ගීතාවලිය 103
103
ගීතාවලිය 103
දාවිත්ගෙනි.
1එම්බා මගේ ජීවය, ස්වාමින්වහන්සේ පසසන්න;
මා ය කියන සියල්ල උන්වහන්සේගේ ශුද්ධ නාමයට පැසසුම් දෙත්වා.
2 ස්වාමින්වහන්සේ පසසන්න; මගේ එම්බා ජීවය,
උන්වහන්සේගෙන් ලද පල ප්‍රයෝජන අමතක නො කරන්න.
3ඔබේ සියලු අයුතුකම් කමා කරන්නේ ද
ඔබේ සියලු රෝග සුව කරන්නේ ද උන්වහන්සේ ය;
4ඔබේ ජීවිතය නරාවළෙන් මුදන්නේ ද
නොමියෙන ප්‍රේමයේ හා දයාවේ කිරුළ මට පලඳවන්නේ ද උන්වහන්සේ ය;
5රාජාලියකුගේ සේ ඔබේ යෞවනය යළි පුබුදන පිණිස,
යහ දෙයින් ඔබගේ ආශා ඉටු කර දෙන්නේ ද උන්වහන්සේ ය.
6පීඩාවට පත් සියල්ලන් උදෙසා,
ස්වාමින්වහන්සේ සාධාරණත්වයත්, යුක්තියත් සලසා දෙන සේක.
7උන්වහන්සේ ස්වකීය මාර්ග මෝසෙස්ට ද
ස්වකීය ක්‍රියා ඉශ්රායෙල් ජනයාට ද පෙන්වා දුන් සේක.
8 ස්වාමින්වහන්සේ අනුකම්පා සහගත ය, දයාන්විත ය;
වහා නො කිපෙන සුළු ය; නොමියෙන ප්‍රේමයෙන් අපරිමිත ය.
9උන්වහන්සේ හැම විට දෝෂාරෝපණ කරන්නේ නැත,
ස්වකීය කෝපය සදහට තබා ගන්නේ නැත;
10අපේ පාපවලට දිය යුතු පරිදි, උන්වහන්සේ අපට දඬුවම් කළේ නැත;
අපේ අයුතුකම්වලට සුදුසු අනිටු විපාක දුන්නේ ද නැත.
11මන්ද පොළොවට ඉහළින් අහස උස් ව තිබෙන්නා සේ,
උන්වහන්සේට භය පක්ෂපාතී අයට උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය ඒ සා අති මහත් ය.
12නැගෙනහිර, බස්නාහිරින් දුරස්ථ ව ඇත්තා සේ,
අපේ අපරාධ, උන්වහන්සේ ඒ සා අප වෙතින් දුරු කළ සේක.
13පියකු තම දරුවනට අනුකම්පා කරන සේ,
තමන්ට භය පක්ෂපාතවන්නන්ට ස්වාමින්වහන්සේ අනුකම්පා කරන සේක.
14මන්ද කෙසේ අප සාදන ලදදැයි උන්වහන්සේ දන්නා සේක,
අප දූවිලි පමණක් වග උන්වහන්සේ සිහි කරන සේක.
15මිනිසාගේ දවස්, තෘණ වැන්න,
ඔහු වැඩෙන්නේ බැද්දේ පිපෙන මලක් වගේ ය.
16මන්ද ඒ මතින් සුළඟ හැමූ කල, එය නැති වී ගොසිනි,
එය තිබූ තැනවත් දැනගත නො හැක.
17එහෙත් ස්වාමින්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදාතනික ව පවතින්නේ,
උන්වහන්සේට භය පක්ෂපාත ඇත්තන් වෙත ය;
උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම, ඔවුන්ගේ දරු පරපුර වෙත ය;
18උන්වහන්සේගේ ගිවිසුම රක්ෂා කරන්නන් හා
උන්වහන්සේගේ ශික්ෂා පිළිපදින්නට මතක තබාගන්නවුන් වෙත ය.
19 ස්වාමින්වහන්සේ තම සිංහාසනය, ස්වර්ගයේ පිහිටූ සේක,
උන්වහන්සේගේ රාජ්‍යය සැමට ඉහළින් රජකම් කරයි.
20 ස්වාමින්වහන්සේ පසසන්න, උන්වහන්සේගේ දේව දූතයිනි,
උන්වහන්සේගේ වචනය ඉටු කරන,
උන්වහන්සේ පවසන වචනයට කීකරු වන බලවන්තයිනි;
21 ස්වාමින්වහන්සේ පසසන්න, උන්වහන්සේගේ අහස් සේනා සියල්ලෙනි;
උන්වහන්සේගේ කැමැත්ත ඉටු කරන උන්වහන්සේගේ සේවකයිනි;
22උන්වහන්සේගේ අණසක යටතේ පවතින උන්වහන්සේගේ මැවිල්ලෙනි.
ස්වාමින්වහන්සේ පසසන්න,
එම්බා මගේ ජීවය, ස්වාමින්වහන්සේ පසසන්න;
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 103: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.