ගීතාවලිය 115
115
ගීතාවලිය 115
1අපට නො ව, අහෝ ස්වාමින්වහන්ස, අපට නො ව,
ඔබගේ නාමයට තේජෝ මහිම වේවා!
ඒ, ඔබගේ නොමියෙන ප්‍රේමයත්, ඔබගේ විශ්වසනීයත්වයත් නිසා ය.
2“කෝ! කොහේ ද ඔවුන්ගේ දෙවියන්වහන්සේ” යි
පිට ජාතීන් පවසන්නේ මන්ද?
3අපේ දෙවියන්වහන්සේ ස්වර්ගයේ ය;
තමන්ට රිසි දේ උන්වහන්සේ කරන සේක.
4එහෙත් ඔවුන්ගේ දේවතා රූප රිදී හා රන් පිළිම ය;
ඒවා මිනිසුන්ගේ අත්වල නිමැවුම් ය.
5ඒවාට කටවල් ඇත, එහෙත් කතා බැරි ය;
ඇස් ඇත, එහෙත් පෙනෙන්නේ නැත.
6ඒවාට කන් ඇත, එහෙත් ඇහෙන්නේ නැත;
නාසා ඇත, එහෙත් ගඳ-සුවඳ නො දැනේ.
7ඒවාට අත් ඇත, එහෙත් ඒවායින් කිසිවක් අල්ලන්නට බැරි ය;
ඒවාට පා ඇත, එහෙත් ඇවිදින්නට නො හැක.
උගුරින් යම් හඬක් නගන්නට ද ඔවුනට බැරි ය.
8ඒවා සාදන්නෝ ද ඔවුන් වගේ වෙති;
ඒ පිළිම අදහන්නෝ ද ඒවා මෙන් වෙති.
9එම්බා ඉශ්රායෙල් වංශය, ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්න;
මන්ද ඔවුන්ගේ උපකාරයත්, ඔවුන්ගේ පලිහත් උන්වහන්සේ ය.
10එම්බා ආරොන් වංශය, ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්න;
මන්ද ඔවුන්ගේ උපකාරයත්, ඔවුන්ගේ පලිහත් උන්වහන්සේ ය.
11උන්වහන්සේට භය පක්ෂපාත ඇත්තෙනි, ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්න;
මන්ද ඔවුන්ගේ උපකාරයත්, ඔවුන්ගේ පලිහත් උන්වහන්සේ ය.
12 ස්වාමින්වහන්සේ අප සිහි කරන සේක; අපට ආශිර්වාද කරන සේක;
උන්වහන්සේ ඉශ්රායෙල් වංශයට ආශිර්වාද කරන සේක;
උන්වහන්සේ ආරොන් වංශයට ආශිර්වාද කරන සේක;
13 ස්වාමින්වහන්සේට භය පක්ෂපාතී ලොකු කුඩා සියල්ලනට
උන්වහන්සේ ආශිර්වාද කරන සේක.
14 ස්වාමින්වහන්සේ ගණනින් ඔබ වැඩි කරන සේක්වා;
ඔබට ද ඔබේ දරු පරපුරට ද එසේ වෙත්වා!
15අහසේ ද පොළොවේ ද මැවුම්කරුවාණන් වන
ස්වාමින්වහන්සේගෙන් ඔබ ආශිර්වාද ලබත්වා!
16ස්වර්ග, ස්වාමින්වහන්සේගේ ස්වර්ග වේ;
එහෙත් පොළොව, උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට දී තිබේ.
17 ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්නේ මළගිය ඇත්තන් නො වේ,
නිසලතාවට බැස ගිය ඇත්තන් නො වේ;
18අපි, දැනුත්, මින් ඉදිරියට සදහටත්
ස්වාමින්වහන්සේ පසසන්නෙමු.
ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 115: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.