1
ගීතාවලිය 103:2
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේ පසසන්න; මගේ එම්බා ජීවය, උන්වහන්සේගෙන් ලද පල ප්‍රයෝජන අමතක නො කරන්න.
සසඳන්න
ගීතාවලිය 103:2 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 103:3-5
ඔබේ සියලු අයුතුකම් කමා කරන්නේ ද ඔබේ සියලු රෝග සුව කරන්නේ ද උන්වහන්සේ ය; ඔබේ ජීවිතය නරාවළෙන් මුදන්නේ ද නොමියෙන ප්‍රේමයේ හා දයාවේ කිරුළ මට පලඳවන්නේ ද උන්වහන්සේ ය; රාජාලියකුගේ සේ ඔබේ යෞවනය යළි පුබුදන පිණිස, යහ දෙයින් ඔබගේ ආශා ඉටු කර දෙන්නේ ද උන්වහන්සේ ය.
ගීතාවලිය 103:3-5 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 103:1
එම්බා මගේ ජීවය, ස්වාමින්වහන්සේ පසසන්න; මා ය කියන සියල්ල උන්වහන්සේගේ ශුද්ධ නාමයට පැසසුම් දෙත්වා.
ගීතාවලිය 103:1 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 103:13
පියකු තම දරුවනට අනුකම්පා කරන සේ, තමන්ට භය පක්ෂපාතවන්නන්ට ස්වාමින්වහන්සේ අනුකම්පා කරන සේක.
ගීතාවලිය 103:13 ගවේෂණය කරන්න
5
ගීතාවලිය 103:12
නැගෙනහිර, බස්නාහිරින් දුරස්ථ ව ඇත්තා සේ, අපේ අපරාධ, උන්වහන්සේ ඒ සා අප වෙතින් දුරු කළ සේක.
ගීතාවලිය 103:12 ගවේෂණය කරන්න
6
ගීතාවලිය 103:8
ස්වාමින්වහන්සේ අනුකම්පා සහගත ය, දයාන්විත ය; වහා නො කිපෙන සුළු ය; නොමියෙන ප්‍රේමයෙන් අපරිමිත ය.
ගීතාවලිය 103:8 ගවේෂණය කරන්න
7
ගීතාවලිය 103:10-11
අපේ පාපවලට දිය යුතු පරිදි, උන්වහන්සේ අපට දඬුවම් කළේ නැත; අපේ අයුතුකම්වලට සුදුසු අනිටු විපාක දුන්නේ ද නැත. මන්ද පොළොවට ඉහළින් අහස උස් ව තිබෙන්නා සේ, උන්වහන්සේට භය පක්ෂපාතී අයට උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය ඒ සා අති මහත් ය.
ගීතාවලිය 103:10-11 ගවේෂණය කරන්න
8
ගීතාවලිය 103:19
ස්වාමින්වහන්සේ තම සිංහාසනය, ස්වර්ගයේ පිහිටූ සේක, උන්වහන්සේගේ රාජ්‍යය සැමට ඉහළින් රජකම් කරයි.
ගීතාවලිය 103:19 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ