ගීතාවලිය 116

116
ගීතාවලිය 116
1මම ස්වාමින්වහන්සේට ප්‍රේම කරමි; මන්ද උන්වහන්සේ මගේ හඬ ඇසූ සේක;
දයාව ඉල්ලා කළ මගේ කන්නලව්ව ඇසූ සේක.
2උන්වහන්සේ මා දෙසට තම කන් යොමු කළ බැවින්
දිවි ඇති තුරා මම උන්වහන්සේට යාච්ඤා කරන්නෙමි.
3මරණයේ රැහැන්, මා වෙළා ගත්තේ ය,
මළවුන්ගේ ලොවේ සෝ-සන්තාපය, මා පිට පැටවිණ;
විපත්තිය හා ශෝකය, මා යට කර ගති.
4එවිට මම ස්වාමින්වහන්සේගේ නාමයට හඬ ගැසීමි:
“අහෝ ස්වාමින්වහන්ස, මා ගැලෙවුව මැනව!”
5 ස්වාමින්වහන්සේ දයාන්විත ය; ධර්මිෂ්ඨ ය;
අපේ දෙවියන්වහන්සේ අනුකම්පාවෙන් පූර්ණ ය.
6 ස්වාමින්වහන්සේ අව්‍යාජ සිතැත්තන් සුරකින සේක;
මා දැඩි අසීරුතාවකට පත් අවස්ථාවේ, උන්වහන්සේ ඉන් මා ගැලවූ සේක.
7එම්බා මගේ ජීවය, යළිත් වරක් සැනසී සිටින්න;
මන්ද ස්වාමින්වහන්සේ නුඹට ගුණවත් ය.
8මන්ද ඔබවහන්සේ, අහෝ ස්වාමින්වහන්සේ මගේ ජීවය මරණයෙන් ද
මගේ ඇස් කඳුළින් ද
මගේ පා පැකිළීමෙන් ද මිදූ සේක.
9ජීවතුන්ගේ දේශයේ මම,
ස්වාමින්වහන්සේ ඉදිරියේ හැසිරෙන්නෙමි.
10“මා බෙහෙවින් පීඩාවට පත් වෙලා” යි කී විටදී පවා
මම විශ්වාස කළෙමි.
11මා කලබල වූ අවස්ථාවේ,
“මිනිසුන් කවුරුත් බොරුකරුවන් යැ” යි පැවසීමි.
12මට සලසා දුන් සියලු යහ දෑ උදෙසා මා,
ස්වාමින්වහන්සේට දෙන්නේ මොනවා ද?
13මම ගැලවීමේ කුසලාන ඔසවන්නෙමි;
ස්වාමින්වහන්සේගේ නාමයට යාච්ඤා කරන්නෙමි.
14උන්වහන්සේගේ මුළු ජනයා ඉදිරියේ
ස්වාමින්වහන්සේට වූ බාර මම ඉටු කරන්නෙමි.
15ස්වකීය ශුද්ධවතුන්ගේ මරණය,
ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි අනර්ඝ දෙයකි.
16අහෝ ස්වාමින්වහන්ස, සැබවින් ම මා ඔබගේ සේවකයා ය;
ඔබගේ මේ සේවකයා, ඔබගේ සේවිකාවගේ පුත්‍රයා ය;
මගේ බැඳුම්වලින් ඔබ මා මිදූ සේක.
17මම ස්තුති දීමේ පූජාවක් ඔබට යාග කරන්නෙමි.
ස්වාමින්වහන්සේගේ නාමයට යාච්ඤා කරන්නෙමි.
18 ස්වාමින්වහන්සේට වූ බාර
උන්වහන්සේගේ සමස්ත ජනයා ඉදිරියෙහි මම ඉෂ්ට කරන්නෙමි.
19 ස්වාමින්වහන්සේගේ ගෘහයේ මළුවලදී හා එම්බා යෙරුසලම,
නුඹ මධ්‍යයේදී මම එය ඉෂ්ට කරන්නෙමි.
ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න.

දැනට තෝරාගෙන ඇත:

ගීතාවලිය 116: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න