1 වංශාවලිය 7:1-5

1 වංශාවලිය 7:1-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඉස්සාකර්ගේ පුත්‍රයෝ: තෝලා, පුවා, යාෂුබ් හා ෂිම්රෝන් යන හතරදෙනා ය. තෝලාගේ පුත්‍රයෝ: උස්සී, රෙෆායා, යෙරීයෙල්, යාමයි, ඉබ්සාම් හා ෂෙමුවෙල් ය. ඔවුහු තමන්ගේ පියවංශවල ප්‍රධානීහු ය. දාවිත්ගේ දවස්වලදී ‍තෝලාගෙන් පැවත එන්නෝ අභීත රණශූරයින් ලෙස ඔවුන්ගේ පරම්පරාවට අනුව ලේඛනගත කරන ලදහ. ඔවුන්ගේ ගණන විසිදෙදහස් හයසීයකි. උස්සීගේ පුත්‍රයා: ඉස්රහියා ය. ඉස්රහියාගේ පුත්‍රයෝ: මිකායෙල්, ඔබදියා, යෝවෙල් හා ඉෂ්ෂීයා ය. ඒ පස්දෙනා ම ප්‍රධානීන් වූහ. ඔවුන් සමඟ ඔවුන්ගේ පියවංශ පෙළපත් අනුව, යුද්ධ කරන භටයින් තිස් හයදාහකි. මන්ද ඔවුනට බොහෝ භාර්යාවන් ද පුතුන් ද සිටියහ. ඉස්සාකර්ගේ සියලු පවුල්වලට අයිති නෑයින් අභීත රණශූරයින් ලෙස ඔවුන්ගේ පරම්පරාවට අනුව ලේඛනගත කරන ලදහ. ඔවුන්ගේ මුළු ගණන අසූහත් දහසකි.

1 වංශාවලිය 7:1-5 Sinhala Revised Old Version (SROV)

ඉස්සාඛර්ගේ පුත්‍රයෝ නම්: තෝලා, පූවා, යාෂූබ්, ෂිම්රොන් යන සතරදෙනාය. තෝලාගේ පුත්‍රයෝ නම්: උස්සී, රෙපායා, යෙරීයෙල්, යාමයි, ඉබ්සාම් සහ ෂෙමුවෙල්ය; ඔව්හු තෝලාට අයිති තමුන්ගේ පිය වංශවල ප්‍රධානියෝව තමුන්ගේ පෙළපත්වල බලවන්ත මනුෂ්‍යයෝ වූහ. දාවිත්ගේ කාලයේදී ඔවුන්ගේ ගණන විසිදෙදාස් හසියයක්ය. උස්සීගේ පුත්‍රයෝ නම්: ඉස්රායා සහ ඉස්රායාගේ පුත්‍රයෝවූ මීකායෙල්ද ඔබදියාද යෝවෙල්ද ඉෂ්ෂියාද යන පස්දෙනාය. ඒ සියල්ලෝ ප්‍රධාන මනුෂ්‍යයෝය. ඔවුන් සමඟ තමුන්ගේ පරම්පරා වශයෙන්ද තමුන්ගේ පිය වංශවල ප්‍රකාරයටද ගණනින් තිස්හයදහසක්වූ යුද හමුදාවල් සිටියෝය. ඔවුන්ට බොහෝ භාර්යාවරුත් පුත්‍රයෝත් වූහ. සියලු ඉස්සාඛර් පවුල් අතරෙහි බලවන්ත මනුෂ්‍යයන්ව සිටියාවූ ඔවුන්ගේ සහෝදරයෝ, සියල්ලන්ගේ ලේඛනයේ හැටියට, අසූහත් දහසක් වූවෝය.

1 වංශාවලිය 7:1-5 Sinhala New Revised Version (NRSV)

ඉස්සාකර්ගේ පුත්‍රයෝ නම්: තෝලා, පුවා, ජාෂුබ්, ෂිම්රොන් යන සතරදෙනා ය. තෝලාගේ පුත්‍රයෝ නම්: උශ්ශි, රෙපායා, ජෙරීයෙල්, ජාමයි, ඉබ්සාම් සහ ෂෙමුවෙල් ය; ඔව්හු තෝලාට අයිති තමන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව, තමන්ගේ පෙළපත්වල බලවන්ත මනුෂ්‍යයෝ වූ හ. දාවිත්ගේ කාලයේ දී ඔවුන්ගේ ගණන විසිදෙදාස් හයසියයක් විය. උශ්ශිගේ පුත්‍රයෝ නම්: ඉස්රායා සහ ඉස්රායාගේ පුත්‍රයන් වූ මිකායෙල් ද ඔබදියා ද ජෝවෙල් ද ඉෂ්ෂියා ද යන පස්දෙනා ය. ඒ සියල්ලෝ ප්‍රධාන මනුෂ්‍යයෝ ය. ඔවුන් සමඟ තමන්ගේ පරම්පරා වශයෙන් ද තමන්ගේ පිය වංශවල ප්‍රකාරයට ද ගණනින් තිස්හයදහසක් වූ යුද්ධ හමුදාවල් සිටියෝ ය. ඔවුන්ට බොහෝ භාර්යාවෝ සහ පුත්‍රයෝ වූ හ. සියලු ඉස්සාකර් පවුල් අතරෙහි බලවන්ත මනුෂ්‍යයන් ව සිටි ඔවුන්ගේ සහෝදරයෝ, සියල්ලන්ගේ ලේඛනයේ හැටියට අසූහත්දහසක් වූ හ.

1 වංශාවලිය 7:1-5 Sinhala New Revised Version 2018 (SNRV)