1 වංශාවලිය 7:1-5

1 වංශාවලිය 7:1-5 SROV

ඉස්සාඛර්ගේ පුත්‍රයෝ නම්: තෝලා, පූවා, යාෂූබ්, ෂිම්රොන් යන සතරදෙනාය. තෝලාගේ පුත්‍රයෝ නම්: උස්සී, රෙපායා, යෙරීයෙල්, යාමයි, ඉබ්සාම් සහ ෂෙමුවෙල්ය; ඔව්හු තෝලාට අයිති තමුන්ගේ පිය වංශවල ප්‍රධානියෝව තමුන්ගේ පෙළපත්වල බලවන්ත මනුෂ්‍යයෝ වූහ. දාවිත්ගේ කාලයේදී ඔවුන්ගේ ගණන විසිදෙදාස් හසියයක්ය. උස්සීගේ පුත්‍රයෝ නම්: ඉස්රායා සහ ඉස්රායාගේ පුත්‍රයෝවූ මීකායෙල්ද ඔබදියාද යෝවෙල්ද ඉෂ්ෂියාද යන පස්දෙනාය. ඒ සියල්ලෝ ප්‍රධාන මනුෂ්‍යයෝය. ඔවුන් සමඟ තමුන්ගේ පරම්පරා වශයෙන්ද තමුන්ගේ පිය වංශවල ප්‍රකාරයටද ගණනින් තිස්හයදහසක්වූ යුද හමුදාවල් සිටියෝය. ඔවුන්ට බොහෝ භාර්යාවරුත් පුත්‍රයෝත් වූහ. සියලු ඉස්සාඛර් පවුල් අතරෙහි බලවන්ත මනුෂ්‍යයන්ව සිටියාවූ ඔවුන්ගේ සහෝදරයෝ, සියල්ලන්ගේ ලේඛනයේ හැටියට, අසූහත් දහසක් වූවෝය.

මෙයට අදාළ වීඩියෝ