1 ලේකම් 3
3
දාවිත් හා පුත්තු
1හෙබ්‍රොන්හි දී දාවිත්ට උපන් ඔහුගේ පුත්‍රයෝ මොවුහු ය:
යෙස්රෙයෙලීය අහිනොවම්ගේ පුත් අම්නෝන් කුලුඳුලා ය;
කර්මෙලීය අබිගායිල්ගේ පුත් දානියෙල් දෙවැන්නා ය;
2ගෙෂූර්හි රජු වූ තල්මයිගේ දියණිය වූ මයකාගේ පුත් අබ්සලොම් තුන්වැන්නා ය;
හග්ගීත්ගේ පුත් අදොනීයා සිවුවැන්නා ය;
3අබිටාල්ගේ පුත් ෂෙෆටියා පස්වැන්නා ය;
ඔහුගේ බිරිඳ එග්ලාගෙන් උපන් ඉත්රෙයාම් සවැන්නා ය.
4ඒ හයදෙනා හෙබ්‍රොන්හි දී දාවිත්ට උපන්හ. ඔහු හත් අවුරුදු සමසක් එහි රජකම් කළේ ය.
දාවිත් යෙරුසලමේ වසර තිස්තුනක් රජකම් කළේ ය. 5යෙරුසලමේදී ඔහුට උපන් දරුවෝ මොවුහු ය:
ෂිමෙයා#3:5 ෂිමෙයා හෙවත් ෂම්මුවා, ෂෝබාබ්, නාතාන් හා සාලමොන් ය. ඒ හතරදෙනා අම්මියෙල්ගේ දූ, බැත්-ෂුවාගෙන්#3:5 බැත්-ෂුවාගෙන් එක හෙබ්‍රෙව් පිටපතක් සහ ලතින් අනුවාදය බැත්-ෂෙබා උපන්හ.
6ඉබ්හාර්, එලිෂාමා, එලිෆෙලෙත්, 7නොගා, නෙෆෙග්, යාෆියා, 8එලිෂාමා, එලියාදා හා එලිෆෙලෙත් යන නවදෙනාත් ය.
9දාවිත්ගේ අතිරේක බිරියන්ගෙන් උපන් පුතුන්ට අමතරව ඒ සියල්ලෝ ම ඔහුගේ පුත්‍රයෝ ය. ඔවුන්ගේ සහෝදරිය තාමාර් ය.
යූදා රජවරු
10සාලමොන්ගේ පුත්‍රයා රෙහොබොවම් ය.
ඔහුගේ පුත්‍රයා අබියා ය.
ඔහුගේ පුත්‍රයා ආසා ය.
ඔහුගේ පුත්‍රයා යෙහෝෂාෆාට් ය.
11ඔහුගේ පුත්‍රයා යෝරාම්#3:11 යෝරාම් හෙවත් යෙහෝරාම් ය.
ඔහුගේ පුත්‍රයා අහසියා ය.
ඔහුගේ පුත්‍රයා යෝවාෂ් ය.
12ඔහුගේ පුත්‍රයා අමසියා ය.
ඔහුගේ පුත්‍රයා අසරියා ය.
ඔහුගේ පුත්‍රයා යෝතාම් ය.
13ඔහුගේ පුත්‍රයා ආහාස් ය.
ඔහුගේ පුත්‍රයා හෙසකියා ය.
ඔහුගේ පුත්‍රයා මනස්සේ ය.
14ඔහුගේ පුත්‍රයා ආමොන් ය.
ඔහුගේ පුත්‍රයා යොෂීයා ය.
15යොෂීයාගේ පුත්‍රයෝ:
යෝහානාන් කුලුඳුල් පුත්‍රයා ය;
යෙහෝයාකීම් දෙවැන්නා ය;
සෙදෙකියා තුන්වැන්නා ය;
ෂල්ලූම් හතරවැන්නා ය.
16යෙහෝයාකීම්ගේ අනු ප්රාප්තිකයෝ:
ඔහුගේ පුත් යෙකොනියා#3:16 යෙකොනියා හෙවත් යෙහෝයාකීන් හා
සෙදෙකියා ය.
විප්‍රවාසයට යෑමෙන් පසු රාජකීය පෙළපත
17සිරකරුවා වූ යෙකොනියාගේ පුත්‍රයෝ:
ඔහුගේ පුත් ෂෙයල්තියෙල් ය. 18මල්කිරාම්, පෙදායා, ෂෙනස්සර්, යෙකමියා, හෝෂාමා හා නෙදබියා ය.
19පෙදායාගේ පුත්‍රයෝ:
සෙරුබ්බාබෙල් හා ෂිමෙයි ය.
සෙරුබ්බාබෙල්ගේ පුත්‍රයෝ:
මෙෂුල්ලාම් හා හනනියා ය. ඔවුන්ගේ සහෝදරී ෂෙලොමිත් ය. 20හෂුබා, ඔහෙල්, බෙරෙකියා, හසදියා හා යූෂබ්-හෙසෙද් යන පස්දෙනා ය.
21හනනියාගේ පුත්‍රයෝ:
පෙලටියා, යෙෂායා හා රෙෆායාගේ ද අර්ණාන්ගේ ද ඔබදියාගේ ද ෂෙකනියාගේ ද පුතුන් ය.
22ෂෙකනියාගෙන් පැවතෙන්නෝ:
ෂෙමායා හා ඔහුගේ පුතුන් වූ හට්ටූෂ්, ඉගාල්, බාරියා, නෙයරියා හා ෂාෆාට් යන හයදෙනා ය.
23නෙයරියාගේ පුත්‍රයෝ:
එල්යෝවේනයි, හිස්කියා හා අස්රීකාම් යන තුන් දෙනා ය.
24එල්යෝවේනයිගේ පුත්‍රයෝ:
හෝදවියා, එලියාෂීබ්, පෙලායා, අක්කූබ්, යෝහානාන්, දෙලායා හා අනානී යන හත්දෙනා ය.
දැනට තෝරාගෙන ඇත:
1 ලේකම් 3: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.