යෝබ් 28
28
ප්‍රඥාව හමුවන තැන
1සැබවින් ම, රිදීවලට ආකරයක් තිබේ;
රත්රන් පවිත්‍ර කරන ස්ථානයක් ද ඇත.
2යකඩ ගනු ලබන්නේ මහ පොළොවෙනි;
තඹ ලබා ගැනෙන්නේ ලෝපස් උණු කිරීමෙනි.
3මිනිසා අන්ධකාරයට නැවතුමක් තබයි;
ඔහු පොළොවේ ඈත සීමාව දක්වා
මහ ඝනාන්ධකාරයේ ලෝපස් සොයා යයි.
4මිනිස් වාසයෙන් ඈත් වූ මිනිස් පා නො ගැටුණු තැන්හි
ඔහු පතලක් කැණ,
මිනිසුන්ගෙන් ඈත් ව එල්ලෙමින් පැද්දෙයි.
5මහ පොළොවෙන් ආහාර හට ගනී.
එහෙත් එහි යට ගින්නෙන් මෙන් වෙනස් වී ඇත.
6ඉඳුනිල් මැණික් මතුවන්නේ එහි ගල් පර්වත අතරිනි;
එහි දූවිල්ලෙහි රත්රන් කැටි අඩංගු ය.
7සැඟවුණු ඒ මාවත ගිජු ලිහිණියා නො දනී;
උකුස්සකුගේ ඇසට එය හසු නො වේ.
8අහංකාර වන මෘගයින් ඒ මත පා තබන්නේ නැත;
සිංහයින් ද ඒ අසල ගැවසෙන්නේ නැත.
9මිනිසා තද ගිනි-ගල් පර්වතයට අත තබා,
කඳු ඒවායේ මුල් පිටින් ම උදුරා දමයි.
10ඔහු පර්වතය හරහා උමං හාරා,
එහි ඇති වස්තුව තම දෑසින් ම දකියි;
11ඔහු ගංගාවල උල්පත් ගවේෂණ කර,
සැඟවී ඇති දෑ එළියට ගෙනේ.
12එහෙත්, කොතැනකින් ද ප්‍රඥාව සොයාගත හැක්කේ?
කොතැන ද අවබෝධය තිබෙනා තැන?
13මිනිසා එහි වටිනාකම නො දනී;
ජීවතුන්ගේ දේශයෙහි එය සොයාගත නො හැකි ය.
14“එය මා තුළ නැතැ” යි ගැඹුර පවසයි.
“එය මා සමඟ නැතැ” යි සයුර පවසයි.
15දඹ රන්වලින් එය මිලයට ගත නො හැකි ය;
එහි වටිනාකම රිදීවලින් කිරා නිම කළ නො හැක.
16ඕෆීර්හි රත්රන්වලින් හෝ අගනා ගෝමේද හෝ
ඉඳුනිල් යන මැණික්වලින් හෝ ඒවා මිල කළ නො හැකි ය.
17රත්රන්වත්, පළිඟුවත් ඊට සම කළ හැකි නො වේ;
රන් අබරණවලට ඒවා ගත හැකි නො වේ.
18හිරිගල් හා සූර්යකාන්ති මැණික් සඳහන් කිරීමටවත් නො වටී;
ප්‍රඥාවේ අගය රතු කැටවලටත් ඉහළ ය.
19කූෂ් දේශයේ පුෂ්පරාග එය හා සසැඳිය නො හැක;
අමිශ්‍ර රන්වලින් එහි අගය මිල කළ නො හැකි ය.
20එසේ නම් ප්‍රඥාව පැමිණෙන්නේ කොතැනක සිට ද?
අවබෝධය තිබෙනා තැන කොතැන ද?
21ජීවත් වන සියල්ලන්ගේ ඇස්වලින් එය සැඟවී තිබේ;
අහස් පක්ෂීන්ට පවා එය පෙනෙන්නේ නැත.
22අබද්දොන් හෙවත් විනාශය හා මරණය පවසන්නේ,
“අපේ කන්වලට ඇසී ඇත්තේ ඒ පිළිබඳ කට කතා පමණක් ය” කියා ය.
23එහි යන මාර්ගය ගැන වැටහීම ඇත්තේ දෙවියන්වහන්සේට ය;
එය ඇති තැන දන්නේත් උන්වහන්සේ පමණ ය.
24මන්ද උන්වහන්සේ පොළොවේ සීමා-මායිම් දක්වා බලන සේක්;
අහසින් යට ඇති සියලු දේ දකින සේක.
25උන්වහන්සේ සුළඟේ ප්‍රවේගය ස්ථාපිත කළ කල,
උන්වහන්සේ ජලයට ප්‍රමාණය මැන දුන් කල,
26උන්වහන්සේ වර්ෂාවට නියෝග දුන් කල,
ගිගුරුම් සහිත විදුලි අකුණුවලට මාවත තනා දුන් කල,
27උන්වහන්සේ ප්‍රඥාව දෙස බලා එහි වටිනාකම තක්සේරු කළ සේක;
උන්වහන්සේ එය අනුමත කර, එය පිරික්සා බැලූ සේක.
28ඉන්පසු උන්වහන්සේ මිනිසා ඇමතූ සේක්,
“මෙන්න! ස්වාමින්වහන්සේට භයවීම තමයි ප්‍රඥාව,
නපුරෙන් වැළකීම තමයි අවබෝධය” යැයි කී සේක.
දැනට තෝරාගෙන ඇත:
යෝබ් 28: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.