1
ගීතාවලිය 51:10
සිංහල කාලීන පරිවර්තනය
SCV
මා තුළෙහි පවිත්‍ර හදක් නිර්මාණ කළ මැනවි. අහෝ දෙවියන්වහන්ස, තිරසර ආත්මයකින් මා ඇතුළාන්තය අලුත් කළ මැනව.
සසඳන්න
ගීතාවලිය 51:10 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 51:12
ඔබගේ ගැලවීමේ ප්‍රීතිය යළි මට දුන මැනව; අවනත සිතක් මට දී මා දරා සිටිය මැනව.
ගීතාවලිය 51:12 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 51:11
ඔබ අබියසින් මා පලවා හැරීමත්, ඔබගේ ශුද්ධාත්මයාණන් මවෙතින් ඉවත ගැනීමත් නො කළ මැනව.
ගීතාවලිය 51:11 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 51:17
දෙවියන්වහන්සේට පිදෙන යාග පූජාව බිඳුණු සිතක් ය; අහෝ දෙවියන්වහන්ස, කැඩුණු, තැවෙන හදක් ඔබ සුළු කොට නො තකන සේක.
ගීතාවලිය 51:17 ගවේෂණය කරන්න
5
ගීතාවලිය 51:1-2
අහෝ දෙවියන්වහන්ස, ඔබගේ නොමියෙන ප්‍රේමය නිසා, මට දයා වුව මැනව; ඔබගේ ඉමහත් අනුකම්පාවට අනුව, මගේ අපරාධය මකා දැමුව මැනව; මගේ සියලු අයුතුකමින් මා සෝදා, මගේ පාපයෙන් මා පවිත්‍ර කළ මැනව.
ගීතාවලිය 51:1-2 ගවේෂණය කරන්න
6
ගීතාවලිය 51:7
හිසොප් ඉත්තෙන් ඉස, මා ශුද්ධ කළ මැනව; එවිට මම පවිත්‍ර වන්නෙමි. මා දෝවනය කළ මැනවි; එවිට මම හිමට වඩා සුදු වන්නෙමි
ගීතාවලිය 51:7 ගවේෂණය කරන්න
7
ගීතාවලිය 51:4
ඔබට විරුද්ධ ව, ඔබට පමණක් විරුද්ධ ව මම පව් කර ඇත්තෙමි. ඔබ හමුවේ දුෂ්ටකම් කළෙමි; ඒ ගැන ඔබ පවසන කල, ඔබ සාධාරණ ය. ඔබ විනිශ්චය කරන කල, ඔබ යුක්ති සහගත ය.
ගීතාවලිය 51:4 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ