1 වංශාවලියේ 7:1-5

1 වංශාවලියේ 7:1-5 NRSV

ඉස්සාකර්ගේ පුත්‍රයෝ නම්: තෝලා, පුවා, ජාෂුබ්, ෂිම්රොන් යන සතරදෙනා ය. තෝලාගේ පුත්‍රයෝ නම්: උශ්ශි, රෙපායා, ජෙරීයෙල්, ජාමයි, ඉබ්සාම් සහ ෂෙමුවෙල් ය; ඔව්හු තෝලාට අයිති තමන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව, තමන්ගේ පෙළපත්වල බලවන්ත මනුෂ්‍යයෝ වූ හ. දාවිත්ගේ කාලයේ දී ඔවුන්ගේ ගණන විසිදෙදාස් හයසියයක් විය. උශ්ශිගේ පුත්‍රයෝ නම්: ඉස්රායා සහ ඉස්රායාගේ පුත්‍රයන් වූ මිකායෙල් ද ඔබදියා ද ජෝවෙල් ද ඉෂ්ෂියා ද යන පස්දෙනා ය. ඒ සියල්ලෝ ප්‍රධාන මනුෂ්‍යයෝ ය. ඔවුන් සමඟ තමන්ගේ පරම්පරා වශයෙන් ද තමන්ගේ පිය වංශවල ප්‍රකාරයට ද ගණනින් තිස්හයදහසක් වූ යුද්ධ හමුදාවල් සිටියෝ ය. ඔවුන්ට බොහෝ භාර්යාවෝ සහ පුත්‍රයෝ වූ හ. සියලු ඉස්සාකර් පවුල් අතරෙහි බලවන්ත මනුෂ්‍යයන් ව සිටි ඔවුන්ගේ සහෝදරයෝ, සියල්ලන්ගේ ලේඛනයේ හැටියට අසූහත්දහසක් වූ හ.

මෙයට අදාළ වීඩියෝ