1 ලේකම් 2
2
ඉශ්‍රායෙල්ගේ පුත්තු
1ඉශ්‍රායෙල්ගේ පුත්‍රයෝ මොවුහු ය: රූබෙන්, සිමියොන්, ලෙවී, යූදා, ඉස්සාකර් හා සාබුලොන්, 2දාන්, යෝසෙප් හා බෙන්යමින්, නෆ්තලී, ගාද් හා ආෂෙර් ය.
යූදා ගෝත්‍ර වංශය
හෙස්රොන්ගේ පුත්තු දක්වා
3යූදාගේ පුත්‍රයෝ:
ඒර්, ඕනාන් හා ෂේලා ය. ඒ තිදෙනා බැත්-ෂුවා නම් කානානි කාන්තාවකගෙන් යූදාට උපන්හ.
යූදාගේ කුලුඳුලා වූ ඒර්, ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ දුෂ්ට ව සිටියේ ය; එබැවින් ස්වාමින්වහන්සේ ඔහු මරණයට පත් කළ සේක.
4යූදාගේ ලේළිය තාමාර්, යූදාට දාව පෙරෙස් හා සෙරා බිහි කළා ය.
යූදාට සිටි පුතුන් සියල්ලෝ පස්දෙනෙකි.
5පෙරෙස්ගේ පුත්‍රයෝ:
හෙස්රොන් හා හාමූල් ය.
6සෙරාගේ පුත්‍රයෝ:
සිම්රී, ඒතාන්, හේමාන්, කල්කොල් හා දර්දා#2:6 දර්දා හෙවත් දාරා ය. ඔවුන් සියල්ලෝ පස්දෙනෙකි.
7කර්මීගේ පුත්‍රයා:
ආකාර් ය; තීන්දුවට ම කැප කරන ලද දේ ගැනීමෙන් තහනම කඩ කළ නිසා ඔහු, ඉශ්රායෙල් කැලඹුවේ ය.
8ඒතාන්ගේ පුත්‍රයා:
අසරියා ය.
9හෙස්රොන්ට උපන් පුත්‍රයෝ:
යෙරාමෙයෙල්, රාම් හා කෙලූබයි ය.
හෙස්රොන්ගේ පුත් රාම්ගෙන් පැවතෙන්නන්
10රාම්, අම්මිනාදාබ්ගේ පියා ය.
අම්මිනාදාබ්, යූදා ජනයාගේ නායක නාෂොන්ගේ පියා ය.
11නාෂොන්, සල්මාගේ පියා ය.
සල්මා, බෝවස්ගේ පියා ය.
12බෝවස්, ඕබේද්ගේ පියා ය.
ඕබේද්, යෙස්සේගේ පියා ය.
13යෙස්සේ,
තම කුලුඳුලා වූ එලියාබ්ගේ ද දෙවැන්නා වූ අබිනාදාබ්ගේ ද
තුන්වැන්නා වූ ෂිමෙයාගේ ද 14හතරවැන්නා වූ නෙතනේල්ගේ ද
පස්වැන්නා වූ රද්දයිගේ ද 15හයවැන්නා වූ ඔසෙම්ගේ ද
හත්වැන්නා වූ දාවිත්ගේ ද පියා ය.
16ඔවුන්ගේ සහෝදරියෝ: සෙරූයා හා අබිගායිල් ය.
සෙරූයාගේ පුතුන් තිදෙනා: අබිෂයි, යෝවාබ් හා අසාහෙල් ය.
17අමාසාගේ මව අබිගායිල් ය. ඔහුගේ පියා ඉෂ්මායෙල් වංශික යෙතෙර් ය.
හෙස්රොන්ගේ පුත් කාලෙබ්
18හෙස්රොන්ගේ පුත් කාලෙබ්ට ඔහුගේ බිරිඳ වූ අසූබාගෙන් හා යෙරීයොත්ගෙන් දරුවෝ සිටියහ.
යේෂෙර්, ෂෝබාබ් හා අර්දෝන් ඇගේ පුත්‍රයෝ ය.
19අසූබා මිය ගිය පසු කාලෙබ්, එෆ්රාත් ආවාහ කර ගත්තේ ය. ඈ ඔහුට හූර් බිහි කළා ය.
20හූර්, ඌරීගේ පියා ය. ඌරී, බෙසලෙල්ගේ පියා ය.
21ඉන්පසු, හෙස්රොන්, ගිලියාද්ගේ පියා වූ මාකීර්ගේ දුව හා එක් වුණේ ය. ඔහු ඇය හා විවාහ වූයේ හැටවන වියේදී ය. ඈ ඔහුට සෙගූබ් බිහි කළා ය.
22සෙගූබ්, යායීර්ගේ පියා ය. ඔහුට ගිලියාද් දේශයේ නගර විසිතුනක් තිබිණ.
23එහෙත් ගෙෂූර් හා අරාම්, හව්වොත්-යායීර්#2:23 හව්වොත්-යායීර් හෙවත් යායීර්ගේ ගම් දනවු, කෙනාත් හා ඒ අවට ගම් ඇතුළු නගර හැටක් අල්ලා ගත්හ.
ඒ සියල්ලෝ ගිලියාද්ගේ පියා වූ මාකීර්ගෙන් පැවත ආහ.
24කාලෙබ්-එෆ්‍රාතාහි දී හෙස්රොන් මිය ගිය පසු, හෙස්රොන්ගේ බිරිඳ අබියා ඔහුට අෂ්හූර් බිහි කළා ය. ඔහු තෙකෝවාගේ පියා ය.
හෙස්රොන්ගේ පුත් යෙරාමෙයෙල්
25හෙස්රොන්ගේ කුලුඳුල් පුත්‍ර යෙරාමෙයෙල්ගේ පුත්‍රයෝ:
ඔහුගේ කුලුඳුලා රාම් ය; බූනා, ඔරෙන්, ඔසෙම් හා අහියා ය. 26යෙරාමෙයෙල්ට අටාරා නම් තවත් බිරිඳක සිටියා ය. ඈ ඕනාම්ගේ මව ය.
27යෙරාමෙයෙල්ගේ කුලුඳුල් පුත්‍ර රාම්ගේ පුත්‍රයෝ:
මාස්, යාමීන් හා ඒකෙර් ය.
28ඕනාම්ගේ පුත්‍රයෝ:
ෂම්මයි හා යාදා ය.
ෂම්මයිගේ පුත්‍රයෝ:
නාදාබ් හා අබිෂූර් ය. 29අබිෂූර්ගේ බිරිඳගේ නම අබිහයිල් ය. ඈ ඔහුට ආබාන් හා මෝලීද් බිහි කළා ය.
30නාදාබ්ගේ පුත්‍රයෝ:
සෙලෙද් හා අප්පයිම් ය. සෙලෙද් දරුවන් නො ලැබ මියැදිණි.
31අප්පයිම්ගේ පුත්‍රයා:
ඉෂී ය. ඉෂීගේ පුත්‍රයා ෂේෂාන් ය. ෂේෂාන්ගේ පුත්‍රයා ආලයි ය.
32ෂම්මයිගේ සහෝදර යාදාගේ පුත්‍රයෝ:
යෙතෙර් හා යොනාතාන් ය. යෙතෙර් දරුවන් නො ලැබ මළේ ය.
33යොනාතාන්ගේ පුත්‍රයෝ:
පෙලෙත් හා සාසා ය.
යෙරාමෙයෙල්ගෙන් පැවත එන්නෝ ඔවුහු ය.
34ෂේෂාන්ට පුතුන් සිටියේ නැත. සිටියේ දූවරු පමණකි.
ඔහුට යර්හා නම් ඊජිප්තු සේවකයෙක් සිටියේ ය. 35ෂේෂාන් තම දියණිය තම සේවක යර්හාට විවාහ කර දුන්නේ ය. ඈ ඔහුට අත්තයි බිහි කළා ය.
36අත්තයි, නාතාන්ගේ පියා ය.
නාතාන්, සාබාද්ගේ පියා ය.
37සාබාද්, එෆ්ලාල්ගේ පියා ය.
එෆ්ලාල්, ඕබේද්ගේ පියා ය.
38ඕබේද්, යේහූගේ පියා ය.
යේහූ, අසරියාගේ පියා ය.
39අසරියා, හෙලෙස්ගේ පියා ය.
හෙලෙස්, එලෙයාසාගේ පියා ය.
40එලෙයාසා, සිස්මයිගේ පියා ය.
සිස්මයි, ෂල්ලූම්ගේ පියා ය.
41ෂල්ලූම්, යෙකමියාගේ පියා ය.
යෙකමියා, එලිෂාමාගේ පියා ය.
කාලෙබ්ගේ පරපුර
42යෙරාමෙයෙල්ගේ සහෝදර කාලෙබ්ගේ පුත්‍රයෝ:
ඔහුගේ කුලුඳුල් පුතා ද සීෆ්ගේ පියා ද වූ මේෂා හා
හෙබ්‍රොන්ගේ පියා වූ මාරේෂා ය.
43හෙබ්‍රොන්ගේ පුත්‍රයෝ:
කෝරා, තප්පූවා, රෙකෙම් හා ෂෙමා ය.
44ෂෙමා, රහම්ගේ පියා ය.
රහම්, යොර්කොවාම්ගේ පියා ය.
රෙකෙම්, ෂම්මයිගේ පියා ය.
45ෂම්මයිගේ පුත්‍රයා:
මාවොන් ය.
මාවොන්, බෙත්-සූර්ගේ පියා ය.
46කාලෙබ්ගේ අතිරේක බිරිඳ ඒෆා,
හාරාන්ගේ ද මෝසාගේ ද ගාසේස්ගේ ද මව ය.
හාරාන්, ගාසේස්ගේ පියා ය.
47යෝදායිගේ පුත්‍රයෝ:
රෙගෙම්, යෝතාම්, ගේෂාන්, පෙලෙට්, ඒෆා හා ෂාෆ් ය.
48කාලෙබ්ගේ අතිරේක බිරිඳ මයකා,
ෂෙබෙර් ද තිර්හනා ද බිහි කළා ය.
49තවද ඈ මද්මන්නාගේ පියා වූ ෂාෆ් ද
මක්බේනාගේ හා ගිබෙයාගේ පියා වූ ෂෙවා ද බිහි කළා ය.
අක්සා, කාලෙබ්ගේ දුව ය.
50කාලෙබ්ගෙන් පැවත ආවෝ ඔවුහු ය.
එෆ්රාතාගේ කුලුඳුලා වූ හූර්ගේ පුත්‍රයෝ:
කිරියත්-යෙයාරීම්ගේ පියා වූ ෂෝබාල් ය, 51බෙත්ලෙහෙම්ගේ පියා වූ සල්මා හා බෙත්-ගාදේර්ගේ පියා වූ හාරේෆ් ය.
52කිරියත්-යෙයාරීම්ගේ පියා වූ ෂෝබාල්ගෙන් පැවත එන්නෝ:
හාරොවේ, මෙනුහොත්වරුන්ගෙන් අර්ධයක් හා 53කිරියත්-යෙයාරීම්ගේ පවුල් වන ඉත්රීයවරු, පූතිවරු, ෂුමාතිවරු හා මිෂ්රායිවරු ය. ඔවුන්ගෙන් සොරාතිවරු හා එෂ්තායුලිවරු පැවත ආහ.
54සල්මාගෙන් පැවත එන්නෝ:
බෙත්ලෙහෙම්, නෙටොෆාතිවරු, අට්රොත්-බෙත්-යෝවාබ්, මානහතිවරුන්ගෙන් අර්ධයක්, සොරීයවරු හා 55යාබේස්හි විසූ ලියන්නන්ගේ පවුල් වන: තිරෙයාතිවරු, ෂිමෙයාතිවරු හා සූකාතීවරු ය. ඔවුහු රේකාබ්ගේ වංශයේ පියා වූ හම්මත්ගෙන් පැවත එන කේනිවරු ය.
දැනට තෝරාගෙන ඇත:
1 ලේකම් 2: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.