හිතෝපදේශ 27
27
1හෙට ගැන පාරට්ටු කර නො ගන්න;
මන්ද දවසක් ඇතුළත කුමක් වේ දැයි ඔබ දන්නේ නැති බැවිනි.
2වෙන කෙනෙක් ඔබ පැසසුවාදෙන්, ඔබේ මුවින් ඔබ ම පසසා නො ගන්න;
ඔබේ ම තොල්වලින් නො ව, අන් කෙනෙක් ඔබ පැසසුවා වේ.
3ගල් බර ය, වැලිත් බර ය;
එහෙත් අඥානයකුගේ කුපිත කරවීම ඒ දෙකට ම වඩා බර ය.
4කෝපය කුරිරු ය, උදහස රුදුරු ය;
එහෙත් ඊර්ෂ්‍යාව ඉදිරියේ සිටගත හැක්කේ කවරකුට ද?
5නො පෙන්වන ප්‍රේමයට වඩා,
විවෘත ව කෙරෙන තරවටුව හොඳ ය.
6මිතුරකුගේ රිද්දවීම විශ්වාස කටයුතු ය;
එහෙත් සතුරකුගේ සිඹීම්වල තොරක් නැත.
7කෑමෙන් තෘප්තිමත් වූ අයට මී-පැණිත් අප්‍රිය ය;
එහෙත් සා-ගින්දර ඇති අයට තිත්ත අහර ද මිහිරි ය.
8තම ගෙදර හැර යන මිනිසා,
තම කැදැල්ල හැර යන කුරුල්ලකුට සමාන ය.
9සුවඳ විලවුන් හා සුවඳ දුම් හදවතට ප්‍රීතියකි;
මිතුරකුගේ ප්‍රිය මනාපය ඉස්මතු වන්නේ
ළබැඳි උපදෙසින් ය.
10ඔබේ මිතුරා ද ඔබේ පියාගේ මිතුරා ද අත් නාරින්න;
ඔබේ විපත්තියේදී ඔබේ සහෝදරයාගේ නිවසට නො යන්න.
දුර ඈත සිටින සහෝදරයකුට වඩා ළඟ සිටින අසල්වැසියා අගේ ය.
11මා පුත, ප්‍රඥාවත් ව මගේ හදවත ප්‍රීතිමත් කරන්න;
එවිට අවඥාවෙන් මට සලකන අයට නිසි පිළිතුරු දෙන්නට මට පුළුවන.
12නුවණක්කාරයා අනතුර දැක, රැකවරණයක් ලබයි;
එහෙත් අනුවණයා ඊට මුහුණ පා, දුක් කරදර විඳවයි.
13නො දන්නා කෙනකුට ඇපවන්නකුගේ සළුව ගන්න;
වෙසඟනක් සඳහා ඔහු එය කරන්නේ නම්, එය ඇපයක් වශයෙන් තබා ගන්න.
14යමෙක් අරුණ උදයෙන් නැගිට මහ හඬ නගා තම අසල්වැසියාට ආශිර්වාද කරන්නේ නම්,
එය ඔහුට ශාපයක් කොට ගණන් ගැනේ.
15දබරයට බර බිරිඳ,
වැසි දවසක නො නැවතී හැලෙන පොද වැස්ස වැන්න.
16ඇය මැඩපැවැත්විය හැකි නම්, සුළඟ ද මැඩපැවැත්විය හැකි ය;
තෙල් අහුරක් අතින් ගත හැකි ය.
17යකඩින් යකඩ මුවහත් වන සේ,
මිනිසෙක් තවත් මිනිසකු මුවහත් කරයි.
18අත්තික්කා ගසක් රැක බලාගන්නා එහි පල කන්නේ ය;
තම ස්වාමියා ගැන සලකන්නා ගෞරවය ලබන්නේ ය.
19වතුරෙහි මුහුණ ඒ හැටියට ම පිළිබිඹු වන්නා සේ,
මිනිස් හදවත මිනිසා ඒ හැටියට ම පිළිබිඹු කරයි.
20ෂෙයෝලය#27:20 පාතාලය හෙවත් මළවුන්ගේ ස්ථානය ද අබද්දොන්#27:20 අබද්දොන් එනම් විනාශය ද කිසි කල තෘප්තියට නො පැමිණේ;
මිනිස් ඇස ද කිසි කල තෘප්තියට නො පැමිණේ.
21රිදී පවිත්‍ර කිරීමට කෝව ද රත්රන්වලට උදුන ද වේ;
එහෙත් මිනිසා පරීක්ෂා කරනු ලබන්නේ ඔහුට ලැබෙන ප්රශංසාවලිනි.
22අඥානයකු වංගෙඩියේ දමා,
ධාන්‍ය කොටන්නාක් මෙන් මෝලෙන් කෙටුවත්,
මෝඩකම ඔහුගෙන් පහ කළ නො හැක.
23ඔබේ ගව රැළේ තත්වය මැනවින් දැනගන්න,
ඔබේ එළු බැටළු රැළ හොඳින් බලා ගන්න;
24මන්ද ධන සම්පත් සදහට ම නො පවතී,
රජ කිරුළ ද පරපුරින් පරපුරට නො පවතී.
25වියළි තෘණ ඉවත් කරනු ලැබූ කල, අලුත් තණපත් දළුලයි;
කඳු හෙල්වලින් හරිත පලා රැස් කරනු ලබයි;
26එවිට බැටළු පැටවුන්ගෙන් ඔබට ඇඳුම් සැපයේ;
කෙත් වතුවල මිල ගෙවන්නට එළුවෝ සිටිති.
27ඔබගේත්, ඔබේ නිවැසියන්ගේත් පෝෂණයට ද
ඔබේ සේවිකාවන්ගේ නඩත්තුවට ද ඇති තරම් එළු කිරි ලැබේ.
දැනට තෝරාගෙන ඇත:
හිතෝපදේශ 27: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.