හිතෝපදේශ 30
30
ආගූර්ගේ කියමන්
1යාකේගේ පුත්‍ර ආගූර්ගේ කියමන්-දිව්‍ය ප්රකාශනයකි.
මේ මිනිසා ඊතියෙල්ට ප්‍රකාශ කළ දේ:
“මම වෙහෙසට පත් ව සිටිමි අහෝ දෙවියන්වහන්ස,
එහෙත් මට ජය ගත හැකි ය#30:1 උකාල්.
2මිනිසුන් අතර ඉතාම මෝඩයා මම ය;
මිනිසා සතු අවබෝධය මට නැත.
3මම ප්‍රඥාව ඉගෙන නො ගතිමි;
ශුද්ධ තැනැන්වහන්සේ පිළිබඳ කිසි දැනුමක් ද මට නැත.
4ස්වර්ගයට නැගී ගොස්, ආපසු පහළ බැස ආවේ කවුරු ද?
ස්වකීය අල්ලට සුළඟ එකතු කර ගත්තේ කවුරු ද?
ස්වකීය සළුවෙහි ජලය දවටා ගත්තේ කවුරු ද?
පොළොවේ සියලු සීමා-මායිම් පිහිටෙවුවේ කවුරු ද?
එතුමන්ගේ නම කුමක් ද? එතුමන්ගේ පුත්‍රයාණන්ගේ නම කුමක් ද?
ඔබ දන්නවා නම් මට කියන්න!
5“දෙවියන්වහන්සේගේ වචනය, ප්රත්යක්ෂ ය;
උන්වහන්සේ තුළ සරණ සොයන සැමට උන්වහන්සේ පලිහක් ය.
6උන්වහන්සේගේ වචනවලට කිසිවක් එකතු නො කරන්න;
කළහොත්, උන්වහන්සේ ඔබට තරවටු කර, ඔබ බොරුකාරයකු වග පෙන්වනු ඇත.
7“අහෝ ස්වාමින්වහන්ස, කරුණු දෙකක් මම ඔබගෙන් ඉල්ලන්නෙමි;
මා මියැදෙන තුරා ඒවා ප්‍රතික්ෂේප නො කළ මැනව.
8බොරුවත්, මුසාවත් මගෙන් ඈත් ව තැබුව මැනව;
දුගී භාවයටවත්, ධනවත් භාවයටවත් මා නො පමුණුවා,
සුදුසු ප්‍රමාණයට ආහාර මට දුන මැනව.
9නැතහොත්, මා ධනයෙන් පිරී, ඔබ සුළු කරමින්,
‘කවුරු ද මේ ස්වාමින්වහන්සේ’ යි කියත හැකි ය.
අනෙක් අතට මා දිළිඳු වී, සොරකම් කර,
මගේ දෙවියන්වහන්සේගේ නාමය අගෞරවයට පැමිණ විය හැකි බැවිණි.
10“සේවකයකු ගැන ඔහුගේ හාම්පුතාට කේලම් නො කියන්න,
කිවහොත්, ඔහු ඔබට ශාප කරනු ඇත;
එහි විපාකය විඳින්නට ඔබට සිදු වනු ඇත.
11“තම පියවරුනට ශාප කරන්නෝ හා
තම මවුවරුනට ආශිර්වාද නො කරන්නෝ සිටිති.
12තම අපවිත්‍රතාව සෝදා නො ගෙන,
තමන් පවිත්‍ර යැයි තමන් ම කියා ගන්නෝ ද
13නිති අහංකාරයෙන් යුත් ඇස් ඇති,
අවඥාවෙන් යුතු බැල්ම ඇත්තෝ ද
14පොළෝ තලයෙන් දුප්පතුන් ද
මානව වර්ගයා අතරින් නැති-බැරිවුන් ද
ගිල දමන්නට කඩුපත් වැනි දත් ඇති,
පිහියා සහිත හකු-පාඩා ඇත්තෝ ද වෙති.
15“කූඩැල්ලාට දූවරු දෙදෙනෙකි;
‘දෙන්න, දෙන්නැ’ යි උන් කෑ ගසති.
“කිසි කල තෘප්තියට නො පැමිණෙන දේවල් තුනකි;
කිසි කල, ‘ඇති’ යි නො කියන දේවල් හතරකි:
16ඒවා නම්, ෂෙයෝල,#30:16 පාතාලය හෙවත් මළවුන්ගේ ස්ථානය
වඳ ස්ත්‍රියකගේ ගර්භය,
ජලයෙන් සෑහීම නො ලබන මහ පොළොව හා
කිසි කල ‘ඇති!’ යි නො කියන ගින්දර ය.
17“පියාට සරදම් කරන ඇස, මිනී වළ
මවට කීකරුවීම නීච කොට සලකන ඇස,
දෙනියේ කපුටන් විසින් ගලවා දමනු ලැබ,
ගිජු ලිහිණියන් විසින් කා දමනු ලැබේ.
18“මට ඉතා පුදුම සහගත වූ දේවල් තුනකි;
මට තේරුම් ගත නො හැකි වූ දේවල් හතරකි:
19ඒවා නම්, අහසේ රාජාලියකුගේ ගමන් මග,
පර්වතය පිට සර්පයකුගේ ගමන් මග,
මහ සයුරේ නෞකාවක ගමන් මග හා
යෞවනියක සමඟ මිනිසකුගේ මග ය.
20“පර පුරුෂ සේවනයේ ගැලුනු ස්ත්‍රියගේ ක්‍රියා මාර්ගය මෙසේ ය:
ඈ කෑමෙන් පසු තොල-කට පිහ දමා,
‘මා කළ වරදක් නැතැ’ යි කියන්නී ය.
21“දේවල් තුනක් යටතේ පොළොව සසල වේ;
ඊට දරන්නට බැරි දේවල් සතරකි:
22ඒවා නම් සේවකයෙක් රජකු බවට පත්වීම,
අඥානයකුට ආහාර බහුල වීම,
23පෙම් විරහිත කාන්තාවක් විවාහ වීම හා
දාසියක් තම ස්වාමිදුවගේ තැන ගැනීම ය.
24“මිහි පිට කුඩා වුව ද,
ඉතාම නැණවත් සතුන් ජාති හතරක් වෙති:
25කුහුඹුවන් ශක්තියෙන් හීන සත්ව විශේෂයකි;
එහෙත් උන් ග්‍රීෂ්ම කාලයේදී තම අහර රැස් කර තබා ගනිති.
26පර්වත කූට හාවුන් බෙලහීන සත්ව විශේෂයකි;
එහෙත් උන් පර්වතවල උන්ගේ ගෙවල් තනා ගනිති.
27පළඟැටියනට රජෙක් නැත;
එහෙත් උන් එක් ව ගමන් කරන්නේ හමුදා සේනාංක පරිද්දෙනි.
28හූනා අතින් ඇල්ලිය හැකි ය;
එහෙත් ඌ රජ මාලිගාවල වෙසේ.
29“අභිමානයෙන් අඩි තබා ඇවිදින තුන් දෙනෙකි;
අභිමානයෙන් එහා මෙහා යන හතර දෙනෙකි:
30සතුන් අතර බලවතා වන කිසිවක් ඉදිරියේ පසුබසින්නේ නැති සිංහයා,
31උඩඟු ලෙස හැසිරෙන කුකුළා;
පෙරමුණේ යන එළුවා හා
තම බළ හමුදා සපිරිවරට මැදි වී යන රජ කෙනෙක් ය.
32“ඔබ මෝඩකමක් කරමින් තමා ම උසස් කර ගත්තේ නම්,
නැතහොත් නපුරක් සැලසුම් කළේ නම්,
ඔබේ අතින් ඔබේ මුව වසා ගන්න.
33මන්ද, කිරි මත්-ගෑමෙන් බටර් හැදෙන්නා සේ,
නහය මිරිකීමෙන් ලේ පිටවන්නා සේ,
තරහ ඇවිස්සීමෙන් ආරවුල් හට ගැනේ.”
දැනට තෝරාගෙන ඇත:
හිතෝපදේශ 30: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.