1
හිතෝපදේශ 27:17
සිංහල කාලීන පරිවර්තනය
SCV
යකඩින් යකඩ මුවහත් වන සේ, මිනිසෙක් තවත් මිනිසකු මුවහත් කරයි.
සසඳන්න
හිතෝපදේශ 27:17 ගවේෂණය කරන්න
2
හිතෝපදේශ 27:1
හෙට ගැන පාරට්ටු කර නො ගන්න; මන්ද දවසක් ඇතුළත කුමක් වේ දැයි ඔබ දන්නේ නැති බැවිනි.
හිතෝපදේශ 27:1 ගවේෂණය කරන්න
3
හිතෝපදේශ 27:6
මිතුරකුගේ රිද්දවීම විශ්වාස කටයුතු ය; එහෙත් සතුරකුගේ සිඹීම්වල තොරක් නැත.
හිතෝපදේශ 27:6 ගවේෂණය කරන්න
4
හිතෝපදේශ 27:19
වතුරෙහි මුහුණ ඒ හැටියට ම පිළිබිඹු වන්නා සේ, මිනිස් හදවත මිනිසා ඒ හැටියට ම පිළිබිඹු කරයි.
හිතෝපදේශ 27:19 ගවේෂණය කරන්න
5
හිතෝපදේශ 27:2
වෙන කෙනෙක් ඔබ පැසසුවාදෙන්, ඔබේ මුවින් ඔබ ම පසසා නො ගන්න; ඔබේ ම තොල්වලින් නො ව, අන් කෙනෙක් ඔබ පැසසුවා වේ.
හිතෝපදේශ 27:2 ගවේෂණය කරන්න
6
හිතෝපදේශ 27:5
නො පෙන්වන ප්‍රේමයට වඩා, විවෘත ව කෙරෙන තරවටුව හොඳ ය.
හිතෝපදේශ 27:5 ගවේෂණය කරන්න
7
හිතෝපදේශ 27:15
දබරයට බර බිරිඳ, වැසි දවසක නො නැවතී හැලෙන පොද වැස්ස වැන්න.
හිතෝපදේශ 27:15 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ