1
පිලිප්පි 4:6
සිංහල කාලීන පරිවර්තනය
SCV
කිසි දෙයක් ගැන කනස්සලු නො වී, හැම දෙයකදී ම යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් යුතු ව, ස්තුති කරමින්, ඔබේ ඉල්ලීම් දෙවියන්වහන්සේ වෙත පිළිගන්වන්න.
සසඳන්න
පිලිප්පි 4:6 ගවේෂණය කරන්න
2
පිලිප්පි 4:7
එවිට, සියලු අවබෝධ ඉක්මවා යන දෙවියන්වහන්සේගේ සාමය, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඔබගේ හදවත් ද ඔබගේ මනස ද ආරක්ෂා කරනු ඇත.
පිලිප්පි 4:7 ගවේෂණය කරන්න
3
පිලිප්පි 4:8
අවසන් වශයෙන් සහෝදරයිනි, සත්‍ය දේ කවරේ ද උදාර දේ කවරේ ද නිවැරදි දේ කවරේ ද පවිත්‍ර දේ කවරේ ද මනහර දේ කවරේ ද අගේ කළ යුතු දේ කවරේ ද එය විශිෂ්ට නම්, ප්‍රශංසනීය නම් ඒ දෑ ගැන සිත් යොමන්න.
පිලිප්පි 4:8 ගවේෂණය කරන්න
4
පිලිප්පි 4:13
මා ශක්තිමත් කරන ක්‍රිස්තුස්වහන්සේ තුළ හැම දෙයක් ම කරන්නට මට පුළුවන.
පිලිප්පි 4:13 ගවේෂණය කරන්න
5
පිලිප්පි 4:4
ස්වාමින්වහන්සේ තුළ නිතර ප්‍රීති වන්න. මම නැවත එය ම කියමි: ප්‍රීති වන්න!
පිලිප්පි 4:4 ගවේෂණය කරන්න
6
පිලිප්පි 4:19
මගේ දෙවියන්වහන්සේ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ උන්වහන්සේගේ තේජසේ ඉසුරුමත් භාවයේ ප්‍රකාරයට ඔබගේ සියලු අවශ්‍යතා සපුරන සේක.
පිලිප්පි 4:19 ගවේෂණය කරන්න
7
පිලිප්පි 4:9
ඔබ කවරක් මගෙන් උගත්තේ ද කවරක් මගෙන් ලැබුවේ ද ඇසුවේ ද කවරක් මා තුළ දුටුවේ ද ඒවා ක්‍රියාවට නගන්න. එවිට සාමයේ දෙවියන්වහන්සේ ඔබ සමඟ වන සේක.
පිලිප්පි 4:9 ගවේෂණය කරන්න
8
පිලිප්පි 4:5
ඔබගේ ගුණ යහපත්කම හැම දෙනාට ම පෙනේවා! ස්වාමින්වහන්සේ ළං ව සිටින සේක
පිලිප්පි 4:5 ගවේෂණය කරන්න
9
පිලිප්පි 4:12
අග හිඟ ඇති ව සිටීම කවරේ ද යස ඉසුරු ඇති ව සිටීම කවරේ ද යන්න මම දනිමි. කුස පිරී සිටිය ද කුස ගිනි ව සිටිය ද සරු සාර ව හෝ අග හිඟ ව දිවි ගෙවුව ද ඒ කවර විටෙකදී වුව, සෑහී-පෑහී සිටීමේ රහස මම ඉගෙන සිටිමි.
පිලිප්පි 4:12 ගවේෂණය කරන්න
10
පිලිප්පි 4:11
මට අවශ්‍යතාවක් ඇති නිසා මෙසේ කියනවා නො වේ. මන්ද කවර තත්වයකදී වුව, ලද දෙයින් සෑහීමට මම උගෙන සිටිමි.
පිලිප්පි 4:11 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ