ඉස්සාකර්ගේ පුත්‍රයෝ නම්: තෝලා, පුවා, ජාෂුබ්, ෂිම්රොන් යන සතරදෙනා ය. තෝලාගේ පුත්‍රයෝ නම්: උශ්ශි, රෙපායා, ජෙරීයෙල්, ජාමයි, ඉබ්සාම් සහ ෂෙමුවෙල් ය; ඔව්හු තෝලාට අයිති තමන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව, තමන්ගේ පෙළපත්වල බලවන්ත මනුෂ්‍යයෝ වූ හ. දාවිත්ගේ කාලයේ දී ඔවුන්ගේ ගණන විසිදෙදාස් හයසියයක් විය. උශ්ශිගේ පුත්‍රයෝ නම්: ඉස්රායා සහ ඉස්රායාගේ පුත්‍රයන් වූ මිකායෙල් ද ඔබදියා ද ජෝවෙල් ද ඉෂ්ෂියා ද යන පස්දෙනා ය. ඒ සියල්ලෝ ප්‍රධාන මනුෂ්‍යයෝ ය. ඔවුන් සමඟ තමන්ගේ පරම්පරා වශයෙන් ද තමන්ගේ පිය වංශවල ප්‍රකාරයට ද ගණනින් තිස්හයදහසක් වූ යුද්ධ හමුදාවල් සිටියෝ ය. ඔවුන්ට බොහෝ භාර්යාවෝ සහ පුත්‍රයෝ වූ හ. සියලු ඉස්සාකර් පවුල් අතරෙහි බලවන්ත මනුෂ්‍යයන් ව සිටි ඔවුන්ගේ සහෝදරයෝ, සියල්ලන්ගේ ලේඛනයේ හැටියට අසූහත්දහසක් වූ හ.
1 වංශාවලිය 7 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 1 වංශාවලිය 7:1-5
23 Days
Written following their return from exile, Chronicles is a theological retelling of Israel's monarchial history. In this post-exilic season, doubt and apathy plagued God's people and their trust in His promises. The Chronicler responds by reminding Israel of God's faithfulness from Adam to Moses to David and ultimately points toward a Greater David to come.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ