ සියල්ල ද ඉශ්‍රායෙල්හි රජවරුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද? ආසා හා ඉශ්‍රායෙල්හි රජු වූ බාෂා අතර ඔවුන්ගේ පාලන කාලය පුරා යුද්ධ පැවතිණි.
1 රාජාවලිය 15 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 1 රාජාවලිය 15:25-32
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ